#newstube

  • 'සේකර සමර 50' 14වන දින ගම්පහ දී...

    මහගම සේකර කලාකරුවා අප අතරින් වෙන්ව ගොස් එළඹෙන 14වන දිනට වසර 50කි. ඒ වෙනුවෙන් පැවැත්වෙන 'මහගම සේකර අඩ සියවසක මතක ආවර්ජනා' අනුස්මරණ දේශනය එළඹෙන 14වන දින පස්වරු 03.30ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

  • 'හඳ මායාකාර ගෑනියක්' හමුවන්න 22 ගම්පහ ආසියානු නිවහනට එන්න

    සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ රසිකා මුහන්දිරම්ගේ ගේ 'හඳ මායාකාර ගෑනියක්' කාව්‍ය සංග්‍රහය පිළිබඳ සහෘද කතාබහටයි.

  • 'හඳුන්ගේ කතාවලට' බිමල් බකබක ගගා හිනාවෙද්දී චතුරංග පොඩි සපෝට් එකක් දෙයි

    අමාත්‍ය බිමල් රත්නායක  විසින් ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති  කළ ප්‍රකාශයක් පිළිබදව විමසා සිටියේය.

    ඊට බිමල් රත්නායක  ප්‍රතිචාර දැක්වූයේ බක බක ගාගා හිනාවෙමිනි.







    මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක්කරමින් සමාජ මාධ්‍යවල පලවී ඇති විවේචන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන Chathuranga Abeysinghe සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.


    ලියමිදෝ නොලියමිදෝ කියල හිතල, ලියන්න හිතුනා.

    ඔව් හදුන්නෙතිති සහෝදරය කියපු වචන කීපයක් කාලෙන් කාලෙට රස කරන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා,

    හැබැයි ඒ කිසිවෙක් හඳුන් මේ සමාජයට දේශපාලනයට කල කාර්‍යබාරයෙක් අල්ප මාත්‍රයක්වත් සමාජට දායාද කල අය නෙමේ.

    මාතර මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයේ සිට මාලිමාවේ දෙස් විදෙස් සංවිදාන කුසලතාව, අවංත්වය හා නිහතමානීත්ව වෙන කාගෙන්වත් ඒ ලෙවල් එකට බලාපොරොත්තු වෙන්න අමාරුයි, දූශිතයන් පාදඩයන් හා සිය පවුල්වල ධනය බලය වර්ධනය කරන්න දේශපාලනය කල අයට හුරේ දාල කඩේ ගිය අයට හදුන් වගේ අය දිරවන්නෙ ණෑ..

    මොකද හදුන්ල අපේ පරම්පරාවට දායද කල දේශපාලන සංස්කෘතිය, දැණුම හා කැපකිරීම ඒ කාටවත් අනාගතේවත් සම කරන්න බෑ.

    සමහරු අහහනවා ජවිපෙිපෙර්ණකාලිනයන් මොනවද  කැප කරන්නෙ කියල, පූර්ණ කාලීන දේශපාලකයන් කැප කරන්නෙ ශ්‍රමය, ඔබ ව්‍යාපාරයකට හෝ තම පුද්ගලික ව්‍යාපාරය ගොඩනගන්න උදේ හවා වගුරන ශ්‍රමය හදුන්ල අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ගොඩනගන්න හා හෙටත් පවත්වාගෙන යන්න කැප වෙනවා.

    ඒව කාට හරි ජෝක් වෙනවනම් මම කියන්නෙ පුද්ගලික අරමුණු අතහැරල පුලුවන් නම් මාසයක පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් වගකීම් ගන්න කියල..

    බෑ ඔය හෑලි ලියන, කියවන කාටවත්ම බෑ 

    හඳුන්ව මම ලඟින්ම හදුන ගන්නේ වත්මන් රජයේ කර්මාන්ත ඇමති විදිහට, ඔව් මගේ Line Manager විදිහට. ලංකාවෙ වැදගත්ම අමාත්‍යාංශයක් හඳුන් මෙහෙයවන ආකාරය ගැන සටහනක් තියන්න වෙනවා.

    අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය, අධ්‍යක්ෂකවරු, කර්මාන්ත හිමියන්, අතිරේක  ලේකම්වරු හඳුන් ගැන ඕනෙම තැනක සාක්ෂි දරාවී. නිහතමානීත්වය, ඇහුම්කන්දීම, සාමුහික තීරණ, සෘජුබව හා, සේවක නිදහස නායකත්වයක වැදගත් ලක්ෂණ.

    මේ සියල්ල එක්ක මාස 9ක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය මෙහෙයවීම මටනම් අති විශිෂ්ඨයි. හඳුන් වගේම මමත් අමාත්‍යාංශයට අළුත්, අපේ අතින් වැරදී වෙන්න පුලුවන් වචන අතපසු වෙන්න පුලුවන් නමුත් මේ ලංකාවෙ කර්මාන්ත කරනයේ නව යුගයක ආර්ම්භය සටහන් වෙන මොහොතක්.

