Language Switcher

V2025

OLU Swim Week Colombo කොළඹදී

නවතම පිහිනුම් සහ සුඛෝපභෝගී හෝටල් විලාසිතා සම`ගින් OLU Swim Week Colombo හි 5 වන අදියර ඉතා උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය. එහිදී ශ‍්‍රී ලාංකේය නිර්මාණ ශිල්පීන් 9 දෙනෙකු සහ විදේශීය නිර්මාණ ශිල්පීන් 6 දෙනෙකු විසින් සිය නිර්මාණයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර නැගී එන නිර්මාණ ශිලපීන් 8 දෙනෙකු විසින් නවතම සංකල්පයන්ට අනුව සජීවී විලාසිතා දැක්මක් ඉදිරිපත් කිරීමටද කටයුතු යොදා ඇත.

මෙවර ප‍්‍රදර්ශනය කලාව, විලාසිතා, ආහාර හා සංගීතය යන නිර්මාණාත්මක අංශයන් 4ක් පදනම් කර ගනිමින් පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකා සංචාරක සහ ප‍්‍රවර්ධන කාර්යාංශයේ So Sri Lanka විසින් සතියක් පුරා පවත්වනු ලබන කොළඹ සැමරුමෙහි කොටසක් ලෙස එය සංවිධානය වනු ඇත. අගෝස්තු 03 වනදා සිට 10 වනදා දක්වා ‘කොළඹ සැමරීම’ පැවැත්වෙන අතර ඒ සම`ග අගෝස්තු 8 සිට 10 වැනිදා දක්වා ‘කොළඹ පිහිනුම් සතිය’ ප‍්‍රදර්ශනය පැවැත්වේ. OLU Swim Week Colombo මෙවර ප‍්‍රථම වරට ෂැංග‍්‍රිලා හෝටලය, කොළඹ - හිල්ටන් සහ ගාලූ මුවදොර හෝටලය යන හෝටල් හවුල්කරුවන්ගේ සත්කාරකත්වයෙන් ප‍්‍රදර්ශනය වනු ඇත.

OLU Swim Week Colombo යනු පිහිනුම් ඇ`දුම් සහ සුඛෝපභෝගී හෝටල් ස`දහා වන ආසියාවේ ප‍්‍රථම විලාසිතා සතිය වන අතර එය සංචාරක ගමනාන්තයක් ලෙස කොළඹ නගරයෙහි විශේෂත්වය පිළිබිඹු කරනු ඇත. මීට පෙර පැවති Swim Week Colombo තුළින් පෙන්වා දී ඇති පරිදි Swim Week Colombo යනු ශ‍්‍රී ලාෙංක්ය නිර්මාණ ශිල්පීන්ට මෙන්ම කලාපීය නිර්මාණ ශිල්පීන්ටද කදිම වේදිකාවක් වන අතර ඒ තුළින් විශ්ව පිහිනුම් ඇ`දුම් කලාව පිළිබ`ද ඔවුන් තුළ වැඩි අවබෝධයක් ඇති කරනු ලබයි.

OLU Swim 1

OLU Swim2

OLU Swim3

OLU Swim4

OLU Swim5