#newstube

  • නඳුන් චින්තක රඳවා තබා ගැනීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශනයක්

    අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක (හරක් කටා) නීතිවිරෝධී ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා තබා ගෙන ඇතැයි 2025/10/21 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලකට අදාළව එම කොමිසම විසින් විමර්ශනයක් අරඹා ඇත.

  • නයිජීරියාවේ ආරක්ෂක ඇමති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබේ.

  • නලින්ද ජයතිස්ස අසමත් ඇයි...? - Ideas front වීඩියෝවක්

    සෞඛ්‍ය අමාත්‍යාංශය යනු ඉතා කල්පනාකාරිව මෙහෙය විය යුතු අමාත්‍යංශයක් බවත්, එහි දී පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රමුඛතා ලයිස්තුවක් සකසා ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් 

     

    6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට  විරෝධතාවක් ආරම්භ කර තිබේ. 

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව රට පුරා විරෝධතා

    ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජනවාරි (ඊ‌යේ) 10 මහරගම දී, මතුගම දී, මහනුවර දී සහ පොළොන්නරුවේ දී ජන අරගල ව්‍යාපාරය විසින් උද්ඝෝෂණ මාලාවක් පවත්වනු ලැබීය. මේ මහරගම උද්ඝෝෂණයේ ඡායාරූප කිහිපයකි.

  • නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු 99%ක් අවසන් - අධ්‍යාපන ලේකම්

    නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇතැයි  අධ්‍යාපන ලේකම් නාලක කලුවැව පැවසී ය.

  • නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ බහු පාර්ශ්විය සාකච්ඡාවක්

    onetext initiative ආයතනය විසින් සංවිධානය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේ දී ඊයේ (22) පැවැත්විණි.

  • නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 10කට පාර්ලිමේන්තු අනුමැති

    ඊශ්‍රායලය, ඉරානය සහ පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලතල සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද නව පත්වීම් 10ක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

  • නව දේශපාලන පක්ෂ පහකට ලියාපදිංචිය

    නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

  • නව පරීක්ෂණ උපකරණයක් සමග පොලීසිය අද මහ පාරට

    විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් අද (18) ආරම්භ වේ.

  • නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

    මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2024, 2025 සහ 2026 යන වර්ෂවල මුද්‍රණයෙන් නිකුත් කෙරුණු කෘති භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

  • නව බදු ගෙවන්නන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරයි

    මේ වසර තුළදී ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු පැවැසුවාය.

  • නව රජයේ විනිවිදභාවය IMF නියෝජිතයන්ගේ පැසසුමට

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් ඊයේ (08) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්‍යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන්වෙත ඉදිරිපත් කර තිබිණ.
     
    මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්‍යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් පිළිබඳ සාකච්ඡා කර ඇති අතර අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග මෙන්ම, මූල්‍ය ප්‍රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.

    එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්ව තිබීම විශේෂ කාරණකි.

  • නව වසරේ ආර්ථීක අභියෝග මොනවා ද...? රජිත් කීර්ති තෙන්නකෝන් පැහැදිලි කරයි

    විදේශ සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, උද්ධමනය, ණය බර ඉහළ යෑම සහ ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

  • නවගත්තේගම සංස්කෘතිය

    මා මිතු ජැකා ගේ මේ වියමන සැලකිය යුත්තකි - සිරිමල් විජේසිංහ

  • නවගමුව වෙඩි තැබීම පාතාල ගැටුමක් !

    නවගමුව කොරතොට මැණික් ආගාර පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිටි පුද්ගලයන් තිදෙනකුට කිසියම් කණ්ඩායම් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් වෙඩි වැදුණු තවත් දෙදෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

  • නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරයි

    නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර ඇත.

  • නවදිල්ලි බෝම්බ පිපිරුම: නව දෙනෙකු මිය යයි

    ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු චතුරශ්‍රයේ ඊයේ (10) මෝටර් රථයක් පුපුරා ගියේය.

  • නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් : හිමිවරු දෙනමක් ඩක්කුවෙන් පැන දිවි බේරාගෙන - හත්නමක් අපවත් වෙති

    මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.

    පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

    අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.

    අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි.

    අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව සඳහන්ය.

    ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බව පොලීසිය සඳහන් කළේය.

    අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටී.

  • නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තවත් හිමිනමක් අපවත් වෙයි

    මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ.

    ඒ උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තබෙන අතර තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති

    අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.

    එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය.

    අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය.

    ඩක්කුව කඩා වැටෙන අවස්ථාවේදී එහි සිටි භික්ෂුන් වහන්සේලා 13 නමකගෙන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න