#newstube

  • තුර්කි යානයක් ජෝර්ජියාවෙදී කඩා වැටේ

    ජෝර්ජියාවේ ඊයේ (11) ගුවන් අනතුරක් සිදු විය.

  • තුසිත හල්ලොලුවට ඇප හිමි වෙයි

    පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

    සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

    කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා නියම කර ඇත්තේ ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

    තුසිත හල්ලොලුව තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

  • තෙල් මිල වැඩි කළේ IOC, සිනොපෙක් බඳු පෞද්ගලික සමාගම්වලට අධික ලාභයක් උපයා දෙන්න ද...? - පෙසපෙ විමසයි

    ආණ්ඩුව මේ ආකාරයට තෙල් මිල වැඩි කළේ IOC, සිනොපෙක් බඳු පෞදගලික සමාගම්වලට අධික ලාභයක් සපයා ගන්නට ඉඩ හැරීම දැයි සැකයක් පවතින බැවින් මෙලෙස තෙල් මිල වැඩි කළේ කුමන හේතුවක් මත දැයි පැහැදිලි කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • තෙල් මිල වැඩි වීමත් සමග සමස්ත ජනතාව ම බරපතළ ගැටලුවකට මුහුණ දීලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තෙල් මිල වැඩි වීමත් සමග ජනතාව තුළ අසීමිත පීඩනයක් අසහනයක් නිර්මාණය වී ජීවත් වීමේ ගැටලුවට සමස්ත ජනතාවම මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • තෙල් මිලට සමාන්තරව ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ දැමීමේ සූදානමක්!  

    රජය විසින් ඉහළ දමන ලද පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.
  • තෙල් සහ තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි

    ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි.

  • තෙල් සහනය උග්‍ර පොහොසතුන්ට නොදී සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව: සුදුස්සන්ට, අතිමහත් බහුතරයට මේ තෙල් සහනය ලබා දිය යුතු බවත්, කෝටි ප්‍රකෝටිපතියන්ට, උග්‍ර පොහොසතුන්ට මේ තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත්, මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දීමට රජය මුල පිරිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026'

    විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සාහිත්‍යෝත්සවය මෙවර නව මුහුණුවරකින් පවත්වන්නට සුදානම් බව විදර්ශන ප්‍රකාශනාධිපති ජනක ඉනිමංකඩ පවසයි.

  • තොණ්ඩලාගේ ගැටුමට හේතුව මාලිමාව ලු !

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් සහ සෙම්බිල් තොණ්ඩමන් අතර මත ගැටුමට හේතුවී ඇත්තේ මාලිමාව බව වාර්තා වේ.

  • තෝලංගමුව මැදි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (16)

    වරකාපොළ, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (16) පෙරවරු 8.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

     මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යාලීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර, කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර යන අය සහභාගි වීමට නියමිත අතර, ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙය පැවැත්වේ.

    වසර 2023 / 2024 විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ, විශේෂ අධ්‍යාපන ඒකකය, 06 වසර සිට 11 වසර දක්වා ශ්‍රේණිවල සහ අපොස (සාපෙළ) සහ උසස් පෙළ ශ්‍රේණි වල පළමු, දෙවැනි, තුන්ව ස්ථාන ඇතුලු ඉහළ සාමාර්ථ ලැබූවන් මෙහිදී ඇගයීමට ලක්කෙරේ.

    ඊට අමතරව වෘත්තීය ප්‍රවේශය ලබාගත් සිසුන්, විද්‍යා, ගණිත, වානිජ, කලා, තාක්ෂණ අංශවලින් විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයින් ඇගයීමද මෙහිදී සිදුකරන බව (වැඩ බලන)  විදුහල්පති ඩබ්. විජේසිංහ ප්‍රකාශ කළේය.

