මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්දයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල ගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේ ය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (නොවැම්බර් 17 වැනිදා) අධිචෝදනා භාර දුන්නේ ය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගේ 89වන ජන්ම දිනය නිමිති කරගනිමින් පුවත් පත් ලිපි ඇසුරෙන් නිර්මාණය කර ඇති ග්‍රන්ථය ජනගත කිරීම ජනවාරි 25වන දින පස්වරු 03.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පියවර ගෙන තිබේ.
වොෂින්ටනයේ දී ගිවිසුමක් අත්සන් කර රට තුළ සාමය සඳහා වූ ප්‍රධාන පියවරක් ලෙස ප්‍රකාශ කර තිබියදීත්, කොංගෝ හමුදාව සහ රජයට හිතවත් මිලීෂියා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූහ.
විෂුවල් ආර්ටිස්ට් කෙනෙක් හැටියට මොකක් හෝ කරුමෙකට හෝ හොඳකට මට සමහර දේවල් පේන්නෙ සාහිත්‍ය ලෝකයෙන් පිටත යි.
ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.
විවෘත කර තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා යළි සීමා කිරීමක් පියවර ගෙන තිබේ.
පවතින අධික වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල මරංගහවෙල හපුතලේ ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් මතුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිටත් ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේදී විශාල ගල් කුළු කිහිපයක් කඳුමුදුනේ සිට මාර්ගය මතට කඩා වැටී ඇති බවත් වාහන ගමන් කළ හැකි වුවද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව හමුවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මරංගහවෙල බෙරගල හපුතලේ අතර ප්‍රදේශයේදී මාර්ගය දෙසට කදු මුදුන් වල සිට ගල් පෙරළීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව අවධානයෙන් රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
(සමන් පාලිත නානායක්කාර)
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, 2025 වසරේ දෙවන භාගය තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.
කොළඹ වරාය ආසන්න ගැඹුරු මුහුදේ සිට ඛනිජ තෙල් සංස්ථාව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක 14දා අලුයම පිපිරීමෙන් සිදු වූ කාන්දුව හේතුවෙන් බොර තෙල් මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ ගැඹුරු මුහුදට එක්ව ඇතැයි අනුමාන කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර කියයි.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ (22) පරාජයට පත්ව තිබේ.
ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.
සාමාන්‍යයෙන් නීතිඥ සංගම් ශාඛාවක සභාපති ලේකම් තනතුරු අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීම සම්ප්‍රදාය වේ.
කොළඹ නගරයේ මාර්ගවල වර්ණ සංඥා පද්ධතිවලින් සියයට හැත්තෑවක්ම දෝෂ සහිත වීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය උග්‍ර වී තිබෙන බවට හෙළි වී තිබේ.
වර්ණ සංඥා පද්ධතීන්වල සෙන්සර්ස් නොමැතිවීම හා අංකණයන් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ ආරංචි මාර්ග පවසයි.
උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල මෙන්ම පාසල් අවසන් වන කාල සීමාවන්හි රථවාහන සංඥා පද්ධති ක්‍රියා විරහිත කිරීමට හා පොලිස් හස්ත සංඥාවලට අනුව රථවාහන පාලනය කිරීමට සිදුව තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
මේ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ණ සංඥා පද්ධති නවීකරණය කිරීමට හා ස්වයංක්‍රීය අංකන ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබෙන බවද මෙමගින් රථවාහන තදබදය පාලනය කරගැනීමේ හැකියාව පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අවධානයද යොමුව ඇති බවද කොළඹ නාගරික කොට්ඨාසයද සඳහන් කරයි.
( එෆ්. අස්ලම් - aruna)
නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා වසර හතක කාලයක් අත්හිටුවා තිබූ ‘කොළඹ මැරතන්’ තරගය මේ මස 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ කෙරෙයි.
සම්මන්ත්‍රණ ශාලාව අබියස ඇති ආලෝක සංඥා පද්ධතිය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන කොළඹ මැරතන් තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වේ.
තරගකරුවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අබියස සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ බොරැල්ල කනත්ත වටරවුමෙන් හැරී දෙමටගොඩ, පෑලියගොඩ, හරහා වත්තලට පැමිණෙති. එතැන් සිට හේකිත්ත, හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානය වෙත පැමිණ තරගය අවසන් කරති.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේ සහයෝගයෙන්, ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) ආයතනය විසින් සංවිධානය කරනු ලබන 19 වැනි කොළඹ මැරතන් තරගය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.
වර්ෂ 1998 දී එල්.එස්.ආර්. ජාත්‍යන්තර මැරතන් තරගය ලෙසින් ආරම්භ කරන ලද මෙම මැරතන් තරගය පසුව ‘කොළඹ මැරතන්’ තරගය ලෙසින් වඩාත් ප්‍රචලිත විය. එය 2018 වසර දක්වාම අඛණ්ඩව පැවැති නමුත් 2019 දී සිදුවූ පාස්කු ප්‍රහාරය නිසාත්, 2020 දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාත් පැවැත්විය නොහැකි විය.
එහෙත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හිස එසවීමත් සමගින් ‘කොළඹ මැරතන්’ තරගය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර තරග නැවතත් සංවිධානය කිරීමට ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) සමාගම තීරණය කර තිබේ.
( kelimandala | දමින්ද විජේසූරිය)
පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ 2025 වසරට අදාළ ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවත්වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

