Language Switcher

Ad

Ad 01

V2025

චන්ද්‍රයාන් 2 සඳ පෙනි පෙනී නොපෙනී යයි

ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම යටතේ අද අලුයම සඳ මතුපිටට ගොඩ බැස්වීමට ගිය වික්‍රම් යානය හා පෘථිවිය අතර සබඳතා අක්‍රීය වී ඇති බවට වාර්තා වේ.

චන්ද්‍රයාන් 2 යානයේ පවතින වික්‍රම් නැමති යානය සහ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර තිබු සන්නිවේදන සබඳතා සඳ මත ගොඩ බෑමට තත්පර කිහිපයකට පෙර බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම මෙහෙයුම සජීවිව දැක බලා ගැනීමේ අරමුණින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද බැංග්ලොර්හි පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ය.

මෙහෙයුම අසාර්ථකවීම පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බලාපොරොත්තු අත් නොහැරිය යුතු බවයි.

චන්ද්‍රයාන් 2 යානය පසුගිය අගෝස්තු මස 20 වන දින ඉන්දියාවෙන් කක්ක්ෂගත කෙරුණි.

image 2f07c2dbc4