මුන්නේෂ්වරම් කෝවිලට ගොස් පැමිනි පිරිසක් දැදුරු ඔයේ දිය නැමට ගොස් දියේ ගිලී තිබෙනවා.
'දිට්වා' සුළි කුණාටුව සමග ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් හානිවූ ජල යෝජනා ක්‍රම 156 කින් 120ක් යථා තත්ත්වයට පත් කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමය තුළ ඇමරිකානු යුගය අවසන් යැයි මහාචාර්ය ටියුඩර් වීරසිංහ පැවසී ය.
මේ මොහොතේ ලංකාවේ පාලක පක්ෂයම ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
සෝමිදරන් කියන්නේ යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ ඛේදවාචකය ගැන මුලින්ම වාර්තා චිත්‍රපටයක් කළ සිනමාවේදියා.
දිගු කාලයක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් ඊශ්‍රායලය ගාසා නගරයට දියත් කර ඇත.
හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රාත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
හමාස් සංවිධානය පවසන්නේ ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.
ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බවයි.
නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට කඩාවැදුණු 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නාය යෑම් නිසා මෙරට රැකියා නියුක්තිකයන් 374,000කට පමණ සිය ජීවනෝපාය අහිමි වී හෝ දැඩි බලපෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් 200කට පමණ ජීවත් වීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් නිවාස ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. ඒ. පී. ධනසූරිය පැවසී ය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දිට්වා ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට තවමත් විධිමත් ලෙස සහන ලබා දෙන චක්‍රලේඛ හා රෙගුලාසි පවා සකස් කරන්න රජයට නොහැකි වී ඇති බැවින් එම ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පසුගිය වසරේ අප රට මුහුණ දුන් දරුණු ස්වභාවික ව්‍යසනය, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සිසු දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.
දිට්වා සුළ කුණාටුවේ අත්දැකීම් 03වන සැසිය 'සුළිසුළඟට පසුව' යන මැයෙන් මාර්තු 04 (අද) සවස 03. 45ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරින් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර පවසයි.
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළගොස් තිබේ.
දින ගණනාවක් පුරා ගෑස් හිඟයක් පවතින බැවින් පාරිභෝගිකයා අසරණ වී, ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත්, ගෑස් හිඟයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
දිලිත් ජයවීර මේ කතාව කියන්නේ අද ඊයේක ඉඳන් නෙවෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික ගුරු සමුළුව අමතමින් අධ්‍යාපන ප්‍රතිංස්කරණ පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිණුමෙහි සටහනක් තබා තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙරට ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ වර්ධනයට ආපසු හැරවිය නොහැකි ලෙස හානි කළ හැකි ප්‍රතිපත්තිමය පියවරක් පිළිබඳව සිදු කරන නිරන්තර විවේචනයන්ට, ජනාධිපතිවරයා සවන් දීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කරන බවය.
එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ බොහෝ විධිවිධාන මෙරට ස්වාධීනත්වයට සහ වටිනාකම් පද්ධතියට බටහිරයන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව හෙළි කරන බවද එහි සඳහන් වේ.
ලාංකීය අනන්‍යතාවය ගොඩනඟන ශිෂ්ටාචාරමය වටිනාකම්, විශේෂයෙන් ගුරුවරුන් විසින් ඉටු කරන පරාර්ථකාමී භූමිකාව, සම්මුතියකට නොගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳව ද අප පැහැදිලි විය යුතු බව එම X සටහනේ වැඩිදුරටත් සඳහන් වෙයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් වොල්වොහම්ප්ටන් සරසවිය පෞද්ගලික සරසවියක් යැයි කීම සම්පූර්ණ බොරුවක් යැයි ප්‍රවීණ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග පැවසී ය.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් පසුගිය අයවැය තුළ අන්තර්ගත නොවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවක් සහ විරෝධතාවක් ඇති වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටින ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවා ය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) දිනයේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

