'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ වී තිබේ.
මහාචාර්ය විමල් දිසානායක, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස සැලැකිය හැකි ය.
ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
කලාපීය සහ ජාතික වර්ධනය සඳහා විභව උත්ප්‍රේරක ලෙස දඹුල්ල-සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන මධ්‍යස්ථාන දෙක ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකාවේ අර්බුදයට ලක්ව ඇති සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරක පැකේජයක් හඳුන්වා දී ඇත.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවා ගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා ය.
ඒකාධිපති නිලධාරීවාදය වෙනුවෙන් පෙනී සිටින සහ ඇත්ත සටන් පාවාදෙමින් කරන කිසිදු ඊනීයා සටනකට ලංවිම සේවක සංගමයේ කිසිදු සහයෝගයක් ලබා නොදීමට ලංවිම නව සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකවම තීරණය ඇතැයි සඳහන් කෙරේ.
දුටු ගැමුණු රජතුමා කළේ දෙමළු මැරීම හෝ එළාරව ඝාතනය කිරීම නොව මෙම රට එක්සත් කිරීම හරහා ආසියාතික රාජ්‍ය ගොඩනැගීමේ පදනම දැමීම යැයි රණත් කුමාරසිංහ පැවසී ය.
මේ රටෙහි මිනිස්සු ඇත්තට ම පවු නැතිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විමසයි.
ධනවාදය පිළිබඳව කවුරු මොනවා කතා කළ ද එය ගෝලිය කරණය වී ඇති බවත්, එහි දී එම පද්ධතිය ගමන් කරන ආකාරය සහ මිනිස්සු ගමන් කරන ආකාරය අතර වෙනසක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඇපල් සමාගම සිය නවීකරණය කරන ලද 'සිරි' ( Siri ) සහායක යෙදුම සඳහා ගූගල් සමාගමට අයත් ජෙමිනි කෘත්‍රිම බුද්ධි ( Gemini AI) සහාය තාක්ෂණ යෙදුම හා එක්වේ.
ලොව සුප්‍රකට ඇපල් (Apple) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වසර 15ක් පුරා කටයුතු කළ ටිම් කුක් (Tim Cook) එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඇපල් සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කිරීමත්, ඉන් පසුව කිසිදු විමර්ශනයකින් තොරව ඔහුට පාතාල ලේබලය ඇලවීමත් පිළිබඳ වගකීම අමාත්‍ය ආනන්ද විජේපාල විසින් දැරිය යුතු බවත්, ඔහු සිය අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට අසමත්වීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතු අතර, ඔහුට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, අගමැති, ජනාධිපති ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු දරන අය වාර්ෂික ව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු ය.
ඒ අනුව, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.
එම වත්කම් ප්‍රකාශ අතරින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබේ.
අමාත්‍යවරයා සතු වත්කම් මොනවා ද?
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සමීප සාමාජිකයන් හට අයත් වත්කම් ලෙස ඔහුගේ වත්කම් ප්‍රකාශයේ දක්වා ඇති ප්‍රධාන වත්කම් පහත පරිදි ය.
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේ දැයි මේ වන විට විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් තිබෙන අතර ජවිපෙ හිටපු දේශපාලන නායකයකුවන වරුණ රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකරන විග්‍රහයක් මතු පළවේ.
මැතිවරණයට පෙර පැවසුවේ කුමක් ද?
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මැතිවරණයට පෙර පැවති වැඩසටහනකදී පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වන විට සිය පක්ෂයේ සාමාජිකයන් සහය දක්වන ආකාරය සම්බන්ධයෙන් පැවසූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතියි.
"මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක... කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්... කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා," ඔහු එම වීඩියෝවේ පවසයි.
වරුණ රාජපක්ෂගේ වීඩියෝ වැඩසටහනත් සමග ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ අමාත්‍ය සමරසිංහ වෙත මතු දැක්වෙන ප්‍රශ්න දහය යොමුකර ඇත. ඒ මෙසේය.
1- ඔබ වාර්ෂිකව රජයට බදු ගෙවා තිබේද? එසේ නම්, කරුණාකර විනිවිදභාවය සඳහා පසුගිය වසර පහක බදු වාර්තා ප්‍රකාශයට පත් කරන්න.
2- රුපියල් මිලියන 270 ක ධනයක් නිර්මාණය කිරීම සඳහා ඔබ කවදා හෝ මූල්‍ය ආයතනවලින් කිසියම් ණයක් ලබාගෙන තිබේද?
3- ඔබ ණය ලබාගෙන ඇත්නම්, කරුණාකර ඔබ ණය ගත් ආයතන පිළිබඳ විස්තර, ණය මුදල, ඔබ ණය ලබා ගත් පොලී අනුපාතය ලබා දිය හැකිද?
4- විස්තර කර ඇති පරිදි, ඔබේ පවුලට පරම්පරාගත ධනයක් තිබුණි. ජීවනෝපායක් උපයා ගැනීම සඳහා දුම්රියේ දේවල් විකිණීමට ඔබ ජීවිතයේ මුල් අවධියේදී අරගල කිරීමට හේතුව කුමක්ද? ඔබේ කතාව මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින්ට ආස්වාදයක් විය හැකිය.
5- ඔබ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයා විය. ආයතනික ව්‍යාපාරවලින් ලැබෙන පරිත්‍යාගවලින් ඔබට කිසිදා පෞද්ගලිකව ප්‍රතිලාභ නොලැබුණු බව ඔබට තහවුරු කළ හැකිද?