    අපේ වැරදී අඩු පාඩු හදාගන්න අතරේ අමාත්‍යාංශයේ සාදනීය ජයග්‍රහණයන් පිළිබඳවත් කතාකරනවනම් රටට හොදයි.

    ?දූශිතයන්ට කරගන්න බැරි වෙච්ච අමාත්‍යාංශය යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යාපාරය සියල්ලම පාහේ නිසි කළමනාකරණයට ලක් වෙලා ඉන් බහුතරයක් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන මාවතකට ඇවිත්


    ?කර්මාන්කරණයේ ප්‍රධානම බාධාව වන ඉඩම් ගැටළුවට විසඳුම් ගේන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාවය අරන්.



    ?පැදුරෙන් වහල තිබ්බ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හා Anti Dumping ප්‍රතිපත්තිය එලියට ඇවිත්



    ?අපනයන ප්‍රවර්ධනයට අදාල EDCM එක දැන් ක්‍රියාත්මක වෙලා ගැටළු බහුතරයක් විසඳමින්



    ?කර්මාන්ත පරිවර්තනයට හා ව්‍යවසායකත්ව සහයට අවශ්‍ය ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත වෙලා නව ආයතනයක් ගොඩනැගෙමින්

     


    ?ව්‍යවසායකයන් පුහුණු කරන නිලධාරීන් නව අධ්‍යාපන හා දැණුම හා කුසලතා වර්ධනය ක්‍රියාමාර්ගයකට ඇවිත්

     


    ?දූශිතයන් අරක් ගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිදිත වී කර්මාන්තය නගාසිටුමින්

     


    ?වැඩබැරි දූශිතයන්ට කරගන්න නොහැකි වූ ඛනිජ ප්‍රතිපත්තිය අවසන් වී ඒ ආශ්‍රිත කර්මාන්තය සංවිදිත වෙමින්

     


    ? කර්මාන්ත හා ව්‍යවසායකයන්ට සහය වෙන ප්‍රාදේශීය ආකෘති ශක්තිමත් වෙමින්



    ඇත්තටම මේ සටහන මාලිමාවට ආධාර කල, System Change එකකට කතිරෙ භාවිතා කල අය කියෙව්වම ඇති

    වමේ දේශපාලනය දකුණට තේරෙන්න ණෑ ඒ ගැන කනගාටුවෙන්න එපා ඒ වගේම මාලිමාවෙ දේශපාලනය මාලිමාවෙ නොවන අයට තේරෙන්නෙත් නෑ..

    (චතුරංග අබේසිංහ)




    HADUN 2025101

  • 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' හමුවන්න; 15වනදා ගම්පහ ආසියානු නිවසට එන්න

    සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සේනානි ධර්මරත්න සිංහලයට නැගූ ඉන්දියානු-අමෙරිකානු ලේඛිකා අල්කා ජෝෂිගේ The Henna Artist 'හෙනා සිත්තරිය ලක්ෂ්මි' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.

  • 'ළමා නීතියට' කාදිනල් හිමියෝ අසතුටින් !

    දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ.

    රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.

    ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ.

    “දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. මේවා මේ බටහිර රටවල තියෙන සමහර මෝඩ නීති. ඒවා ඔක්කොම අපි අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. අපේ රටේ පිළිවෙතක් තියෙනවා. දරුවෙකුට අම්මයි තාත්තයි තමයි හැදියාව දෙන්න ඕන. ඒ නිසා දරුවෙකුට හරිගස්සන්න අම්මෙකුටයි තාත්තෙකුටයි අවස්ථාව තියෙන්න ඕන. ඒවා උසාවි ගෙනියන වැඩ නෙමේයි.

    දරුවන් සහ මාපියන් අතර මේ ගට්ටනය ඇති කිරීම තුළින් මාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද කියළා ගුරුවරුන්ට හිතන්නවත් බැහැ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ අනුව ගුරුවරයාව අත්අඩංගුවට ගන්න වුනත් පුළුවන්ලු. මේවා අපිට පිළිගන්න බෑ.

    බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා කියලා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා නොකළ යුතුයි.

    (නිමල කොඩිතුවක්කු - lankadeepa)


     

  • ‘INS SATPURA කොළඹ වරායට

    සැපයුම් හා ‍සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාව ඊයේ (20) කොළඹ වරායට පැමිණ තිබේ

    දිවයිනට පැමිණි Frigate වර්ගයට අයත් ‘INS SATPURA’ නෞකාව, දිගින් මීටර් 142.5ක් සහ නැවේ කර්යමණ්ඩලය 403 දෙනෙකුගෙන් සමත්විතයි.

    නාවික හමුදාව සඳහන් කරන්නේ ‘INS SATPURA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිත බවයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකරනු ලැබීය.

