#newstube

  • දිවියට සමු දුන් අමෙරිකානු රංගන පුරාවෘත්තය

    අමෙරිකානු රංගන පුරාවෘත්තයක් වන සුපිරි හොලිවුඩ් නළු රොබට් රෙඩ්ෆර්ඩ් අභාවප්‍රාප්ත වී ඇත.

    මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවු විය.

    Butch Cassidy, the Sundance Kid.. වැනි 70 දශකයේ නිර්මාණය වූ ඇමරිකානු චිත්‍රපට හරහා ඔහු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් වූවා.

    රෙඩ්ෆර්ඩ් ඊයේ (16) අමෙරිකාවේ, සන්ඩාන්ස් හි යූටා කඳුකරයේ තිබු ඔහුගේ නිවසේදී මිය ගිය බව වාර්තා වෙයි.

    රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුද වූ ඔහු විසින් 1980 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ ‘Ordinary People’ චිත්‍රපටය 1981 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විශාලතම ස්වාධින චිත්‍රපට උළෙල ලෙස සැළකෙන උටාහි Sundance චිත්‍රපට උළෙල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද රෙඩ්ෆර්ඩ් ප්‍රසිද්ධ විය.

    2018 දී රෙඩ්ෆර්ඩ් රංගනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළ අතර, 2016 දී ඔහු "රංගනයෙන් වෙහෙසට පත්ව සිටින" බව සදහන් කොට තිබෙනවා.

  • දිවුලපිටිය සහ මීරිගම NPP නියෝජිතයෝ පුත්තලම දිස්ත්‍රික්කයේ දින තුනක ශ්‍රමදානයක්

    දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ මත වැව ප්‍රදේශය හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, ජාතික ජන බලවේගයේ දිවුලපිටිය සහ මිරිගම ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි විශාල පිරිසක් දින තුනක ශ්‍රමදානයක් සංවිධානය ඇත.

  • දිස්ත්‍රික් 14ක ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානය

    ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

  • දිස්ත්‍රික් Rank අංක 03 කතාව ඇත්තක් ද? - නව ජනතා පෙරමුණ, ඇමති වසන්තගේ අධ්‍යාපන සුදුසුකම් විමසයි

    වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සත්‍ය අසත්‍යතාවය විමසමින් නව ජනතා පෙරමුණ විසින් විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු නිළධාරි වෙත අද දින ලිපියක් බාරදී ඇත.

    2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධි විධාන අනුව එම ඉල්ලීම කර තිබේ.

    මෙම අවස්ථාවට නව ජනතා පෙරමුණ පක්ෂ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම හිමි, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, මූල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර, කොලොන්නාව ප්‍රධාන ආසන සංවිධායක අජිත් කුමාර හා කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ සහභාගී වී සිටියේය.


    වසන්ත ජ'පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයට නොගියේ ඇයි ?


    ලිපිය බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එම පක්ෂයේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ, පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේ දී රූපවාහිනි වැඩසටහන් වලදී මෙන්ම දේශපාලන වේදිකාවන් හි දී ද දිගින් දිගටම වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාව හරහා 1995 වර්ෂයේ දී අපොස උ.පෙළ විභාගය දිස්ත්‍රික් Rank අංක 03 ලෙස ලබා ගෙන සමත්ව කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත්ව කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා ගිය බවය.

     



    නමුත් අප දන්නා පරිදි වර්ෂ 1995,1996,1997,1998 වැනි කාල වලදී උතුරු මැද පළාතේ අනුරාධපුර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් Rank අංක 01,02,03,04,05 ලබා ගත් ඉහල පිරිස් යන්නේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයටය.

     

     

    ඒ නිසා අපි අද දින විභාග කොමසාරිස්තුමාගෙන් විමසා සිටියේ වසන්ත සමරසිංහ  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අපොස උ.පෙළ සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගෙන තිබේද? එය එසේ නම් ඔහු දිස්ත්‍රික් Rank 03 ලබා ගෙන සමත් වූවාද ? යන්නයි.



    කැලණියට ගියේ දේශපාලනය කරන්නද ?

    විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ රටට ප්‍රකාශ කර සිටියේ ජනතාව මේ ගෙවන්නේ 75 වසරක ශාපය බවයි. මීට වසර 75 කට ප්‍රථම මේ රට පාලනය කල පිරිස හොරු, වංචා කාරයින් බව තමයි දිගින් දිගටම පැවසුවේ. ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම මාලිමා ආණ්ඩුවේ ඉන්නේ සුජාත පිරිස් බවයි ඔවුන් පැවසුවේ. ඔවුන් රටට බොරු කරන් නැති වංචා කාරයින් නොමැති දුෂණය නොමැති දේශපාලන ව්‍යාපාරයක් බවයි රටට ප්‍රකාශ කර සිටියේ.

