දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක ජෛව බුබුලෙන් පිටපැන්නාද?

දික්වැල්ල, මෙන්ඩිස්, ගුණතිලක ජෛව බුබුලෙන් පිටපැන්නාද?

එංගලන්ත තරග සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු වන උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම්හි සැරිසරන ආකාරය ත් දුම්වැටික් පානය කිරීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබේ.

පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා තරගාවලිය ජෛව ආරක්ෂිත ජෛව බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා එම රීති උල්ලංඝනය කර ඇත්නම් ඔවුන්ව වහාම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරුගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ක්‍රීඩකයින්  ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න