Language Switcher

V2025

සමලිංගිකත්වය රෝගයක් ? අමා දිසානායකගේ ලෙඩේට : මනෝ විද්‍යාඥයකුගෙන් ප්‍රතිචාර !

සමලිංගිකත්වය රෝගයක් ලෙස අමා දිසානායක මහත්මිය කළ වීඩියෝවක් සමාජ ජාලා තුල සංසරණය වීමත් , එයට ප්‍රතිකාරයක් ලෙස Cognitive Behavioural Therapy ( ප්‍රජානන චර්‍යාත්මක චිකිත්සාව ) යොදා ගත හැකි යයි පවසා තිබීමේ යම් නිවැරැදි කිරීමක් කළ යුතු බව කාලෝචිත බව හැඟුනි...!
 
Sex සහ Gender යනු දෙකක් බව අප දනිමු.
එනම් කාන්තා සහ පිරිමි ජීව විද්‍යාත්මකව බෙදීම ( Sex ) ලෙසත් ජීව විද්‍යාත්මකව දරුවාට සමාජය තුල සකස්විය යුතු , ජීවිත් විය යුතු ආකාරය ගැන ගොඩනැගී ඇති නිර්මිතය ( Gender ) හෙවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙසත් සැලකේ.
සරළවම " ගැහැනු මේ ලෙසත් , පිරිමි මේ ලෙසත් විය යුතුය " යන සමාජ නිර්මිතයයි.
 
  මවු කුස තුල වැඩෙන කලලයේ  23 වන ලිංගික ක්‍රෝමසෝම XX යුගලය ස්ත්‍රී සහ පියාගෙන් ලැබෙන Y ක්‍රෝමසෝමයෙන් XY යුගලයෙන් පුරුෂ භාවයද Y ක්‍රෝම්සෝමයේ පවතින SRY ජානයෙන් කලලයේ පුරුෂ ලිංගික අවයව වර්ධනය වීමට උත්තේජනය සපයයි.
 
නමුත් මොලයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන ලිංගික හෝමෝන ශ්‍රාවයේ යම් වෙනස්කම් ජීව විද්‍යාත්මක නිර්මිතය කෙසේ වෙතත් පුද්ගලයාගේ ලිංගික දිශානතිය (Sexual Orientation ) තීරණය කරයි.
 
එනම් ඔහු පුරුෂ උපතක් ලැබුවද පුරුෂයකු කෙරෙහි අනුරාගය , ආකර්ශනය ඇති වීමටත් , ලිංගික සම්බන්ධතා කෙරෙහි පෙලබීමක්ද ඇතිවිය හැකිය. කාන්තාවට ද මෙය අදාලය.
සමලිංගිකත්වය ( Homosexuality ) යනුවෙන් හඳුන්වන්නේ මෙයයි.
 
නමුත් අද වන විට Orthodox Sexual Orientation නැතහොත් Heteronormativity ( විරුද්ධ ලිංගිකයාට පමණක් ආකර්ශනය වීම ) නොවන පාර්ශ්වය LGBTQ ප්‍රජාව ( Lesbian , Bisexual , Gay , Transgender , Queer ) යනුවෙන් හඳුන්වයි.මෙහිදී Queer යන යෙදුමෙන් විරුද්ධ ලිංගික ( Heterosexual ) පමණක්ම නොවන ප්‍රජාව හඳුන්වයි.
 
ඉතිහාසයේ දී සමලිංගිකත්වය රෝගයක් ලෙස හැඳින්වූ අතර සිරගත කිරීම් , මරණයට පත් කිරීම් සහ විවිධ තාඩන පීඩන වලට මෙම ප්‍රජාව ලක්වී ඇත. 
 
1952 - DSM - I (Diagnostic and Statistical Manual of Mental Disorders ) ඇමරිකානු වර්ගීකරණය තුල සමලිංගිකත්වය රෝගයක් ලෙස හැඳින්වූවද, 
 
1973 DSM - II , 7 th Edition තුළ  මෙය " Sexual Orientation Disturbance " ලෙස ලිංගික දිශානතියේ අවහිරතාවක් ලෙස සඳහන් කර ඇත. එනම් එය මානසික රෝගයක් යනුවෙන් වර්ගීකරණය කීරීම බැහැර කර ඇත.
 
