රාජ්‍ය සේවකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු තැකීමක් නොකළ කලක් ගුරුවරයෙක්ව සිට ඇමති වූ රිචඩ් පතිරණ මහතා එතෙක් අධ්‍යපන සුදුසුකම් මත ගෙවමින් තීබු ගුරු වැටුප කිසිදු පදනමකින් තොරව වැඩි කරමින් ගුරු සේවය පිහිට වූ අතර, ප්‍රශ්නයේ ආරම්භය සටහන් වන්නේ ගුරු සේවය පිහිටුවීමත් සමගය.
1994 වර්ෂයේ දී ගුරු සේවය පිහිට වූ අතර එහිදී ගුරුවරුන්ගේ වැටුප් පමණක් අනිත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වලට වඩා 35% සිට 53%ක් දක්වා වැඩි කළේය. පසුව ඊට සමගාමීව විදුහල්පතිවරුන්ට ද මේම වැටුප වැඩිවිය. (අධ්‍යාපන පරිපාලන සේවය ඇතුළු අනිත් රාජ්‍ය සේවකයන්ට නොලැබුණු මෙම වැටුප් වැඩිවීම පිළිබඳව කිසිවක් සඳහන් නොකිරීමට වර්තමාන ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් ඉතා සූක්ෂමව කටයුතු කරමින් සිටී)
ඒ අනුව 1994දි අධ්‍යාපන පරිපාලන සේවයේ වැටුප් වැඩිවීමක් සිදු නොවූ බැවින් පැවැති තත්ත්වය මත බහුතරයක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නියමිත සුදුසුකම් සපුරා නොමැතිව තිබූ නමුත් 1997ට පෙර වසර දෙකක් පමණක් ගුරුවරයාගේ වැටුප විදුහල්පතිවරයාගේ වැටුප සහ කලාප අධ්‍යක්ෂකගේ වැටුප එක හා සමාන විය.
පසුව 1997 දි රාජ්‍ය සේවකයාගේ අධ්‍යාපන සුදුසුකම්, රාජකාරි විෂය පඨය හා වගකීම් මත පදනම්ව වැටුප් වැඩි කිරීමක් සිදු කළේය. එහිදි ගුරුවරුන්ගේ වැටුප් පමණක් 1994 වර්ෂයේදී 35% සිට 53%ක් දක්වා ප්‍රමාණයකින් වැඩි කර තිබූ නිසා ඔවුන්ගේ වැටුප් හැර අධ්‍යාපන පරිපාලන සේවය ඇතුළු අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 40%කින් වැඩි කර ගුරු සේවය පිහිටුවීමේදී අනිකුත් රාජ්‍ය සේවකයන්ට සිදුවී තිබූ වැටුප් විෂමතාවය විසඳන ලදී. (වර්තමාන ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් තම සටන් පාඨය කරගෙන ඇත්තේ 1997 වර්ෂයේදී නැවතත් ඔවුන්ට ඉහත 40%ක වැටුප් වැඩිවීමක් ලබා නොදීම යන කරුණයි, එම වැටුප් වැඩිවීම ද ඔවුන්ට හිමි බව ගුරු සංගම්වල ලොක්කන් ගුරුවරුන්ගේ ඔළුවට දමා ඇත)
නමුත් 1997 දී අනිත් රාජ්‍ය සේවකයන් ඔක්කොගෙම පඩි 40%කින් වැඩි කරා ඒත් අපේ පඩි විතරක් වැඩි කළේ නැහැ. අපි ඉල්ලන්නේ අන්න ඒ අහිමි කරපු පඩිය අපට දෙන්න කියලා, මෙහෙම කියන ගුරුවරු කවුරුවත් කියන්නේ නැහැ 1994 දී ගුරුවරුන්ට විතරක් 35% සිට 53%ක් දක්වා වැටුප් වැඩි කල බව. 1994 දී ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විතරක් වැටුප් වැඩි කරපු නිසා තමයි 1997 දී නැවතත් වැටුප් වැඩිවීමක් ඔවුන්ට කරන්න සිදු නොවු බව, මේ ඇත්ත පිලිබඳ තොරතුරු නොදන්නා ඔබව උපරිමයෙන් ම නොමඟ යවන්නේ එසේය.
