මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත් කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
දණ්ඩ නීති සංග්‍රහය, සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
නිවාස, පාසල්, රැඳවුම් නිවාස, මහාමාර්ගය ආදී ස්ථානවලදී දරුවන් කෘරත්වයට පත් වන බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව පසුගිය වසරේදී දරුවන් 1,350 දෙනෙකු කෘරත්වයට පත්ව ඇති බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් පැවසුවාය.
දරුවන් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දඩුවමට ලක්කිරීමෙන් ඉහළ ශිෂ්‍ය සාධනයක් අපේක්ෂා කළ නොහැකි බව පැවසු කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.
"දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය අවශ්‍ය වී තිබෙනවා. දරුවන්ගේ හිංසන සම්බන්ධයෙන් දඩුවම් කිරීමේ දී ශාරීරික හිංසන සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ළමුන් හා යෞවනයන් පූර්ණ සංවර්ධනයට පත්වන බවට වග බලාගත යුතු වෙනවා.
ඔවුන්ගේ සුබ සිද්ධිය රජය විසින් සිදුකළ යුතු වෙනවා. ගෝලීය වශයේන අපි නීති හා පතිපත්ති සමඟ එක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය සමඟ අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් හදුන්වා දී තිබෙනවා. ළමුන් ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අද ඉදිරිපත් වන වගන්තිය සංශෝධනය කළයුතු වෙනවා.
පසුගිය කාලයේ ළමුන්ට සිදුවන කෘරත්වය 2011 වසරේ දී 1156 වශයෙන් සිදුව තිබෙනවා. 2020 වනවිට 2237 ක් ද 2022 දී 2096, 2024 වසරේ දී 1950 ක් සහ මේ වසරේ මේ වනවිට 1126 ක් අපරාධ වාර්තා වී තිබෙනවා. මේ ගැන කතා කිරීමේ දී කරුණු රැසක් තිබෙනවා.
ළමුන් කෘරත්වයට පත්වන අවස්ථා තිබෙනවා. නිවෙසේදී, ළමා නිවෙසේදී, පාසලේදී, බස් රියේ දී එවැනි දේ සිදුවෙනවා.
පසුගිය කාලයේ අපි විවිධ දේ දැක තිබෙනවා. ළමුන් විවිධාකාරයෙන් කෘරත්වයට පත්ව තිබෙනවා.
මව විදේශ ගතවීමේ දී ළමුන් ඇතැම් විට කෘරත්වයට පත්වෙනවා. ළමුන් විකල්ප රැකවරණ භාරයට දී ගියත් දරුවන් කායික, මානසික හිංසනයට ලක්වෙනවා. පසුගිය කාලයේ ඕනෑ තරම් අත්දැකීම් අපිට තිබෙනවා.
ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර තිබෙන රටක් ලෙස 1991 වසරේ දී අපි අපරානුමත කර තිබෙනවා. යම්කිදසි දරුවෙක් රැකවරණයේ දී හිංසනයට ලක්වෙනවා නම් ඒක වරදක් වෙනවා.
අද ගේන පනතින් අපි අපේක්ෂා කරන්නේ සියලුම දරුවන් හිංසනයෙන් මුදා ගැනීමයි. ලංකාව අත්සන් කළ ප්‍රධාන වගකීම්වලින් එකක් වෙනවා.
ඒ වෙනුවෙන් නීතිමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ගන්න පූර්ණ එකඟත්වය පළකළ රාජ්‍යයක්. ඒ අනුව දරුවන් කායික හෝ මානසික හිංසනයට ලක්කරන්න බැහැ. ඒ අනුව දරුවෙක් අයිති වන්නේ ප්‍රදේශයේ දිසා අධිකරණයටයි.
ඒ නිසා අපි ගේන සංශෝධන තුළින් දරුවන්ට වඩා හොඳ හෙට දිනක් නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා.
පාසල් තුළ ශාරීරික දණ්ඩනය ද වරදක් වෙනවා. 2016 අංක 12 දරණ චක්‍රලේඛයෙන් පාසලේ විනය ගැන සඳහන් කර තිබෙනවා.''