'හඳුන්ගේ කතාවලට' බිමල් බකබක ගගා හිනාවෙද්දී චතුරංග පොඩි සපෝට් එකක් දෙයි

'හඳුන්ගේ කතාවලට' බිමල් බකබක ගගා හිනාවෙද්දී චතුරංග පොඩි සපෝට් එකක් දෙයි

අමාත්‍ය බිමල් රත්නායක  විසින් ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති  කළ ප්‍රකාශයක් පිළිබදව විමසා සිටියේය.

ඊට බිමල් රත්නායක  ප්‍රතිචාර දැක්වූයේ බක බක ගාගා හිනාවෙමිනි.







මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කරනු ලබන ප්‍රකාශ හාස්‍යයට ලක්කරමින් සමාජ මාධ්‍යවල පලවී ඇති විවේචන පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා වන Chathuranga Abeysinghe සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.


ලියමිදෝ නොලියමිදෝ කියල හිතල, ලියන්න හිතුනා.

ඔව් හදුන්නෙතිති සහෝදරය කියපු වචන කීපයක් කාලෙන් කාලෙට රස කරන්න පුරුදු වෙච්ච සෙට් එකක් ඉන්නවා,

හැබැයි ඒ කිසිවෙක් හඳුන් මේ සමාජයට දේශපාලනයට කල කාර්‍යබාරයෙක් අල්ප මාත්‍රයක්වත් සමාජට දායාද කල අය නෙමේ.

මාතර මාලිමාවේ විශිෂ්ඨ ජයග්‍රහණයේ සිට මාලිමාවේ දෙස් විදෙස් සංවිදාන කුසලතාව, අවංත්වය හා නිහතමානීත්ව වෙන කාගෙන්වත් ඒ ලෙවල් එකට බලාපොරොත්තු වෙන්න අමාරුයි, දූශිතයන් පාදඩයන් හා සිය පවුල්වල ධනය බලය වර්ධනය කරන්න දේශපාලනය කල අයට හුරේ දාල කඩේ ගිය අයට හදුන් වගේ අය දිරවන්නෙ ණෑ..

මොකද හදුන්ල අපේ පරම්පරාවට දායද කල දේශපාලන සංස්කෘතිය, දැණුම හා කැපකිරීම ඒ කාටවත් අනාගතේවත් සම කරන්න බෑ.

සමහරු අහහනවා ජවිපෙිපෙර්ණකාලිනයන් මොනවද  කැප කරන්නෙ කියල, පූර්ණ කාලීන දේශපාලකයන් කැප කරන්නෙ ශ්‍රමය, ඔබ ව්‍යාපාරයකට හෝ තම පුද්ගලික ව්‍යාපාරය ගොඩනගන්න උදේ හවා වගුරන ශ්‍රමය හදුන්ල අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ගොඩනගන්න හා හෙටත් පවත්වාගෙන යන්න කැප වෙනවා.

ඒව කාට හරි ජෝක් වෙනවනම් මම කියන්නෙ පුද්ගලික අරමුණු අතහැරල පුලුවන් නම් මාසයක පොදු අරමුණුකට ස්වෙච්ඡාවෙන් වගකීම් ගන්න කියල..

බෑ ඔය හෑලි ලියන, කියවන කාටවත්ම බෑ 

හඳුන්ව මම ලඟින්ම හදුන ගන්නේ වත්මන් රජයේ කර්මාන්ත ඇමති විදිහට, ඔව් මගේ Line Manager විදිහට. ලංකාවෙ වැදගත්ම අමාත්‍යාංශයක් හඳුන් මෙහෙයවන ආකාරය ගැන සටහනක් තියන්න වෙනවා.

අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය, අධ්‍යක්ෂකවරු, කර්මාන්ත හිමියන්, අතිරේක  ලේකම්වරු හඳුන් ගැන ඕනෙම තැනක සාක්ෂි දරාවී. නිහතමානීත්වය, ඇහුම්කන්දීම, සාමුහික තීරණ, සෘජුබව හා, සේවක නිදහස නායකත්වයක වැදගත් ලක්ෂණ.

මේ සියල්ල එක්ක මාස 9ක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය මෙහෙයවීම මටනම් අති විශිෂ්ඨයි. හඳුන් වගේම මමත් අමාත්‍යාංශයට අළුත්, අපේ අතින් වැරදී වෙන්න පුලුවන් වචන අතපසු වෙන්න පුලුවන් නමුත් මේ ලංකාවෙ කර්මාන්ත කරනයේ නව යුගයක ආර්ම්භය සටහන් වෙන මොහොතක්.

අපේ වැරදී අඩු පාඩු හදාගන්න අතරේ අමාත්‍යාංශයේ සාදනීය ජයග්‍රහණයන් පිළිබඳවත් කතාකරනවනම් රටට හොදයි.

?දූශිතයන්ට කරගන්න බැරි වෙච්ච අමාත්‍යාංශය යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යාපාරය සියල්ලම පාහේ නිසි කළමනාකරණයට ලක් වෙලා ඉන් බහුතරයක් රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධන මාවතකට ඇවිත්


?කර්මාන්කරණයේ ප්‍රධානම බාධාව වන ඉඩම් ගැටළුවට විසඳුම් ගේන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය එකඟතාවය අරන්.



?පැදුරෙන් වහල තිබ්බ ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හා Anti Dumping ප්‍රතිපත්තිය එලියට ඇවිත්



?අපනයන ප්‍රවර්ධනයට අදාල EDCM එක දැන් ක්‍රියාත්මක වෙලා ගැටළු බහුතරයක් විසඳමින්



?කර්මාන්ත පරිවර්තනයට හා ව්‍යවසායකත්ව සහයට අවශ්‍ය ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත වෙලා නව ආයතනයක් ගොඩනැගෙමින්

 


?ව්‍යවසායකයන් පුහුණු කරන නිලධාරීන් නව අධ්‍යාපන හා දැණුම හා කුසලතා වර්ධනය ක්‍රියාමාර්ගයකට ඇවිත්

 


?දූශිතයන් අරක් ගත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිදිත වී කර්මාන්තය නගාසිටුමින්

 


?වැඩබැරි දූශිතයන්ට කරගන්න නොහැකි වූ ඛනිජ ප්‍රතිපත්තිය අවසන් වී ඒ ආශ්‍රිත කර්මාන්තය සංවිදිත වෙමින්

 


? කර්මාන්ත හා ව්‍යවසායකයන්ට සහය වෙන ප්‍රාදේශීය ආකෘති ශක්තිමත් වෙමින්



ඇත්තටම මේ සටහන මාලිමාවට ආධාර කල, System Change එකකට කතිරෙ භාවිතා කල අය කියෙව්වම ඇති

වමේ දේශපාලනය දකුණට තේරෙන්න ණෑ ඒ ගැන කනගාටුවෙන්න එපා ඒ වගේම මාලිමාවෙ දේශපාලනය මාලිමාවෙ නොවන අයට තේරෙන්නෙත් නෑ..

(චතුරංග අබේසිංහ)




HADUN 2025101

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න