#newstube

  • තහනම ඉවතට; "රිවර්ස්ටන්" අද සිට කේරළ තිරයේ..

    ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතා මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි

  • තහනම් කළ ආයතනයකට මෙම ඇණවුම් ලබා දුන්නේ ඇයි? - වෛද්‍ය ගිෂාන්ත විමසයි

    මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Ondansetron නමැති ඖෂධය ගෙන්වා ඇත්තේ 2011 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරුදු 5කට තහනම් කළ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයෙන් යැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

  • තහනම් නියෝග අකුලපු එජාපය

    සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.

    සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

  • තහනම් වු විසිතුරු මසුන්

    ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීම හේතුවෙන් විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

    තහනම් කරන මසුන් වර්ග 
    නයිෆ්
    රෙඩ්ලයින් ස්නේක් හෙඩ්
    ඇලිගේටර්
    පිරානා , යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේය.

    එතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසයි.

  • ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පතට මහජන අදහස් විමසීම අරඹයි

    ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ජනමාධ්‍යවේදීන්ගෙ විරෝධය

    මේ වනවිට ක්‍රියාත්මක ත්‍රස්තවදය වැළැක්වීමේ පනත අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මගින් දැනට අසම්පූර්ණ වශයෙන් හෝ රට තුළ ආරක්ෂා වී ඇති ප්‍රජාතාන්ත්‍රවාදය අහෝසි වී යනු ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි .

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද...?

    ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.

  • ත්‍රස්තවාදීන් ගේ ගීත කලාව

    ජවිපෙ ක්‍රම විරෝධි අරගලයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සමාජ ව්‍යාපාරයකි. 

  • ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කුඩා වැව් පද්ධති දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි ගොඩනගයි

    ශ්‍රී ලංකාවේ කුඩා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල ජල ඵලදායිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 1.33ක නව ව්‍යාපෘතියක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත. 

  • ත්‍රී වීල් කාරයෝ සහ ඌබරයෝ

    එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?

  • තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.

    වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.


  • තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක ආධාර

    "Ditwah" සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා තායිලන්ත රාජකීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක දායකත්වයක් ලැබී තිබේ.

  • තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

    තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.

  • තාවකාලිකව අත්හිට වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජන ක්‍රියාවලිය යළිත්...

    මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් සහ රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.

  • තිරයේ පෙම් යුවළ සැබෑ ජීවිතයේ දී ද එකතු වෙති

    ඔන්න ඉතින් කාලයක් තිස්සේ ඉන්දීය සිනමා ලෝලීන් කුතුහලයෙන් බලා සිටි ඒ සුබ ආරංචිය නිල වශයෙන්ම ලැබී තිබෙනවා.

  • තිස් තුන් කෝටියක් ගිණුමට බැර කරගත් ලොකු පැටී යළි රිමාන්ඩ්

    තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29)  නියෝග කළේය.

  • තිස්ස කුට්ටි ආයෙත් කට වරද්දා ගෙන !

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි  හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.

    විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

    මීට ආසන්නතම හේතුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි  විසින් අනුරාධපුරයේ පැවැති මහජන රැස්වීමකදී පළ කළ අදහසක්.

    එහිදී ඔහු පවසා තිබුණේ නාමල් රාජපක්ෂ  රටේ ජනාධිපති වූ විට තමන් නිල නොවන ජනාධිපති වන බවයි.

  • තුම්මුල්ලේ ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට UDA අනුමැතිය දීම සැක කටයුතුයි !

    ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ මහජනතාව විසින් දක්වන ලද විරෝධයක් නොතකා හරිමින්, කොළඹ 05, තුම්මුල්ල හි ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට  
    නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා අනුමැතියක් ලබා දී ඇතැයි වාර්තාවේ.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු අනාවරණය විය.

    1. අනුමැතිය ලබාදී ඇති ඉඩම නාගරික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැලසුම් රෙගුසිවලට අනුව විශේෂ නේවාසික කලාපයට සහ  මධ්‍ය ඝනත්ව  සංවර්ධන කලාපයට අයත්වීම.

    2. එම කලාප දෙකට අයත් ඉඩමක් එකතු කර මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් රෙගුලාසිවලට අනුව අනුමැතිය ලබාදීම.

    3. ඉඩමේ මුහුණත පළල මීටර් 30 වඩා වැඩ විය යුතු වුවත්  අදාළ ඉඩමේ මුහුණත පළල මීටර් 30 අඩුව තිබියදී එය මීටර් 40 සේ සලකා අනුමැතිය ලබාදීම.

    4. තව ද මෙම අනුමැතිය ලබාදීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි පැහැදිලි ලෙස උල්ලංඝනය වී ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ සැලසුම් අනුමැතිය ලබාදී දිනක් ගතවීමෙන් පසු පුද්ගලික සමාගමක් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විෂය භාර ඇමතිවරයා ද සහභාගිවීම ය.

    පවතින රෙගුලාසි සහ සැලසුම් ප්‍රකාර අනුව ලබාදිය හැකි උපරිම උස මීටර් 50  වන අවස්ථාවක මීටර් 130ක උසක් ලබාදීම සහ විශේෂ නේවාසික සංවර්ධන කලාපයේ පවතින නීති රෙගුලාසිංගුලංගනය වීම යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනයක් කිරීම අතිශයින්ම වැදගත් හා හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙකු මෙවැනි පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත්වී අනුමැතිය ලබාදීම පිටුපස වංචා සහ දුෂණ ගනුදෙනු සිදුවී ඇතැයි ලැබී පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි

  • තුර්කි ගුවන් හමුදාවේ යානයක් කඩා වැටෙයි: නියමුවා ජීවිතක්ෂයට

    බටහිර තුර්කියේ දී අද (25) අලුයම සිදු වූ දරුණු ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම අනතුරෙන් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

  • තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

    තුර්කි ජනාධිපති රෙසිප් තෙයිප් එර්දොවාන් සිදුකළ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව, නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ අකීන් ගුර්ලෙක් (Akın Gürlek) දිවුරුම් දීමට සූදානම් වූ අවස්ථාවේදී තුර්කි පාර්ලිමේන්තුව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගුටි බැට හුවමාරුවක් ඇති විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න