මේ තත්වයන් සඳහා LGBTQ ප්‍රජාවත් , ඔවුන්ගේ ආධාරක කණ්ඩායම් කළ නිරන්තර සමාජ අරගල හේතුවී ඇත.
Homosexuality සඳහා Conversation Therapy 
 
එනම් ,
1 . අත්වලට , ලිංගික අවයව වලට විද්‍යුත් ධාරාවක් ඇල්ලීම ,
 
2. වමනය ඇතිවන ඖෂධ වර්ග දීම ,
 
3.හෝමෝන ප්‍රතිකාර ලබාදීම සිදු කර ඇත.
 
නමුත් මේ වනවිට ඇමරිකානු මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඇමරිකානු මනෝ විද්‍යාත්මක සංගමය ( APA ) සංගමය,
Sexual Orientation වෙනස් කිරීමට කරන ප්‍රතිකාර Unethical Practice ( ආචාර ධර්මානුකූල නොවන ) ලෙස හඳුන්වා ඇත.
 
එහෙත් , 
 
තමන්ගේ ලිංගික අනන්‍යතාව පිළිබඳ ගැටලුවක් ඇති විටදී , එනම් තමන් උපත ලද ලිංගික තත්ත්වය ( Sex ) වෙනස් ලෙස මානසිකව හෝ ශාරීරිකව දැනෙන අවස්ථා වලදී , වෛද්‍ය උපකාර ලබා ගැනීමේ හැකියාව පවතී.
 
1. Transsexualism 
( ICD - 10 , F 64.0 )
 
තම ලිංගයට විරුද්ධව ජීවත්  වීමේ අවශ්‍යතාව 
 උදා : ගැහැනිය ලෙස  උපත ලද කෙනෙකු , පිරිමියකු ලෙස ජීවත් වීමට , එසේ වීමට හෝමෝන සහ ශල්‍යකර්ම කර ගැනීමට  යොමු වීම.
 
2. Sexual Maturation Disorder 
 
තම ලිංගිකත්වය පිළිබඳ නිශ්චිත හැඟීමක් නොමැති වීම සහ ඒ නිසා ඇති වන ආතතිය සහ කාංසා තත්වය.
 
( Gender Dysphoria - DSM - 5 )
 
මනෝ වෛද්‍ය සහ මනෝ විද්‍යාඥයින්ගේ සහාය ලැබිය යුතු අවස්ථා ;
 
1. ග්‍රස්තිය ( Obsession ) නිසා ඇතිවන 
සමලිංගික හැඟීම් .
 
2. Delusions ( යතාර්ථවාදී නොවන සිතිවිලි නිසා ඇතිවන එවන් හැඟීම් 
 
3. Transgender ( ලිංග විපර්යාස ) අවස්ථා වලදී
 
4. Episodic Homosexual Behaviour 
 
( එනම් ඇතැම් තරුණ තරුණියන්ට , පාසල්   , විශ්ව විද්‍යාල නේවසිකාගාර වල සිටින කාලවල තාවකාලිකව හෝ ස්ථීර සමලිංගික චර්‍යා ඇති විය හැක. එවන් ඇබ්බැහි වීම වැනි කාරණා වලදී මනෝ වෛද්‍ය , මනෝ විද්‍යඥ සහාය පැතිය හැක.
 
( As a multi disciplinary approach by the professionals )
 
***** මනෝ වෛද්‍යවරුන්ට Transgender පුද්ගලයනට කරන ලද සියලු ශල්‍ය සහ මනෝ ප්‍රතිකාර වලින් පසු නව ලිංගයට අදාල "
 
***Gender Certificate නිකුත් කිරීමේ හැකියාව ඇත. *********
 
නමුත් CBT ( Cognitive Behavioral Therapy )වල සහාය පැතිය හැක්කේ ඉහත අවස්ථා වල එක් මනෝ ප්‍රතිකාරයක් ( Psychotherapy ) මිස , 
 Homosexuality ( සමලිංගික දිශානතිය වෙනස් කිරීමට නොවේ....!
 
 IMG 20210617 184442මනෝ විද්‍යාඥ
මධුර ගුණවර්ධන