  • ‘Rebuilding Sri Lanka’ අරමුදලට 'ප්‍රයිම් ලෑන්ඩ්ස්' ලක්ෂ 2000ක් දෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට Prime Lands වෙතින් රුපියල් මිලියන 200ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

  • ‘Rebuilding Sri Lanka’ අරමුදලට මලෛයිගම් ජනතාවගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

    දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක  මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

  • ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ පිළිබඳ කතාබහක්

    නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’  යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 

  • ‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක් වෙයි.

    එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට බ්‍රිතාන්‍ය ජාතික ඕවන් කූපර් සමත්ව තිබේ.

    ඒ අමෙරිකාවේ පවත්වන 77 වන එමි සම්මාන උළෙලේ දී ය.

    15 හැවිරිදි වියේ පසුවන ඔහුට මෙම සම්මානය ලැබුණේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සඳහා ය.

    එය Netflix හරහා විකාශනය විය.

    රූපවාහිනී කතා මාලා කාණ්ඩය යටතේ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනය හිමි සම්මාන ද දිනා ගැනීමට ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සමත් වුනා.

    ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අතර මෙවර 77 වන වරට එමී සම්මාන උළෙල ඊයේ (15) රාත්‍රියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් රඟහලේදී පැවැත්විණි.

     

  • ‘කොළඹ අය-වැය දිනා ගත්තේ ඩීල් දමාගෙනයි’ - මුජිබර්

    මාලිමාව ඩීල් දමා කොළඹ මහ නගර සභාවේ අය වැය දිනාගෙන ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.

  • ‘ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ’ - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය ජනගත කිරීම

    විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ 'ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ' - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය 2026 මාර්තු 03වනදා අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.

  • ‘ට්‍රම්ප් කළ වැඩේ හොඳයි’ - රට ගිය විපක්ෂ නායිකාව යළි වෙනිසියුලාවට

    නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි.

  • ‘දිට්වා’ හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේ ය.

  • ‘නර්මදාගේ ස්වයංවරය’ තුළ සැඟව ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික පිළිබිඹුව

    ‘නර්මදාගේ ස්වයංවරය’ යනු ලේඛක කංචන දිසානායකගේ නවතම නවකතාව යි.

  • ‘පුවක්දණ්ඩා සනා’ චෝදනා එලෙසමයි.. පොලිසිය පැලවත්තේ වැඩේ කරන්න අරන්..- විමල් කියයි

    තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කර තිබේ.

    එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පුවක් දණ්ඩාවේ සඳහා නැමැති පුද්ගලයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු දක්වමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වගකීම තමන් තවදුරටත් දරන බවයි.

    පොලිසිය විසින් දේශපාලන උවමනාවන් මත කරුණු විකෘති කරමින් සිටින බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් සේ කටයුතු කරමින් සිටින බවත් ඔහු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කර ඇත.



  • ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය 14වෙනි දා එල්ෆින්ස්ටන් රඟහලේ දී...

    කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාජ සත්කාරක ක්‍රියාවලියට ආධාර පිණිස, කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව මගින් සංවිධානය කරනු ලබන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය මෙම මස 14වෙනි දා පස්වරු 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිත ය.

  • ‘මා ඝාතනයට ඔන්න මෙන්න..’ - වැලිගම සභාපති කල්තියාම ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිතුමාට යවපු ලියුමක් එළියට එයි!

    *සභාපති වෙන්න දෙන්නෙ නෑ මරනවා කිව්වා!

    *උසාවියට හරි සභාවට හරි එද්දී මරනවා කියනවා!

  • ‘මේකප්’ ප්‍රතික්ෂේප කළ දෙනවක හාමිනේ

    දෙනවක හාමිනේ ගැන ලියන්නට ගොස් මම බොහෝ වෙලා කල්පනා කරමින් සිටියෙමි.

  • ‘රාජ්‍ය ආයතන ඇතුළේ වැඩකට නැති අංශ 5,000ක්’- අමාත්‍ය අනිල් ජයන්ත  

    අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පැවසීය.

    ඒ අනුව, විද්වත් කමිටුවක් හරහා අදාළ නොවන ආයතන පිළිබඳව සොයා බලා ඉන් පසුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අංශය ඵලදායීව සිදුකරගෙන යෑමට සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

    විශේෂයෙන් ම, මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන, තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ ඒ මොහොතට අවශ්‍යව පිහිට වූ විවිධ අංශ ඊට ඇතුළත් බව ද හෙතෙම පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින බව ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේ ය.

    “අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. කෙටි කලකින් මේ ගැටලු සියල්ල විසඳන්න බෑ. නමුත් අපි මේ අභියෝග මැඩගෙන ඉදිරියට යමින් ඉන්නවා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව දැන් කටයුතු කරනවා. එහිදී අපට දැනගන්නට ලැබුණා මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ. ඒවාට විවිධ නම් තියෙනවා. නමුත් මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න.”


    (Anuradha Herath - mawbima)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න