Language Switcher

Ad

Ad 01

V2025

රංගන ශිල්පී "සැන්ඩෝ" හැරිස් අභවප්‍රාප්ත වෙයි

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පීයෙක් ලෙස සලකන "සැන්ඩෝ" හැරිස් මහතා හදීසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

49 හැවිරිදි ඒ මහතා තම නිවස තුළ දී මිය ගොස් ඇත.

මේ වන විට ඔහුගේ දේහය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවෙසට අද (11) උදෑසන පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් ඇත.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ සැන්ඩෝ හැරිස් මහතා චෙරියෝ සාජන්ට් ප්‍රහසන වේදිකා නාට්‍යය හරහා මෙරට ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර විය.

රජ සෙල්ලම්, රන් හදවත, ගිනි අවි සහ ගිනි කෙළි, මචං ආදී චිත්‍රපට සහ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන ලද A Common Man චිත්‍රපටයට ද රංගනයෙන් දායක විය.