     

    ඒ නිසා වසන්ත සමරසිංහට අපි අභියෝග කරනවා ඔබතුමා රටට කියලා තියෙන්නේ ඇත්ත නම් ඒ පිළිබඳව සාක්ෂී සහිතව පෙන්නුම් කරන්න කියලා. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල අපේක්ෂකයෙකුට කැමැත්ත පරිදි අංක 1,2,3 ලෙස විශ්ව විද්‍යාල තුනක් නම් කරන්න පුළුවන්. දිස්ත්‍රික් Rank එක අංක 03 ඔහු ලබා ගෙන තිබුනේ නම් නියත වශයෙන්ම ඔහුට ලැබී තිබිය යුත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරේ වැඩ බාර ගැනීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඔබතුමන් එව්වද කියලා අපිට පැහැදිලි සැකයක් පවතිනවා.

     

    මෙම අභියෝගය දුටු පසු අපි බලාපාරොත්තු වෙනවා අමාත්‍ය වසන්ත සමරසිංහ තම උසස් පෙල ප්‍රතිඵල ලේඛනය ද අතැතිව රටට සත්‍ය හෙළි කරාවි කියලා.
    වසන්ත සමරසිංහව කැළණිය විශ්ව විද්‍යාලයට ජනතා විමුක්ති පෙරමුණ විසින් තෝරා පත් කර යවා ඇති නම් ඔවුන් විසින් සිදු කර තිබෙන්නේ දේශපාලනය කිරීම සඳහා වසන්ත සමරසිංහ පාචිච්චි කරපු එක. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවීම සඳහා තමයි එතුමාව කැළණිය විශ්ව විද්‍යාලයට එව්වේ. එසේ නම් අපි කැළණියේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින්ට කියන්න කැමති මෙතුමා ආවේ දේශපාලනය කරන්න. ශිෂ්‍ය සංගම් කරන්න ජවිපෙ වපුරන්න. ජනතා විමුක්ති පෙරමුණ වපුරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පාරට ගෙනල්ලා , ශිෂ්‍ය අයිතිවාසිකම් නැති කරලා නිදහස් අධ්‍යාපන අයිතීන් නැති කරලා සමහර ශිෂ්‍යයින්ගේ පන්ති තහනම් කරලා උපාධිය අහිමි කරන්න තරම් නායකත්වයක් දෙන්න තමයි වසන්ත සමරසිංහ විශ්ව විද්‍යාලයට ඇවිත් තියෙන්නේ.


    ''තව දුරටත් ඔවුන්ට මේ රටේ බොරු වපුරන්න ඉඩ තියන්නේ නෑ''


    ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා විභාග කොමසාරිස්තුමාගෙන් ගරු වෙළඳ අමාත්‍ය වසන්න සමරසිංහ  සම්බන්ධව අපි ඉල්ලා තිබෙන තොරතුරු පිළිබඳ සත්‍ය/ අසත්‍යතාවය හැකි ඉක්මනින් අප වෙත දන්වා එවන්න. ඒ සම්බන්ධව පිළිතුරු ලැබෙන තුරු අපි අවධානයෙන් ඉන්නවා.

    ඒ වගේම මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට, ඔවුන්ගේ අහිංසක දෙමව්පියන්ට මේ රටේ සමස්ත ජනතාවට අපි කියන්න කැමතියි, කරුණාකරලා මේ ජනතා විමුක්ති පෙරමුණේ , මාලිමා ආණ්ඩුවේ දෙබඩි පිලිවෙත පිළිබඳව අවධානයෙන් ඉන්න. මොවුන් දිගින් දිගටම රටට බොරු කරනවා. අපි ඒ බොරු තව දුරටත් ඔවුන්ට මේ රටේ වපුරන්න ඉඩ තියන්නේ නෑ කියලා නව ජනතා පෙරමුණ ලෙස ප්‍රකාශ කර සිටිනවා.


     

     

  • දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීමේ සිහිනය බොද කරමින් නිදි යාහනේදී අවසන් ගමන් ගිය සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් ඇත.
  • දිස්ත්‍රික්ක 03ක පුද්ගල මරණ 123ක්, අතුරුදන් සංඛ්‍යාව 100 ඉක්මවයි

    දිවයිනට බලපා තිබෙන දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පමණක් පුද්ගල මරණ 90ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු පවසති.

  • දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක ජනතාවට ඉවත් වන්නැයි රතු නිවේදන

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

  • දීපචෙල්වන් ගේ (පමණක් නොව) ලිවීමේ නිදහස වෙනුවෙන් පෙළ ගැසෙමු

    රේගු භාරයේ රඳවා ගෙන ඇති ලේඛක දීපචෙල්වන් ගේ කෘති නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් 2026.04.17 දින සංස්කෘතික අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක් වූ සහ ඔහු වෙනුවෙන් එහි රැස්වූ ලේඛක / සමාජ ක්‍රියාකාරීන් ගේ ස්ථාවරය.

  • දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

    ලේඛක දිපචෙල්වන් ගේ කෘති පිළිබඳව වගකීම පවතින්නේ ශ්‍රී ලංකා රේගුව අත බවත්,

  • දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?

    ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබීම පිළිබඳව අපි ලියූවෙමු; අනතුරුව සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි මීට මැදිහත් වූ බව දන්වමින් නිකුත් කළ සටහනක් ද අපි පළ කළෙමු.

  • දීපචෙල්වන් ගේ පොත් නිදහස් කිරීම අපිට අයිති කටයුත්තක් නොවේ - සංස්කෘතික ඇමති

    දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ සිද්ධියේ බෝලය පාස් කිරීම මේ වන විට ජනාධිපති ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශය වෙතට තල්ලු වී ඇති බව දක්නට ඇත.

  • දීපචෙල්වන් ගේ සාහිත්‍ය රාජ්‍යයට අකැප ද...? – (වීඩියෝ)

    ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගන්නා ලද දීපචෙල්වන් ලේඛකයා ගේ සාහිත්‍ය කෘති තොගය නිදහස් කිරිමට රාජ්‍ය මෙතෙක් අසමත් වී තිබෙනවා.

  • දීපචෙල්වන් ප්‍රදීපන් ගේ පොත් පහ සහ බය නැති ආණ්ඩුව

    ලියන කියවන, සමාජ මාධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනෙකු දන්නා දමිළ ලේඛකයකු වන දීපචෙල්වම්ගේ පොත් පහක පිටපත් තුන්සිය හැටක් රේගුව විසින් රඳවාගෙන ඇත.

  • දීපචෙල්වන් සිද්ධිය සහ ඉන් ඔබ්බට...

    ලේඛක දීපචෙල්වන් ගේ කෘති කිහිපයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගැනීම සම්බන්ධයෙන් මතු වී ඇත්තේ බොහෝ ඝෝෂාකාරී කතාබහකි.

  • දීපචෙල්වන්ගේ කෘති රඳවා තබාගැනීම ප්‍රකාශනයේ අයිතියට එල්ල කළ තර්ජනයක් - විදර්ශන කන්නංගර

    දීපචෙල්වන් ගේ කෘති රේගුවෙහි රඳවා තබාගැනීම ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතියට එල්ල වන තර්ජනයක් බව විදර්ශන කන්නංගර පැවසී ය.

  • දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

    ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙනා ලේඛක දීපචෙල්වන් (Theepachelvan Piratheepan) ගේ පොත් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගෙන ඇති බව ඔහු පවසයි.

  • දීපචෙල්වම් තහනම් කිරීම යනු වින්දිතයින් කේන්ද්‍ර කරගත් සාහිත්‍යය වාරණය කිරීමකි

    තමිල් ලේඛක දීපචෙල්වම් ප්‍රදීපන් ගේ කෘති ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවා තබා ගැනීම, සිවිල් යුද්ධයෙන් පසු ස්ථාපිත කළ පශ්චාත් යුද අනුපිළිවෙළ තුළ මුල් බැසගත් ගැඹුරු දේශපාලන තර්කනයක් පිළිබිඹු කරයි.

  • දීප්ති ගෙන් සජිත්ට ආරාධනයක්...! - Ideas front වීඩියෝවක්

    තමන් සහ විපුල නිරන්තරයෙන් ම Ideas front වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නේ රටේ පවතින ඇත්ත ප්‍රශ්න බවත්, විපක්ෂයට හැකි නම් තමන් සහ විපුල සාකච්ඡා කරන ප්‍රශ්න අතුරින් අවම ප්‍රශ්න දෙකක් හෝ පිළිබඳ අවධානය යොමු කරන්නැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අවධාරණය කළේ ය.

  • දුම්බර බන්ධනාගාරය සඳහා රුපියල් මිලියන 4363ක් වැය වෙනවා - චමින්ද්‍රාණි වෙත පිළිතුරු දෙමින් අධිකරණ ඇමති පවසයි

    පෙර පැවති බෝගම්බර බන්ධනාගාරය සහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය විතැන් කරමින් කාන්තා රැඳවියන් 400 ක් සහ පිරිමි රැඳවියන් 2500ක් රැඳවීමට පහසුකම් සැපයීමට සහ නිලධාරීන් සඳහා නිල නිවාස 102ක් සහිතව දුම්බර බන්ධනාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ප්‍රතිශෝධිත ඇස්තමේන්තුව අනුව, සමස්ත පිරිවැය රුපියල් මිලියන 4363ක් බවත්, මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා වැඩ අධීක්ෂණ කටයුතු ඉංජිනේරු උපදේශක සමාගම (ECL) ආයතනය මගින් සිදු කරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසි ය.

  • දුම්රිය ‌සේවකයින්ට බිමල්ගෙන් දොස්

    දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

    ඔහු පවසන්නේ දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

    ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින්


    "ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්.

    ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා.

    මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම."

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න