    (සටහන | ජේ.මුණසිංහ)

    WhatsApp Image 2025 10 15 at 17.13.04 819121b3ආදී ශිෂ්‍ය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන) රංජිත් කුමාර

    WhatsApp Image 2025 10 15 at 17.13.20 d8e85152කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආර්. එස්. මාධවී වෙලගෙදර

    WhatsApp Image 2025 10 15 at 17.13.42 3ead7029(වැඩ බලන) විදුහල්පති ඩබ්. විජේසිංහ

     

  • දක්ෂතාවය විතරක් තිබිලා මදි හෑදෑරීමත් තියෙන්න ඕනේ - | Himesha Dilki

    රංගනය ඇතුළු ඕනෑම දෙයක් වෘත්තීය මට්ටමින් සිදු කිරීමේදී එය යම් හෑදෑරීමක් සහිතව කළ යුතු බව තමා විශ්වාස කරන බවද,

  • දක්ෂිණ අධිවේගය කඩුවෙල පිටවීමේ පිවිසුම යටවෙයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම් ස්ථානය ජලයෙන් යටවී ඇත.

  • දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක, ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක, දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත්

  • දකුණු අප්‍රිකා - ඉන්දීය පළමු T20 තරගය අද

    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු විස්ස‍යි 20 තරගය අද ( 09) පැවැත්වේ.

  • දකුණු අප්‍රිකානුවන්ට පෙරළිකාර ජයක්

    ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

  • දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

    ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

  • දකුණු කැලිෆෝර්නියා කලාපයේ නත්තල් කුණාටු සහ ධාරානිපාත වැසි

    දකුණු කැලිෆෝර්නියාවේ දරුණු වැසි හට ගෙන තිබේ.

  • දකුණු කොරියානු හිටපු අගමැතිට වසර 23ක සිරදඬුවම්

    දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

  • දකුණු කොරියාවේ ට්‍රක් රථයක් කඩා වැදී 20කට තුවාළ 

    දකුණු කොරියාවේ සැහැල්ලු ට්‍රක් රථයක් වෙළඳ සලක් තුළට කඩා වැදීමෙන් අද (13) අනතුරක් සිදු විය. ඉන් 20 දෙනකුවත් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ.
  • දකුණු කොරියාවේ මාර්ග ගත සේවා බිඳ වැටේ

    දකුණු කොරියාවේ දත්ත මධ්‍යස්ථානයක හටගත් ගින්නකින් එරට මාර්ගගත සේවා රැසක් අඩාල වේ. අද (29) දවස තුළ යථාවත් කිරීමට හැකි වූයේ, ඉන් දහයෙන් එකකටත් අඩු සංඛ්‍යාවක් පමණක් බව රජය පවසයි.

    දකුණු කොරියාව ලොව අධිකතර රැහැන් ගත රටවල් අතුරින් ප්‍රධාන තැනක් ගනී. මාධ්‍ය සාකච්ඡා ඇතුළු එරට බොහෝ රාජ්‍ය සේවා මාර්ග ගතව ක්‍රියාත්මක කෙරේ. ගින්න හේතුවෙන්, එරට පොලිස් සේවය, ගිනි නිවීම් සහ රේගු අධිකාරි ඇතුළු සේවා රැසක් අඩාල වී ඇතැයි වාර්තා වේ.

    එරට ජාතික තොරතුරු සම්පත් සේවයේ දත්ත මධ්‍යස්ථානයක දෛනික නඩත්තු කටයුත්තක් අතරවාරයේ හට ගත ගින්නකින් අත්‍යවශ්‍ය මාර්ග ගත සේවා 647ක් මුළුමනින්ම අකර්මණ්‍ය විය. මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත්තේ ඉන් 62ක් පමණක් බව බලධාරීහු පවසති.

    මාර්ග ගත සේවා අඩාල වීම සම්බන්ධයෙන් එරට ජනපති ලී ජේ ම්යුඞ් (Lee Jae Myung) ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. 2023 වසරේ ද, එරට මාර්ග ගත සේවා බිඳ වැටීමේ සිදුවීමක් වාර්තා විය.

    බදු ගෙවීම් ඇතුළු කටයුතු රැසක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අවසන් දින නියමයන් දීර්ඝ කර ඇති බවත්, ගාස්තු අය කිරීමකින් තොරව අත්‍යවශ්‍ය මහජන ලේඛන නිකුත් කිරීම් සිදු කරන බවත් මහජන ආරක්ෂක උප අමාත්‍ය, කිම් මින්-ජේ (Kim Min-jae) පැවසීය. ගින්නෙන් මුළුමනින්ම විනශයට පත් මාර්ග ගත සේවා 96ක් යථාවත් කිරීමට අවම වශයෙන් සති හතරක්වත් ගත වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    9/29/2025


    South Korea scrambles to restore digital services after server fire

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න