#newstube

  • පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලබණ්ඩලය වෙතින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ලේකම්වරයා වෙත ලිපියක්

    පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ එකාබද්ධ බලබණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, ඉන්ධන සීමාකරණ තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ පහසුකම් හා සහන කඩිනමින් සැලසීම පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.

  • පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු රැසක්; සේවා සහ ප්‍රතිකාරක සේවා කඩා වැටීමේ අවදානමක්

    පරිපූරක වෛද්‍ය සේවාවට අයත් විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ,වෘත්තීය චිකිත්සක භෞතචිකිත්සක, ඖෂධවේදී, කථන චිකිත්සක, ශ්‍රවණවේදී වෘත්තීය කණ්ඩායම් හතෙහි සුවිශේෂී නිලධාරීන් හිඟයක් පැවතීම හේතුවෙන් දිවයින පුරා රෝහල්වල එම නිලධාරීන් විසින් සිදුකරනුු ලබන සේවාවන්හි අඩාල වීමක් මේ වන විට උද්ගතවී ඇත.

  • පරිවාස නිවාසවලින් පිටවන බොහෝ තරුණියන් ලිංගික රැකියාවල නිරත වන බව වාර්තාවක් පවසයි.

    ප්‍රජා ශක්ති සංවර්ධන පදනම පවසන්නේ වයස අවුරුදු 18 දී පරිවාස හා ළමා රැඳවුම් මධ්‍යස්ථානවලින් ඉවත් වන බොහෝ තරුණියන් ලිංගික රැකියාවලට යොමු වන්නේ නිසි රැකියා පුහුණුවක් හෝ සහයෝගයක් නොමැති නිසා බවයි.

  • පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස එන්.එම්. අමීන් පත්වෙයි

    ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන්, පලස්තීන ජාත්‍යන්තර මාධ්‍ය හා සන්නිවේදන පදනමේ (Palestine International Forum for Media and Communication - Tawasol) ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කර ඇත.

    තුර්කියේ ඉස්තාන්බුල් නගරය මූලස්ථානය කර ගත් මෙම පදනම 2014 දී ආරම්භ කර ඇති අතර, පලස්තීන ජනතාවගේ හඬ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ගෙන යාම, සහ විවිධ රටවල මාධ්‍යවේදීන්, මාධ්‍ය කර්තෘවරුන් සහ විශේෂඥයන් අතර සහයෝගය වර්ධනය කිරීම යන එහි ප්‍රධාන අරමුණ වේ. මෙම පදනමේ වාර්ෂික සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන්, මාධ්‍ය මුලපිරීම් හා පර්යේෂණ මගින් රටවල් 70කට අධික සංඛ්‍යාවක මාධ්‍යවේදීන් දහසකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරයි.

    ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලීන අත්දැකීම් ඇති එන්.එම්. අමීන්, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ හිටපු සභාපතිවරයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (Muslim Council of Sri Lanka) සභාපති සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ (SAFMA) ශ්‍රී ලංකා සම්බන්ධීකාරකයෙකු ද වේ. සංහිඳියාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර, සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් පෝෂණය කිරීම, මාධ්‍ය මර්දනයට එරෙහිව හඬ නැගීම සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇත.

    Tawasol පදනමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්වී ඇති එන්.එම්. අමීන් මහතා, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මෙම පදනම අතර සහයෝගය තවදුරටත් ශක්තිමත් කිරීම, පලස්තීන ගැටලුව සහ මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

  • පලස්තීන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ දෙදෙනෙකු මරුට

    බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත.

  • පල්ලෙකැලේ ආයෝජන කලාපයේ කම්හලක ගින්නක්

    මහනුවර, පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි ගිනි පෙට්ටි කම්හලක ඊයේ රාත්‍රියේ හටගත් ගින්න පැතිර යාම මේ වනවිට පාලනය කර ඇත.

  • පල්ලේගම විජිත හිමියන් ගේ "සත්කාරය" වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත්

    පල්ලේගම විජිත හිමියන් ගේ "සත්කාරය" වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් හෙට (27) දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ය .

  • පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන්න

    මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.

  • පවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල් රාජපක්ෂ

    පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

  • පවුල් 800ක් ජිවත්වන අලවතුගොඩ ලොකු නායයාමක්! විශාල පිරිසක් අතුරුදන්!

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

  • පශ්චාත්- භාෂා අනාගතයක් තුළ Buddy-Net

    ඔයා අන්තිම වතාවට අලුත් දෙයක් ඉගෙන ගත්තේ පිටු 300ක විතර ලොකු පොතක් කියවල ද? එහෙම නැත්නම් විනාඩි 10ක YouTube වීඩියෝ එකක් බලල ද?

  • පහරකෑමට ලක්වූ අවුරුදු 14ක දරුවෙකු මරුට

    නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

  • පහළ කඩුගන්නාව ගැන NBRO වෙතින් නිර්දේශ ඇතුළත් වාර්තාවක්

    පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

  • පහළ මැද පංතියේ පිරිස් විදේශ රටවල රැකියා සඳහා යොමු වන්නේ ඇයි...? Ideas front වීඩියෝවක්

    පහළ මැද පංතියේ විශාල පිරිසක් නීත්‍යනුකුලව හෝ අනීතිකව විදෙස් රටවල රැකියා කෙරෙහි යොමු වන්නේ අය වැය තුළින් එම පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට නොහැකි බව වටහාගෙන ඇති බැවින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

    ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

    ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත් බව සඳහන් වේ.

    ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනාගැනීමට ඇය සමත්ව තිබේ.

    64 හැවිරිදි ඇයව ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැණුනේ මීට දෙසතියකට පෙරයි.

    ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බෙදීම වළක්වා ගැනීමට හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම වෙනුවෙනි.

    කෙසේ නමුත් ඒ සමඟම මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය තකයිචිට අහිමිවිය.

    කෙසේ නමුත් විපක්ෂයේ දක්ෂිණාංශික පක්ෂයක් වන ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධානගතවී සිය බලය තහවුරු කරගැනීමට ඇය ඊයේ දිනයේදී සමත්වූයේ අගමැති ධුරය සඳහා වන සිය ගමන් මඟ පැහැදිලි කරගනිමිනි.

    මන්දගාමී ජපාන ආර්ථික යළි ගොඩනැගීම, ගිලිහෙමින් පවතින ජපාන - අමෙරිකා සබඳතා තර කරගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වේ.

    1961 වසරේදී නාරා ප්‍රාන්තයේ උපන් සනායි තකයිචි 1996 වසරේදී පළමුවරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසි අතර මේ වනවිට අවස්ථා 10 කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට ඇය සමත්ව තිබේ.

    ඇය දේශපාලනයට පිවිසීමට පෙර රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙක් ලෙසට ද ප්‍රකටව සිට ඇත.

     

    (Ada derana)

     

  • පළාත් කීපයකට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි

    නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

  • පළාත් ඡන්ද ක්‍රමය තීරණයට විශේෂ කාරක සභාවක්

    පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.

  • පළාත් සභා ඡන්දයට අයවැයෙන් බිලියන 10 ක් වෙන් කරයි

    පළාත් සභා මැතිවරණය පැවැත්වීමට වැයවන මුදල් ප්‍රතිපාදන ලබන වසරේ අයවැය ඇස්මේන්තුවලට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

  • ප්‍රකට මාධ්‍ය ආයතනයක තවත් පත්තර තුනකට කණ කොකා හඬවයි?

    කලක් දිවයිනේ ප්‍රධාන  මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස වැජඹුණ සමාගමක් සිතා මතා බංකොලොත් කොට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන දූෂිත විධායක නිලධාරියකුගේ මෙහෙයැවීමෙන් එම ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ප්‍රකාශන තුනක් ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට ක්‍රියා කරමින් සිටින බව එහි සේවකයෝ පවසති.

  • ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය - 2025 දෙවන අදියර - අනුමත කෘති සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ

    නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළ ඉදිරිපත් වූ අත්පිටපත් අතරින් හොඳම අත්පිටපත් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ දෙවන අදියර 2026 ජනවාරි මස 21 වන දින මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න