රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය විශේෂ තීරණ කිහිපයක් ගත් බව 'අරගලය ජාතික ව්‍යාපාරය'සංවිධානයේ ලේකම් කැළුම් අමරසිංහ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (08) බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
සාධනීය ප්‍රතිචාරයක්
වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ලබාදීම සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මුල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තීණී රෝහිණී කවිරත්න විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ කුමාරි දයානන්ද ගේ 'ආලග්නි' කෘතිය පිළිබඳ සහෘද කතාබහටයි.
මාර්ටින් වික්‍රමසිංහ ට ‘මහ ගත්කරු’ යන විරුද නාමය ලැබෙන්නේ ඔහු විසින් ලියන ලද ප්‍රබන්ධ සහ විචාර ග්‍රන්ථ ආදියෙන් සිදු වූ සාහිත්‍ය සේවාව වෙනුවෙනි.
කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක්' සාහිත්‍ය සම්මාන උලෙළ යළි පැවැත්වීමට සූදානම් වන බව ප්‍රවීණ සිනමා විචාරක, සාහිත්‍ය නිර්මාණවේදී ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පෝස්ටුවක් පළ කර තිබුණි.
සම්මාන පිළිබඳ ධනාත්මක මෙන් ම ඍණාත්මක සංවාද සාහිත්‍ය ක්ෂේත්‍රය පුරා රැව්පිළිරැව් දෙන නිමේශයක මෙබඳු විකල්ප සම්මාන උලෙළකින් හෝ සාම්ප්‍රදායික සාහිත්‍ය ඉම්පෙදෙස් අභිභවන සාහිත්‍ය කෘති පාඨක ප්‍රජාවට හඳුන්වා දීමට ගන්නා උත්සාහය අගය කරන අතර ම ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුව මෙලෙසින් පළ කිරීට අපි අදහස් කළෙමු.
ප්‍රින්ස් සේනාධීර විසින් රචිත 'ඒ ලස්සන තුවාල කැළල' කෙටිකතා සංග්‍රහය මෙම මස 24වන දින සවස 02.30ට ජාතක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
කිසිඳු ආකාරයක මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියි.
කෙහෙළි ප්‍රකාශන ආයතනය ගොඩනැගුණේ බිංදුවේ සිට ය.
ගාසා තීරයේ ආරක්ෂාවට ඉදි කෙරෙන ජාත්‍යන්තර බලකායට එක්වීමට තුර්කි ආරක්ෂක හමුදාවන්ට අවසර නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
ගාසා වාසීන්ට ආධාර රැගෙන මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ සිය 'ගාසා ෆ්‍රීඩම්' (Gaza Freedom) සිවිල් යාත්‍රා මුළුවට අද (08) ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කළ බව එහි සංවිධායකයෝ පැවසූහ. පලස්තීන ප්‍රදේශය කරා යාත්‍රා කරමින් තිබු එම යාත්‍රා රැසකට ඊශ්‍රායල හමුදා බාධා කළ බවද ඔවුහු කියා සිටිති.
එම යාත්‍රා මත නැගි ඊශ්‍රායල හමුදා, එහි සන්නිවේදන කටයුතු කඩාකප්පල් කළ බව ද වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
Gaza aid flotilla says Israeli forces attack convoy, intercept several boats
ඔදියා සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා 30ක් රැගත් “ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා” කෘතිය කවිවර ප්‍රකාශනයක් ලෙස 2026 මාර්තු 8වන ඉරිදා පෙ. ව. 11ට ගම්පහ ආසියානු සාහිත්‍ය උලෙළේ දී පාඨක ඔබ අතට පත්කෙරේ.
දේශපාලන අධිකාරියේ වෙනස්වීමත් සමග රටේ සෑම ක්ෂේත්‍රයක ම පුළුල් වෙනසක් බලාපොරොත්තු වූ ජනතාව අධ්‍යාපන පද්ධතිය තුළ ඒ වෙනස ඉතා ප්‍රබල අයුරින් අපේක්ෂා කරන්නේ යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය පැවසුවා ය.
අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.
අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..
ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.
ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.
(සටහන | ජේ.මුණසිංහ)
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක
තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ක්ෂේත්‍රයන් මෙරට තරුණ තරුණියන්ගේ පෞර්ෂ සංවර්ධනයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉවහල් වන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක අවධාරණය කර සිටියි.
ඔහු එබව කියා සිටියේ, ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් සමග ඊයේ (16) පැවති හමුවකදීය.
ජාතික යොවුන් සේනාංකයේ ප්‍රගතිය පිළිබඳව විමසම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබිණ.
මෙහි දී ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් සිදු කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වුනු අතර යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනෙක් සඳහා පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි.
මෙම අවස්ථාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ වගකීම් භාරගැනීමට සිටින තරුණ පරපුරට හොඳ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතිනව බවයි..
තාරුණ්‍යයේ නායකත්වය, පෞර්ෂ සංවර්ධනය, විනය ගොඩනැගීම යොවුන් සේනාංකයේ මූලික කාර්‍යභාරය බවත්, වසර 4ක් තුළ දශක 4කට මේ රට භාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකය යන ආයතන දෙකටම පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තරුණයා වෙනස් කිරීමට පෙර අපිට වෙනස් වෙමු...
එම ආයතන දෙක තුළම සාධනීය වෙනස්කම් කරමින් ඉදිරියට යෑමට සිදු වන බවත්, පළමුව රටේ තරුණයා වෙනස් කිරීමට පෙර අපිට වෙනස් වීමට සිදු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති තරිඳු මුහන්දිරම්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අංජන සම්පත් අමරසිංහ ඇතුළු නිලධාරීන් එක් වූහ.
වර්තමානය වන විට ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ම ජාතිකත්වය පිළිබඳව පැවති සංගත භාවය අවසන් වෙමින් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ සිදුවීමක් සහ පොලීසිය සහ ස්වාමීන් වහන්සේලා අතර උණුසම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමත් රටේම කතා බහට ලක්ව තිබේ.
"ජීවිතය යනු අර්ථ විරහිත හිස් අවකාශයක, අර්ථයක් සෙවීමේ අඛණ්ඩ අරගලයකි. නාගරික ජීවිතයේ නිරන්තර වෙනස්වීම් හමුවේ මතකයන් මැකී යන දේශයක, සත්‍යය යනු අතීතයෙන් උරුම වූ දෙයක් නොව, වර්තමානයේ දී අප විසින් ම තෝරාගත යුතු තීන්දුවකි.
ඩෙන්මාර්කයේ ඉදිරි ආරක්ෂාව මීට පෙර නොවූ පමණේ දැඩි බාහිර තර්ජනයන්ට ලක්ව ඇති බව, එරට හමුදා බුද්ධි ඒජන්සිය පවසයි.
කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් පැනපු බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ තිබී සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

