#newstube

  • කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගිහින් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.

  • කෝට් බෑය පැත්තකට දමා විනිසුරු කෝදාගොඩ කේක් අනයි

    පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.

  • කෝට්ටේ විපක්ෂ මන්ත්‍රිවරු, අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම වර්ජනය කරති

    ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව නීති විරෝධි බවට ප්‍රකාශ කර සභාව වර්ජනය කළහ.

  • කෝටිපති ව්‍යාපාරිකයින් 23කට හෝමාගම නගරයේ  ප්‍රජා සේවය කිරීමට අධිකරණ නියෝගයක්

    හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ලබාගත් ඉඩමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කැට සූදු පොළක් වැටලීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

  • ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් දිවයිනට

     
  • ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියෙන්

    ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

  • ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.

  • ගල් අඟුරු  වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා - නාමල් රාජපක්ෂ

    ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස නොදකින්නේ නම්, ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට  සම්බන්ධ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරයි - රෝහිණී කවිරත්න

    ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.

  • ගල් අඟුරු අර්බුදයට ඇමති සහ ලේකම් වගකිව යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

    රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.

  • ගල් අඟුරු කළු බව අපි දනිමු; එහෙත් ටෙන්ඩර් කළු විය නොහැකි ය.

    විනිවිදභාවය යන යෙදුම බරසාර ලෙස පළමුවෙන්ම අපට ඇසුණේ චන්ද්‍රිකා බල ව්‍යාපෘතියෙහි දී ය.

  • ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි

    2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේ ගල් අඟුරු ආනයනයේ දී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීහු පසුගිය 14වන දා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

  • ගල් අඟුරු කොමිසම විමර්ශන අච්චාරුවක් වෙයි ද...?

    ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්‍යාපෘතියේ වගතුග සොයා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් එය වැදගත්

  • ගල් අඟුරු ගැන මැටි අජිත් ගේ තියරිය

    නිසි ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ලොවේ කොතැනකවත් නැතැයි අජිත් පෙරේරා (මැටි අජිත්) පවසයි.ඔහු මේ බව සදහන් කරන්නේ ඔහුගේ ගිණුමෙහි විඩියෝවක කරුණු දක්වමිනි.

  • ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

    ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය.

    ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයේදීය.

    පුබුදු ජයගොඩ මෙසේද ප්‍රකාශ කළේය.

     


    '' පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.

     


    ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.

    නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.


    මෙම සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා


    අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.

    පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක  වෙනවා.''

  • ගල් අඟුරු වංචාවට එරෙහිව සජබ අධිකරණයට

    අන්ත දූෂිත ලෙස ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් රටටත්, ජනතාව ගේ බදු මුදල්වලටත් සිදු කළ පාඩුව වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බවත්, මෙම ආණ්ඩුවේ දූෂිත කටයුතුවලට එරෙහිව ගත හැකි සියලු පියවර ඉදිරියේ දී ගන්නා බවත් සමගි ජන බලවේගය සඳහන් කරයි.

  • ගල් අඟුරු වංචාවට පැලවත්ත සම්බන්ධ ද...? Ideas front වීඩියෝවක්

    වත්මනෙහි පවතින ආන්දෝලනාත්මක ගැටලුවක් වෙන ගල් අඟුරු ගැටලුවේ දී පැලවත්ත හෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් සොරකම් හෝ වංචා කර නැතැයි වගකීමෙන් පවසන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර

    රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

  • ගල් අඟුරු හොරු රකින්න මාලිමාවේ 153ක් අත ඉස්සුවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අද අප රටේ ජනතාවට බාල ගල් අඟුරු හොරුන් ගේ පැත්තේ ඉන්න අයත් විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉන්න අය කවුද කියා හදුනා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’ - විදෙස් වාර්තාව අද !

    ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න