ලංකා මානව හිමිකම් සංවිධානය : පොලිස් ස්ථාන වෙත මුහුණු ආවරණ බෙදාදෙයි !

 ලංකා මානව හිමිකම් සංවිධානය : පොලිස් ස්ථාන වෙත මුහුණු ආවරණ බෙදාදෙයි !

ලංකා මානව හිමිකම් සංවිධානය විසින්  කොරෝනා වසංගතය හමුවේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය  ආරක්ෂාව වෙනුවෙන් මුහුණු ආවරණ (face mask ) බෙදාදීමක් සිදුකරනු ලැබිණ.

ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පිරිස් ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදුවිය.  

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි කොහුවල , කැස්බෑව , පිළියන්දල , දෙහිවල සහ තලංගම යන පොලිස් ස්ථාන සඳහා අදාළ මුහුණු ආවරණ බෙදාදීම සිදුවිය. පසුගිය සංචරණ සීමා පනවා තිබූ අතර අවස්ථාවේ ද ලංකා මානව හිමිකම් සංවිධානය මැදිහත්ව පොලිස් ස්ථාන සඳහා මුහුණු ආවරණ බෙදාදීම සිදුකරනු ලැබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් පවසා සිටියේ "මේ මොහොතේ තීරණාත්මක වැඩ කොටසක් සිදුකරන සහ කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් ඉල්ලීමට ඉඩක් නොමැති කොටසක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය වසංගතය හමුවේ ආරක්ෂා කරගැනීමට සහය වීම පුරවැසි යුතුකමක්" බවය.

"අපි හැමෝවම බලාගන්න පොලිසිය අපිත් බලාගන්න ඕන. ඔවුන් සෞඛ්‍ය අංශ වගේම සැලකිය යුතු සේවයක් කරනවා. ඒ නිසා ඒ සේවය ඇගයීමටත් තවදුරටත් සුරක්ෂිත ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබෙන දෙයක් හරහා අපිත් දායකත්වය සැපයුවා.

ඒ වගේම ඉස්සරහට ලංකා මානව හිමිකම් සංවිධානය දිවයින පුරා අසරණ පවුල් සොයා බලා සහන ප්‍රදානයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා."

ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සිදුකළ මුහුණු ආවරණ බෙදාදීමේ අවස්ථා කිහිපයක් පහත දැක්වෙයි.

{gallery}LHC{/gallery}{gallery}LHC{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න