Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කසුන් සමරතුංග ලියූ 'අංගුලිමාල සුළඟ' සහෘදගත වෙයි! 

කසුන් සමරතුංග රචනා කළ 'අංගුලිමාල සුළඟ' කාව්‍ය සංග්‍රහය එළැඹෙන ජනවාරි 13 වන සඳුදා දින සහෘදගත වන්නට නියමිත ය. 

කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී එදින සවස 3.00ට ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයෙහි කටයුතු ආරම්භ වේ. 

විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආරාධිත දේශනා පැවැත්වීමට නියමිත අතර ළහිරු කිතලගම සභාව මෙහෙය වනු ඇත.

මීට පෙර 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය සහ 'විත අස පත' තීරු ලිපි සංග්‍රහය රචනා කළ කතුවරයා ගේ තුන්වන සාහිත්‍යමය ප්‍රයත්නය මෙය වෙයි. 'අංගුලිමාල සුළඟ' KSP ප්‍රකාශනයකි. මිල රු: 200.00 යි.

CCCC