අවසන් වරට ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත වැටුප් ගෙවූ 1992 වර්ෂය හා සසදා බැලිමේන් සෑබෑවටම ගුරුවරුන්ට අසාධාරණයක් වී ඇතිද යන්න සළකා බැලිය හැක.
1994 වර්ෂයේ ගුරු වැටුප ද පසුව ඊට සමගාමිව විදුහල්පති වැටුප ද පමණක් වැඩි වූ අතර එහිදී අධ්‍යාපන පාරිපාලන සේවයේ හෝ වෙනත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොවූ බැවින් 1994 වර්ෂය පදනම් වර්ෂය ලෙස සළකා වැටුප් විශමතාවයක් ඇතැයි පෙන්වීමම ගුරුවරුන් විසින් සිතාමතාම සමාජය නොමග යෑවීමකි. සුබෝධනි වාර්තාවේ පදනම 1994 වර්ෂය බැවින් එය සත්‍ය විකෘර්ති කරන ලද වාර්තාවක් සේ සළකා වැටුප් කොමිෂම ප්‍රතික්ෂප කරන්නේ මේ හේතුව නිසාය.
ඒ අනුව 1992 වර්ෂයේ අධ්‍යාපන පාරිපාලන සේවයේ ආරම්භක වැටුප රුපියල් 4,100ක් වූ අතර අද එය රුපියල් 47,615කි. ඒ අනුව ඔවුන්ගේ වැටුප එදා සිට අද දක්වා 1061%ක ප්‍රතිශතයකින් වැඩි වී ඇත.
ඒ අනුව ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුපද ඉහත ප්‍රතිශතයෙන්ම වැඩිවී ඇතිනම් වැටුප් විශමතාවයක් සිදුවී නොමැති බවත්, ඉහත ප්‍රතිශතයෙන් වැඩිවී නැතිනම් වැටුප් විශමතාවයක් ලෙසත් හදුනාගත හැක.
ක්‍රම 05ක් යටතේ ගුරු සේවයට බඳවා ගන්නා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ එදා වැටුප, අද වැටුප, වැඩිවී ඇති ප්‍රතිශතය හා 1061%ක ප්‍රතිශතයට අනුව ඔවුන්ට අද වනවිට ලැබිය යුතු වැටුප පහත පරිදි දැක්විය හැක.
වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය
ගුරු සංගම් මේ ඇත්ත වෙනුවට පදනම් වර්ෂය 1994 ලෙස ගෙන සකස් කරන ලද වැටුප් කොමිෂම විසින් ද ප්‍රතික්ෂප කරන ලද සුබෝධනී වාර්තාවේ ඉල්ලීම් ඉල්ලා ගුරුවරු ඉල්ලීම් වලට යොමු කරති.
88/89 jvp කලබල නිසා විශ්වවිද්‍යාල සිසුන් විශාල වශයෙන් මිය ගිය අතර ඒ අනුව එතැන් සිට වසර කිහිපයක් යන තෙක්ම රට තුළ උගතුන් බුද්ධිමතුන්ගේ හිඟියක් පැවතුණි.
පැවති බුද්ධිමතුන්ගේ හිඟය නිසා වැටුප් වැඩිකර අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් පවා රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලදි. ජනසවි ගුරුවරු නමින් ගණිතය අසමත් පුද්ගලයන් පවා වැඩි වැටුපකට ගුරු සේවයට බඳවා ගන්නා ලදි. පවුලේ කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුවා නම් ගුරු පත්වීමක් ලැබුණි.
වර්තමාන ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් මේ ඉල්ලා සිටින්නේ ඉහත සමානතාවය නැවත ඇති කරන ලෙසයි. නමුත් අද මේක නැවත කරන්න පුළුවන්ද ? ගුරුවරයාගේ වැටුප විදුහල්පතිවරයාගේ වැටුප හා කලාප අධ්‍යක්ෂකගේ වැටුප එක හා සමාන කිරීම කොතරම් ප්‍රායෝගිකද ?
