#newstube

  • ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කුඩා වැව් පද්ධති දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි ගොඩනගයි

    ශ්‍රී ලංකාවේ කුඩා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල ජල ඵලදායිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 1.33ක නව ව්‍යාපෘතියක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත. 

  • ත්‍රී වීල් කාරයෝ සහ ඌබරයෝ

    එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?

  • තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.

    වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.


  • තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක ආධාර

    "Ditwah" සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා තායිලන්ත රාජකීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක දායකත්වයක් ලැබී තිබේ.

  • තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

    තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.

  • තාවකාලිකව අත්හිට වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජන ක්‍රියාවලිය යළිත්...

    මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් සහ රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.

  • තිරයේ පෙම් යුවළ සැබෑ ජීවිතයේ දී ද එකතු වෙති

    ඔන්න ඉතින් කාලයක් තිස්සේ ඉන්දීය සිනමා ලෝලීන් කුතුහලයෙන් බලා සිටි ඒ සුබ ආරංචිය නිල වශයෙන්ම ලැබී තිබෙනවා.

  • තිස් තුන් කෝටියක් ගිණුමට බැර කරගත් ලොකු පැටී යළි රිමාන්ඩ්

    තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව මුදල් විශුද්ධිකරණ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (29)  නියෝග කළේය.

  • තිස්පස් වසරක ලෝක අර්බුදයට වගකිව යුත්තේ කවුද...? - Ideas front වීඩියෝවක්

    වර්තමානයේ ගෝලීය මට්ටමෙන් පැන නැගී ඇති සියලු ප්‍රශ්න පැන නැගී ඇත්තේ වසර 35ක පමණ කාලයක් ඇමරිකාව විසින් ලෝකල පාලන කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • තිස්ස කුට්ටි ආයෙත් කට වරද්දා ගෙන !

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි  හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වනවා.

    විශේෂයෙන්ම, ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

    මීට ආසන්නතම හේතුව වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි  විසින් අනුරාධපුරයේ පැවැති මහජන රැස්වීමකදී පළ කළ අදහසක්.

    එහිදී ඔහු පවසා තිබුණේ නාමල් රාජපක්ෂ  රටේ ජනාධිපති වූ විට තමන් නිල නොවන ජනාධිපති වන බවයි.

  • තුම්මුල්ලේ ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට UDA අනුමැතිය දීම සැක කටයුතුයි !

    ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ මහජනතාව විසින් දක්වන ලද විරෝධයක් නොතකා හරිමින්, කොළඹ 05, තුම්මුල්ල හි ඉඳිකරනු ලබන අධි උස නිවාස ව්‍යාපෘතියට  
    නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා අනුමැතියක් ලබා දී ඇතැයි වාර්තාවේ.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී පහත කරුණු අනාවරණය විය.

    1. අනුමැතිය ලබාදී ඇති ඉඩම නාගරික අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති සැලසුම් රෙගුසිවලට අනුව විශේෂ නේවාසික කලාපයට සහ  මධ්‍ය ඝනත්ව  සංවර්ධන කලාපයට අයත්වීම.

    2. එම කලාප දෙකට අයත් ඉඩමක් එකතු කර මිශ්‍ර සංවර්ධන කලාපයට අයත් රෙගුලාසිවලට අනුව අනුමැතිය ලබාදීම.

    3. ඉඩමේ මුහුණත පළල මීටර් 30 වඩා වැඩ විය යුතු වුවත්  අදාළ ඉඩමේ මුහුණත පළල මීටර් 30 අඩුව තිබියදී එය මීටර් 40 සේ සලකා අනුමැතිය ලබාදීම.

    4. තව ද මෙම අනුමැතිය ලබාදීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි පැහැදිලි ලෙස උල්ලංඝනය වී ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ සැලසුම් අනුමැතිය ලබාදී දිනක් ගතවීමෙන් පසු පුද්ගලික සමාගමක් විසින් කරනු ලැබූ ඉල්ලීමට අනුව ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විෂය භාර ඇමතිවරයා ද සහභාගිවීම ය.

    පවතින රෙගුලාසි සහ සැලසුම් ප්‍රකාර අනුව ලබාදිය හැකි උපරිම උස මීටර් 50  වන අවස්ථාවක මීටර් 130ක උසක් ලබාදීම සහ විශේෂ නේවාසික සංවර්ධන කලාපයේ පවතින නීති රෙගුලාසිංගුලංගනය වීම යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනයක් කිරීම අතිශයින්ම වැදගත් හා හදිසි කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කෙකු මෙවැනි පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලිකව මැදිහත්වී අනුමැතිය ලබාදීම පිටුපස වංචා සහ දුෂණ ගනුදෙනු සිදුවී ඇතැයි ලැබී පැමිණිලි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි

  • තුර්කි ගුවන් හමුදාවේ යානයක් කඩා වැටෙයි: නියමුවා ජීවිතක්ෂයට

    බටහිර තුර්කියේ දී අද (25) අලුයම සිදු වූ දරුණු ගුවන් අනතුරකින් තුර්කි ගුවන් හමුදාවට අයත් F-16 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව එරට ආරක්ෂක අංශ තහවුරු කරයි. මෙම අනතුරෙන් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.

  • තුර්කි පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

    තුර්කි ජනාධිපති රෙසිප් තෙයිප් එර්දොවාන් සිදුකළ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයකින් පසුව, නව අධිකරණ අමාත්‍යවරයා ලෙස පත් කළ අකීන් ගුර්ලෙක් (Akın Gürlek) දිවුරුම් දීමට සූදානම් වූ අවස්ථාවේදී තුර්කි පාර්ලිමේන්තුව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ගුටි බැට හුවමාරුවක් ඇති විය.

  • තුර්කි යානයක් ජෝර්ජියාවෙදී කඩා වැටේ

    ජෝර්ජියාවේ ඊයේ (11) ගුවන් අනතුරක් සිදු විය.

  • තුසිත හල්ලොලුවට ඇප හිමි වෙයි

    පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

    සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා නියම කර ඇත්තේ ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

    තුසිත හල්ලොලුව තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

  • තෙල් මිල වැඩි කළේ IOC, සිනොපෙක් බඳු පෞද්ගලික සමාගම්වලට අධික ලාභයක් උපයා දෙන්න ද...? - පෙසපෙ විමසයි

    ආණ්ඩුව මේ ආකාරයට තෙල් මිල වැඩි කළේ IOC, සිනොපෙක් බඳු පෞදගලික සමාගම්වලට අධික ලාභයක් සපයා ගන්නට ඉඩ හැරීම දැයි සැකයක් පවතින බැවින් මෙලෙස තෙල් මිල වැඩි කළේ කුමන හේතුවක් මත දැයි පැහැදිලි කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • තෙල් මිල වැඩි වීමත් සමග සමස්ත ජනතාව ම බරපතළ ගැටලුවකට මුහුණ දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තෙල් මිල වැඩි වීමත් සමග ජනතාව තුළ අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය වී ජීවත් වීමේ ගැටලුවට සමස්ත ජනතාවම මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • තෙල් මිලට සමාන්තරව ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ දැමීමේ සූදානමක්!  

    රජය විසින් ඉහළ දමන ලද පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
  • තෙල් සහ තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි

    ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.

  • තෙල් සහනය උග්‍ර පොහොසතුන්ට නොදී සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව: සුදුස්සන්ට, අතිමහත් බහුතරයට මේ තෙල් සහනය ලබා දිය යුතු බවත්, කෝටි ප්‍රකෝටිපතියන්ට, උග්‍ර පොහොසතුන්ට මේ තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත්, මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දීමට රජය මුල පිරිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න