Language Switcher

V2025

යාපනයේ සිනමා වසන්තය; සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී

ලබන අප්‍රේල් 07 වැනිදා 06 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම සිනමා උළෙල යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හැඳින්වේ.

උළෙලේ සම්මාන ප්‍රධාන උත්සවයට සමගාමීව අප්‍රේල් 03 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී “ට්‍රැවලින් ෆෙස්ටිවල්” නමින්unnamed සිනමා දැක්මක් පැවැත්වේ. එහි දී තෝරාගත් සිනමාපට 10ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සිනමාවේදී අනෝමා රාජකරුණා පවසයි.

“ට්‍රැවලින් ෆෙස්ටිවල් එකක් තියන්නේ මොකද කොළඹ ඉඳලා විශාල පිරිසක් යාපනයට එනවා හැම අවුරුද්දකම. මේ අවුරුද්දේ කොවිඩ් වසංගත තත්වය නිසා අපි ගොඩක් උනන්දු කළේ නැහැ යාපනයට එන්න. සිනමා උළෙලේ සිනමාපට 60 ගණනකට ආසන්න සංඛ්‍යාවක් තිබුණා.

ඒ අනුව අන්තර්ජාතික, දේශීය සහ කුළුඳුල් සිනමාපටය යන උළෙලේ තරගකාරී අංශ තුන යටතේ තරග කර ජයග්‍රහණය කළ සිනමාපට තුන සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන අප්‍රේල් 7 වැනිදා ප්‍රදර්ශනය කරනවා.

කෙසේ වෙතත්, කොවිඩ් – 19 වසංගත තත්වය යටතේ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නීතිවලට අනුව යමින් විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සම්මාන ප්‍රධානොත්සවය විවෘත කෙරෙන අතර සිනමා දැක්මේ ආසන සංඛ්‍යාවද සීමිත වේ.” යැයිද ඇය පවසයි.

සිනමාපට ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,

167807942 1616621621876947 7268595032502031820 n