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව දැනට ගුරු සේවයට ක්‍රම 05කට වැටුප් මට්ටම් 05කට බඳවා ගන්නවා.
01) උසස් පෙළ පමණක් සමත් ගුරුවරු
02) ඩිප්ලෝමාධාරී ගුරුවරු
03) විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරි ගුරුවරු
04) උපාධිධාරී ගුරුවරු
05) අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරු
ගුරු විදුහල්පති උද්ඝෝෂකයන් ගේ ඉල්ලීම් පහත පරිදි දැක්විය හැක.
දීප ව්‍යාප්ත සේවයේ 01වන පන්තියේ වැටුපට (රු76,175) විදුහල්පති සේවයේ 01වන පන්තියේ වැටුපත් ගුරු සේවයේ 01වන පන්තියේ වැටුපත් සමාන කරන ලෙස.
දීප ව්‍යාප්ත සේවයේ 02වන පන්තියේ වැටුපට (රු62,595) විදුහල්පති සේවයේ 02වන පන්තියේ වැටුපත් ගුරු සේවයේ 02වන පන්තියේ 01ශ්‍රේණියේ වැටුපත් සමාන කරන ලෙස.
දීප ව්‍යාප්ත සේවයේ 03වන පන්තියේ වැටුපට (රු47,615) විදුහල්පති සේවයේ 03වන පන්තියේ වැටුපත් ගුරු සේවයේ 02වන පන්තියේ 02ශ්‍රේණියේ වැටුපත් සමාන කරන ලෙස.
උසස් පෙළ පමණක් සමත් 03වන පන්තියේ 02 ශ්‍රේණියේ ගුරුවරයාගේ මූලික වැටුප රුපියල් 35,355ක් දක්වා වැඩි කරන ලෙස.
සාමාන්‍ය ඩිප්ලෝමාධාරී 03වන පන්තියේ 01ශ්‍රේණියේ (ඇ) ගුරුවරයා 03වන පන්තියේ 01ශ්‍රේණියේ (ආ) දක්වා උසස් කර මූලික වැටුප රුපියල් 40,825ක් දක්වා වැඩි කරන ලෙස.
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී 03වන පන්තියේ 01ශ්‍රේණියේ (ආ) ගුරුවරයා 03වන පන්තියේ 01ශ්‍රේණියේ (අ) දක්වා උසස් කර මූලික වැටුප රුපියල් 44,600ක් කරන ලෙස.
උපාධිධාරී 03වන පන්තියේ 01ශ්‍රේණියේ (අ) ගුරුවරයා 02වන පන්තියේ 02ශ්‍රේණිය දක්වා උසස් කර මූලික වැටුප රුපියල් 47,615ක් කරන ලෙස.
අධ්‍යාපනවේදී උපාධිධාරී 02වන පන්තියේ 02ශ්‍රේණියේ ගුරුවරයා 02වන පන්තියේ 02ශ්‍රේණියේ 03වන වැටුප් පියවර දක්වා උසස් කර මූලික වැටුප රුපියල් 51,620ක් කරන ලෙස.
මේ ඉල්ලීම් ලබා දුන්නොත්.
විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී ගුරුවරයෙක්ට කිසිම තරග විභාගයක් නැතුව අවුරුදු තුනෙන් පරිපාලන සේවා වැටුප ලැබෙනවා
සාමාන්‍ය ඩිප්ලෝමාධාරී ගුරුවරයෙක්ට අවුරුදු පහෙන් පරිපාලන සේවා වැටුප ලැබෙනවා.
උපාධියක් තියෙන කෙනෙක් කෙලින්ම ගුරු සේවයට බඳවා ගන්නේ පරිපාලන සේවා වැටුපට.
අධ්‍යාපනවේදී උපාධියක් තියෙන කෙනෙක් පරිපාලන සේවයේ තුන්වන වැටුප් පියවරටයි බඳවා ගන්නේ.
රාජ්‍ය සේවයේ වෙන උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් නැද්ද එතකොට ?
ඒ අයට අසාධාරණයක් නෙවෙයිද වෙන්නේ.
