Language Switcher

V2025

මිලානෝ වියා පාදොවා ධර්ම නිකේතනයේදී සෙත්පතා බෝධි පූජාවක් !

මිලානෝ වියා පාදොවා නො: 318 ධර්ම නිකේතනයේදී පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ සවස 6.00ට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම මැතිණිය,මංත්‍රී නලින් බණ්ඩාර හා එම මැතිණිය ඇතුලු සමස්ථ රටවැසියන් හා ලෝක වාසීන් වෙනුවෙන් සෙත්පතා බෝධි පූජාමය පිංකම මිලානෝ සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් හා මිලානෝ වැසියන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය….  

බඬල්කුඹුරේ ධම්මංශ නායක හිමිපානන් ඇතුළු තුන් නමක් විසින් උද්ගත කොරෝනා වසංගතයෙන් පීඩා විඳින විපක්ෂ නායක තුමා එම බිරිඳ, නලින් බණ්ඩාර මංත්‍රී තුමා හා එම බිරිඳ ඇතුලු සමස්ථ රටවැසියන් වෙනුවෙන් සෙත්පතා සිදුකළ බෝධි පූජා පිංකම,පවතින කොරෝනා වෛරසය නිසාවෙන් සීමිත පිරිසක් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකරන ලදී…

මිලානෝ සමගි ජනබලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරීකයකු හිටපු මීගමුව නාගාරික මංත්‍රී වරයකුවන අසේල දාබරේ  හා පිරිස විසින් සංවිධානය කරන ලද පිංකම වෙනුවෙන් මිලානෝ නුවර විශාල ජන සහභාගීත්වයෙන් සිදුවීමට නියමිතව තිබුනද විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම හා කොවිඩ් නීති රෙගුලාසි ප්‍රකාරව ක්‍රියාකාරී සීමිත පිරිසක් පමණක් සහභාගී වෙමින් සිදු කළ සාර්ථක ආමිසපූජාවක් ලෙස ප්‍රාදේශීය ඉතාලි ජනමාධ්‍ය හා එම ප්‍රදේශයේ ඉතාලි ජාතිකයන් විසින්ද ඇගයීමක ලක් විය..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ 

ඉතාලිය

WhatsApp Image 2021 05 30 at 17.59.20

WhatsApp Image 2021 05 30 at 17.59.21

WhatsApp Image 2021 05 30 at 17.59.21 1

 

WhatsApp Image 2021 05 30 at 17.59.21 2

WhatsApp Image 2021 05 30 at 17.59.23

WhatsApp Image 2021 05 30 at 17.59.22