Language Switcher

Ad

Ad 01

V2025

කොළඹ මහජන පුස්තකාලය පාඨක සේවා නැවත ආරම්භ කරයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබු කොළඹ මහා නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය සහ වැඩිහිටි බැහැරදීමේ පුස්තකාලය 2021-01-04 වන දින සිට ප.ව.8.00 සිට ප.ව 4.00 දක්වා පාඨකයින්ට නැවත විවෘත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇත.

එමෙන්ම එහි සේවාවන් සදුදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින 06 ක් ඉහත කාල සිමාවන් තුළ විවෘතව පවතින අතර, සේවා අධ්‍යයන කටයුුවල නිරත විශ්වවිද්‍යාල සිසුන් සදහා අධ්‍යනය ශාලා පහසුකම් හා විමර්ශ්‍න පුස්තකාලයද විවෘතව තැබේ.

කොළඹ මහජන පුස්තකාලයේ විද්‍යුත් සුචිය (Open Public Access Catalogue) pl.colombo.mc.gov.lk මඟින්ත ප්‍රවේශ විය හැකිය.