ගුරුවරුන්ගේ උද්ඝෝෂනයේ එම ඉල්ලීම් ලබා දුන් පසු ඔවුන්ගේ නව වැටුප
බඳවා ගැනීමේ අවම සුදුසුකම උසස් පෙළ වන ගුරුවරයෙකුගේ
මූලික වැටුප 35,355
ජීවන වියදම් දීමනාව 7,800
අයවැය විශේෂ දීමනාව 2,500
එකතුව 45,655ක් බවට පත්වේ.
බඳවා ගැනීමේ අවම සුදුසුකම ඩිප්ලෝමාවක් වන ගුරුවරයෙකුගේ
මූලික වැටුප 40,825
ජීවන වියදම් දීමනාව 7,800
අයවැය විශේෂ දීමනාව 2,500
එකතුව 51,125ක් බවට පත්වේ.
බඳවා ගැනීමේ අවම සුදුසුකම විද්‍යාපීඨ වන ගුරුවරයෙකුගේ
මූලික වැටුප 44,600
ජීවන වියදම් දීමනාව 7,800
අයවැය විශේෂ දීමනාව 2,500
එකතුව 54,900ක් බවට පත්වේ.
අවම සුදුසුකම උපාධියක් වන ගුරුවරයෙකුගේ
මූලික වැටුප 47,615
ජීවන වියදම් දීමනාව 7,800
අයවැය විශේෂ දීමනාව 2,500
එකතුව 57,915ක් බවට පත්වේ.
බඳවා ගැනීමේ අවම සුදුසුකම අධ්‍යාපනවේදී උපාධියක් වන ගුරුවරයෙකුගේ
මූලික වැටුප 51,620
ජීවන වියදම් දීමනාව 7,800
අයවැය විශේෂ දීමනාව 2,500
එකතුව 61,920ක් බවට පත්වේ.
මෙම ඉල්ලීම්වලට අනුව
· උසස් පෙළ සමතුන් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ MN02 වැටුප් කාණ්ඩය යටතේ රාජ්‍ය කලමනාකරණ සහකාර සේවයට රුපියල් 28,940ක වැටුපකට නමුත් මෙම ඉල්ලීම් ලබා දීමෙන් පසු උසස් පෙළ සමත් ගුරුවරයා ගුරු සේවයට බඳවා ගන්නේ රුපියල් 35,355ක වැටුපකට.
· ඩිප්ලෝමාධාරින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ MN03 වැටුප් කාණ්ඩය යටතේ අධීක්ෂණ රාජ්‍ය කලමනාකරණ සහකාර සේවයට රුපියල් 31,040ක වැටුපකට නමුත් මෙම ඉල්ලීම් ලබා දීමෙන් පසු ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගන්නේ රුපියල් 40,825ක වැටුපකට.
· උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ MN04 වැටුප් කාණ්ඩය යටතේ සංවර්ධන නිලධාරි සේවයට රුපියල් 31,490ක වැටුපකට සහ තරග විභාග හරහා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ MN05 වැටුප් කාණ්ඩය යටතේ ක්ෂේත්‍ර නිලධාරි සේවයට රුපියල් 34,605ක වැටුපකට නමුත් මෙම ඉල්ලීම් ලබා දීමෙන් පසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නේ රුපියල් 47,615ක පරිපාලන සේවයේ ආරම්භක වැටුපට.
ඒ අනුව බඳවා ගැනීමේ අවම සුදුසුකම උපාධියක් වෙන MN04,05 තනතුරක වැටුපටත් වඩා බඳවා ගැනීමේ අවම සුදුසුකම උසස් පෙළ වන ගුරුවරයෙකුගේ මුලික වැටුප රුපියල් 35,355ක් දක්වා වැඩි වෙනවා.
මේ අනුව නැවත වතාවක් සියළු වැටුප් කල අවුලෙන් අවුලට යාම නතර කළ නොහැක. කළ යුත්තේ සියළු වැටුප් සැලකිල්ට ගෙන වැටුප් වැඩිකිරිමක් කිරිමය.
වාරිය පොල අත්තගේ ජයන්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
