Image

සඳේ සිට පෙනෙන පෘථිවියේ අසිරිය; ආර්ටෙමිස් II ගගනගාමීන්ගෙන් ඓතිහාසික ඡායාරූප පෙළක්

සඳේ සිට පෙනෙන පෘථිවියේ අසිරිය; ආර්ටෙමිස් II ගගනගාමීන්ගෙන් ඓතිහාසික ඡායාරූප පෙළක්

වසර 50කට පසු සඳ වෙත ගිය ප්‍රථම මානව මෙහෙයුම වන ආර්ටෙමිස් II හි ගගනගාමීන් සඳ වටා ගමන් කරන අතරතුර ලබාගත් අතිශය දුර්ලභ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

'අර්ත්සෙට්' (Earthset) - පෘථිවිය බැස යෑම එහි පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආවාටවලින් පිරුණු සඳේ මතුපිටට ඉහළින් පෘථිවිය ක්‍රමයෙන් සැඟවී යන අපූරු දර්ශනයකි.

මෙය 'අර්ත්සෙට්' (Earthset) ලෙස හඳුන්වනු ලබයි. මෙම දර්ශනය 1968 වසරේ ඇපලෝ 8 මෙහෙයුමේ දී බිල් ඇන්ඩර්ස් විසින් ලබාගත් සුප්‍රසිද්ධ 'අර්ත්රයිස්' (Earthrise) ඡායාරූපයේ මතක යළි අවදි කිරීමට සමත්ව තිබේ.

අභ්‍යවකාශයේ කළු පැහැති ගැඹුරු පසුබිම මත නිල් පැහැති පෘථිවිය දිස්වන ආකාරය, අපේ ලෝකයේ ඇති සංවේදී බව සහ සුන්දරත්වය මැනවින් කියාපායි.

Screenshot 2026 04 09 110830

සඳ නිසා හිරු සැඟවුණු මොහොත ගගනගාමීන් ලබාගත් දෙවන සුවිශේෂී ඡායාරූපයෙන් දැක්වෙන්නේ අභ්‍යවකාශයේ දී ඔවුන් අත්විඳි සූර්යග්‍රහණයයි.

එහි දී සඳ විසින් සූර්යයා සම්පූර්ණයෙන් ම වසාගෙන සිටින අයුරු අතිශය විස්මිත ලෙස කැමරාවට හසුකරගෙන ඇත.


ගමනේ තොරතුරු මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ පැය හයක කාලයක් පුරා සිදුකළ සඳ වටා පියාසර කිරීමේ (fly-by) අදියරේ දී ය. මෙහි විශේෂත්වය වන්නේ සඳේ පිටුපස ප්‍රදේශය හරහා ගමන් කිරීමේ දී පෘථිවිය සමග පවතින ගුවන් විදුලි සන්නිවේදනය විසන්ධි වූ නිහඬ කාලසීමාව තුළ දී ද ඔවුන් මෙම නිරීක්ෂණ සිදුකිරීමයි. කෙසේ වෙතත්, මෙම ඡායාරූප ලබාගත්තේ යානයේ සිටි ගගනගාමීන් හතරදෙනා ගෙන් කවුරුන්ද යන්න නාසා ආයතනය මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත. ආර්ටෙමිස් II ගගනගාමීන් මේ වන විට සිය සාර්ථක සඳ වටා ගමන නිමා කර යළි පෘථිවිය බලා පැමිණෙමින් සිටිති.

මූලාශ්‍ර - BBC

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න