Language Switcher

V2025

සුපිරී ක්‍රීඩිකා චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හරී : සිම්බාබ්වේ ගිය 7 කට කොරෝනා !

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් දැනගන්නට ඇත.

සිම්බාබ්වේ ගිය 7කට කොරෝනා ?

මේ අතර සිම්බාබ්වේ හි පැවති අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් ඇතුළු කණ්ඩායමේ හත් දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව තහවුරු කළේය.

සිම්බාවේ ඔමික්‍රොන් ලෙස නම් කර ඇති නව කොරෝනා ප‍්‍රභේදය ආසාදිතයන් හදුනාගත් රටවලින් එකක් වන අතර එරට සිට කිසිවෙකුට ශ‍්‍රී ලංකාවට අතුළු වීම තහනම් කර තිබේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් අදාල තරගාවලියද මේ වන විට අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සෙසු පිරිස ඩුබායි හරහා ආපසු පැමිණීමට නියමිතව ඇති අතර ආසාදිත පිරිස එරට රැදී සිටිමටද නියමිතය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ එම පිරිස මෙරටට පැමිනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන බවයි.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විතය.