Language Switcher

V2025

රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් - රෝහණ වීරසිංහ

කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද තමන්ට ඇත්තේ විශාල පසු තැවීමක් බවත් ඒ පිළිබඳව රාජපක්ෂලා ජනතාවට කන් නොදීම නින්දා සහගත බවත් සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ සිය මුහුණු පොතේ සටහනක් යොදමින් සඳහන් කරයි.

සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මේ බව සඳහන් කර ඇත්තේ, මේ වනවට ගාලු මුවදොර ප්‍රදේශයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට “ගෝටාගෝගම” ලෙස හඳුන්වන ස්ථානයේ සිට දින 04ක පටන් පවත්වනු ලබන වත්ම දුර්දාන්ත ආණ්ඩුවටත්, ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් වහාම ඉල්ලා අස්වන ලෙස දන්වමින් පවත්ව විරෝධතාවයට සහාය පල කරමින් අද (12) දින ප්‍රවීන ගායන ශිල්පිනී නන්දාමාලනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සහභාගී වීමෙන් පසු සිය මුහුණු පොතේ විශේෂ සටහනක් යොදමිණි.

එය පහතින් පල වේ,

“අපේ ආදරණීය නන්දා අක්කාත් සුනිල් අයියාත් අද ගෝටාගෝ ගම අරගල භූමියට යාමත් සමග මගේ නිහඩ බව ගැන බොහෝ දෙනෙක් දැන් ව්මසනවා. ඇත්තෙන්ම මුලු හදවතින්ම මා මේ අරගලයට සුබ පතනවා? ආශීර්වාද කරනවා.

බොහෝ දෙනා මාවෙත ඇගිල්ල දිගුකරන අයුරු, කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව අද මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක්. මගේ ජීවිතයේ මැකිය නොහැකි කලු ලපයක් ඇතිවූ බව මම හිතට එකගව පිලිගන්නවා. කවුරු අතිනුත් එවැනි වැරදීම් සිදුවීම ස්වභාවික දෙයක්.

2019 දී මාද 69 ලක්ෂයේ එක් අයෙකු වූවා පමණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ මුලු දේශපාලන ක්ෂේත්‍රය පිලිබදවම අසීමිත කළකීරීමට පත්ව සිටිමුත් 69 ලක්ෂයේ අන් හැමදෙනා මෙන්ම මමත් ඒ සිහින බලාපොරොත්තු වලට යටවුන බව සත්‍යයක්.

ඒත් අද මේ යතාර්ථය සක්සුදක් සේ පැහැදිලියි. හොරකම – දූෂනය – වංචාව පවුල්වාදය – අවනීතිය – අකාර්‍යක්ෂමතාව – නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි.

නිහඩව සිටියත් ජනතා අර්ගලයේ නාඩිය මටත් දැනෙනවා. අරගලයට ජයවේවා ????”