#newstube

  • තව නොබෝ කලෙකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටෙනවා - රනිල් වික්‍රමසිංහ

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගැනීමට හැකිවනු ඇතැයි, Viii වන විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී පැවසී ය.

  • තවත් ඛේදවාචකයකට ඉඩ නොතබන්න - පාඨලී අනතුරු හඟවයි    

    මේ වන විට රට මුහුණ පා ඇති ආපදාව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර නොගතහොත් තවත් ඛේදවාචකයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.      

  • තවත් ජීවිත අහිමි වෙන්න පෙර Online ණය මාෆියාව පිළිබඳව සොයා බලන්න

    අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි නමැති තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

  • තවත් වාර්තාවක් එළියට - මන්ත්‍රීවරු 56කගේ ලැයිස්තුවක්

    හිටපු මන්ත්‍රීවරු 56 දෙනෙකු ජනාධිපති අරමුදලින් අයුතු ලෙස මුදල් ලබා ගෙන ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

  • ⁠තවමත් පාලොස්දාහක් එලියේ

    ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාන 515ක තවමත් රැදී සිටින බව වාර්තා වේ.

  • තහනම ඉවතට; "රිවර්ස්ටන්" අද සිට කේරළ තිරයේ..

    ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතා මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි

  • තහනම් කළ ආයතනයකට මෙම ඇණවුම් ලබා දුන්නේ ඇයි? - වෛද්‍ය ගිෂාන්ත විමසයි

    මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Ondansetron නමැති ඖෂධය ගෙන්වා ඇත්තේ 2011 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරුදු 5කට තහනම් කළ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයෙන් යැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

  • තහනම් නියෝග අකුලපු එජාපය

    සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

    ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.

    සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

  • තහනම් වු විසිතුරු මසුන්

    ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීම හේතුවෙන් විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.

    තහනම් කරන මසුන් වර්ග 
    නයිෆ්
    රෙඩ්ලයින් ස්නේක් හෙඩ්
    ඇලිගේටර්
    පිරානා , යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේය.

    එතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසයි.

  • ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පතට මහජන අදහස් විමසීම අරඹයි

    ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්!

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ජනමාධ්‍යවේදීන්ගෙ විරෝධය

    මේ වනවිට ක්‍රියාත්මක ත්‍රස්තවදය වැළැක්වීමේ පනත අහෝසි කර ක්‍රියාත්මක කිරීමට යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මගින් දැනට අසම්පූර්ණ වශයෙන් හෝ රට තුළ ආරක්ෂා වී ඇති ප්‍රජාතාන්ත්‍රවාදය අහෝසි වී යනු ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි .

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද...?

    ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.

  • ත්‍රස්තවාදීන් ගේ ගීත කලාව

    ජවිපෙ ක්‍රම විරෝධි අරගලයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සමාජ ව්‍යාපාරයකි. 

  • ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල කුඩා වැව් පද්ධති දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි ගොඩනගයි

    ශ්‍රී ලංකාවේ කුඩා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිවල ජල ඵලදායිතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන 1.33ක නව ව්‍යාපෘතියක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇත. 

  • ත්‍රී වීල් කාරයෝ සහ ඌබරයෝ

    එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?

  • තාජුඩීන්ගේ ආත්මයට මේ ආණ්ඩුව කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල්

    තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බව පවසා සිටියේය.

    වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය උපයෝගී කරගෙන තම දේශපාලන ස්ථාවරත්වය රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී පැවසිය.


  • තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක ආධාර

    "Ditwah" සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය වීම සඳහා තායිලන්ත රාජකීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 10.2 ක දායකත්වයක් ලැබී තිබේ.

  • තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

    තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ.

  • තාවකාලිකව අත්හිට වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජන ක්‍රියාවලිය යළිත්...

    මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයෙහි රාජකාරිය ආවරණය කරන පුද්ගලයාට එරෙහිව සිදුකරන විමර්ශනය ස්වාධීනව සිදු කිරීම සඳහා එම පුද්ගලයා තාවකාලිකව හෝ එම තනතුරෙන් සහ රෝහලේ ඉවත් නොකිරීමට එරෙහිව එක් අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් (21 වෙනිදා ) දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න