6- පක්ෂ සාමාජිකයින්ගේ කුඩා පරිත්‍යාගවලින් ඔබ ජීවත් වූ බව ඔබ ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. දුප්පත් පක්ෂ සාමාජිකයින්ගේ මුදල්වලින් ජීවත් වීමේ තාර්කිකත්වය ඔබට පැහැදිලි කළ හැකිද?
7- ඔබේ පවුලෙන් ඔබට ධනය උරුම වූ බව ඔබ පැවසුවාද? ඔබේ අතීත පවුලේ සාමාජිකයන් ඔබට සැලකිය යුතු ධනයක් උපයා ගැනීමට කළේ කුමක්ද?
8- ඔබේ වත්කම් ප්‍රකාශනයේ, ඔබ ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කර ඇති බව පැවසුවාද? ඔබේ මතය අනුව, ක්‍රිප්ටෝ මුදල් ආයෝජන රට තුළ නීත්‍යානුකූලද නැද්ද?
9- ප්‍රසිද්ධියේ, ඔබ පක්ෂයේ පූර්ණ කාලීන සේවකයෙකු බව සඳහන් කර ඇත. පූර්ණ කාලීන පක්ෂ සාමාජිකයෙකුට කිසිදු පෞද්ගලික ව්‍යාපාරයක හෝ රැකියාවක නිරත වීමට කාලය නොමැති බව වරුණ නැවත නැවතත් පවසා ඇත. කරුණාකර මේවා පැහැදිලි කළ හැකිද?
10- දැන් ඔබේ ව්‍යාපාර කණ්ඩායම පවත්වාගෙන යන්නේ කවුද? මන්ද ඔබ දැන් බලවත් අමාත්‍යවරයෙකු බැවින්, ඔබේ නියෝජිතයින් කවුදැයි මහජනතාව දැනගත යුතුය? මක්නිසාද යත්, දැන් සිට ඔබේ නම කඩදාසි මත නොමැතිව ඔවුන්ට මුදල් උපයා ගත හැකිය.
සමරසිංහ අමාත්‍යවරයා මෙම ප්‍රශ්නවලට පිළිතුරු නොදුනහොත්, මහජනතාව විනිවිදභාවය සඳහා යලි යළිත් මෙම කාරණා ප්‍රශ්න කරනු ඇත.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි කරන ගොතන ලද කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
අංක 20039516 යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලෙන්, අදාළ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස CIDයෙන් ඉල්ලා තිබේ.
පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ ඩබ්ලිව් පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ “ගම්පහ පොදු ජන හඬ” ෆේස්බුක් පිටුවද ඇත.
වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මතු පළවේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත.
'' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා. නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.
අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
කොච්චර ඇනුවත් ජෝකර්ලා
විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා. එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.
මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා. නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.
බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...
බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන් බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා. ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා. මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.
එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.
ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?
කට බොරු කිව්ව ද දිව බොරු නොකියයි යන කියමනට හොඳම උදාහරණය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රකාශයේ අන්තර්ගත ව්‍යසායක උම්මාදය යැයි සර්වජන බලය ජාතික කැඳවුම්කරු මධුර විතානගේ පැවසී ය.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික පුද්ගලයින් සිය සේවා ස්ථානයේ දී කිසියම් අසාධාරණයකට ලක් වූ විට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තානාපතිවරයාට දැන්වු පසු ඔහු කටයුතු කරන්නේ ඊශ්‍රායල් හාම්පුතුන් ගේ පාර්ශ්වය වෙනුවෙන් යැයි එරට සේවයේ නියුතු බහුතර පිරිස් චෝදනා කරති.
මේ ආණ්ඩුවේ ඇමතිවරුන් වත්කම් හොයපු විදිය දැක්කම මතක් වෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සභාපතිවරුන් විසිතුන් දෙනෙකු ඉල්ලා අස්වී ගෙදර ගිය බව පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන් ගැන ජනතාවගේ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් පවතින බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
''ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා''.- නලින්ද
මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල යම් අඩුපාඩු පැවතිය හැකි බවයි..
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේ, ඇතැම් මැති ඇමතිවරුන් තම දේපළවල සත්‍ය වටිනාකම් සහ වැටුප් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමට තිබූ බවත්, යම් යම් වත්කම්වල වටිනාකම් සම්බන්ධයෙන් තිබිය හැකි අඩුපාඩු පසුව නිවැරදි කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.
“මෙවර ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්, මිල සම්බන්ධයෙන්, වටිනාකම් සම්බන්ධයෙන්. ඒවා නිවැරදිකර ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ට ඉදිරිපත් කළ හැකි සියලු වත්කම් පිළිබද ලේඛනගත කර තිබෙනවා. ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්.
වඩා වැදගත් දේ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක. දැන් ඔබට බලාගන්න පුලුවන් ඒ වත්කම්වලට අදාළ වර්තමාන වෙළෙදපොළ වටිනාකම් කීයද කියලා. සමහර ඉඩම් මීට අවුරුදු දහය පහළොවකට කලින් ලැබුණු ඒවා හරි ගත්ත ඒවා හරි. ඒවායේ වර්තමාන මූල්‍ය වෙළෙදපොළ වටිනාකම් තක්සේරු කළ යුතුයි. ඒවා නිවරදි කරගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි අමාත්‍යවරු සහ රජය නියෝජනය කරන දේශපාලඥයින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරලා හෙළිදරව් කරන එක”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා ක්ෂණික මූල්‍යකරණ පහසුකම (RFI) යටතේ මුදලක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

