ඉන්දුනීසියාවේ මධ්යම ජාවාහි ඉකුත් සතියේ සිදු වූ මහා පරිමාන නාය යාම් දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 18ක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි, බලධාරීහු අද (17) ප්‍රකාශයට පත් කළහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත් පවසයි.
එම යෝජනාවද ශ්රී ලංකා රජය පැත්තෙන් ශ්රී ලංකා රජය විසින්ම ගෙන ආ යෝජනාවක් යයිද පැවසූ ඔහු ඉන් පසු ගෙන ආ සියලු යෝජනා ඡන්ද විමසීමට සිදුවූ යොමු කළ අවස්ථාවල පරාජයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටී.
සාමූහික වශයෙන් යුරෝපා රටවල් එක් මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනා පරාජයට පත් කිරීම ඉතා විරල බවද හෙතෙම කියා පැවසීය.
එමෙන්ම ශ්රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන ඡන්ද ප්රමාණය ක්රම ක්රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වන බවද ඔහු පැවසුවේය. ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකරන රටවල් ගණනද ඉහළ ගොස් ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් මෙහිදී විමතියට කරුණු වන්නේ පැවති රජයන් එම යෝජනාවන් පරාජයට පත්වන බව දැන දැනත් මහජන ධනය ඒ වෙනුවෙන් වියදම් කිරීම් බවත් පැවසූ අමාත්යවරයා ශ්රී ලංකාවට ඡන්ද ලබාගැනීම සඳහා මෙරට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිස් එම රටවල සංචාර කළ බවද හෙතෙම චෝදනා කළේය.
එවන් තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලීමෙන් සිදුවන්නේ දැනටමත් ජාත්යන්තරීකරණය වී ඇති ප්රශ්නය දේශීය වශයෙන් විසඳා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.
*'' කළ යුතු නිවැරදි දේ කළේ නැහැ''
*'' මට තේරෙන්නෙ නෑ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය මොකද්ද කියලා''
*'' ලංකාව ගැන ලෝකෙට දැන් යන්නෙ වැරදි චිත්රයක්''
ශ්රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්රී ලංකා නිත්ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.
"ඡන්දයක් අවශ්ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්රී ලංකාව ගැන වැරදි ප්රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා," ආචාර්ය දායන් ජයතිලක පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්ය අමාත්යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර
ශ්රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්රී ලංකාවේ දැඩි ප්රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම
ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහබැංකුවේ මුදල් මණ්ඩලය ලබා දී තිබූ උපදෙස් නොතකමින් වසර 2012 වනවිට තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් බිලියන 7.2ක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව කියන සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර ඇති එහි හිටපු අධ්‍යක්ෂ ජීවක හේමාල් එදිරිසිංහ යන අය දැඩි ඇප කොන්දේසි මත ශල්‍යකර්මයක් සඳහා විදේශ ගත වීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අවසර ලබා දුන්නේය.
ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යුග දිවියට එළඹීමට සූදානම් වේ.
බොරිස් පැස්ටර්නැක් ගේ දොස්තර ශිවාගෝ දීර්ඝ ගද්‍ය කාව්‍යය කියවීමි.
මිනීමැරිමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුව තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්: 07) තහවුරු කළේ ය.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජූලම්පිටිය අමරේ සිය නීතිවේදීන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඇපෑලක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම ඇපෑල අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්නගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට ජූලම්පිටිය අමරේ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය.
එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
පසුගිය දා ජෝර්ජියාවේ දී සිදු වූ ගුවන් අනතුරට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතින බව තුර්කි බලධාරීහු පවසති.
රනිල් හැදූ පිට්ටනියේ කවුරුත් තමන් කළ දෙයක් වාගේ කෙළි සෙල්ලම් කරමින් සිටිති. එහෙම සෙල්ලං කරන ගමන් විලි ලැජ්ජාවක් නැතුව උදම් අනති.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 09 ක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරණ ලදී.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින හෙයින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනකු ආරක්ෂාවට දෙන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරති.
ට්‍රම්ප් පවා සොයමින් සිටින්නේ යුක්‍රේන ගැටුමෙන් ඇමරිකාව බේරා ගැනීමේ මාර්ගයක් යැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ පැවසී ය.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ රයන් වෙස්ලි රවුත් හට පසුගියදා ඇමරිකානු අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා.
හෝමුස් සමුද්‍රසන්ධිය නිදහස් නොකළ හොත් පැය 48ක් ඇතුළත ඉරානයේ විදුලිබල පද්ධතියට පහර දෙන බවට තර්ජනය කල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පැය 48 ඉක්ම ගිය පසු දින පහක සටන් විරාමයක් කැඳවා ඇති බවට වාර්තා වෙනවා.
"මට ලේ පිසාචයෙකුගේ ගඳ දැනෙනවා" - හියුගෝ චාවේස් එක්සත් ජාතින්ගේ සැසියක දී...
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන වහා නැවැත්විය යුතු යැයි ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

