සජිත් ඊළඟ ජනාධිපතිවරණෙටත් තරග කරනවා - සුජීව හෙළිකරයි

සජිත් ඊළඟ ජනාධිපතිවරණෙටත් තරග කරනවා - සුජීව හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ තහවුරු කර තිබේ.

රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේ, එහිදී සජිත් ප්‍රේමදාසට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

“මම මීට පෙර මැතිවරණ දෙකකට පමණක් සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. නමුත් පසුගිය මැතිවරණ දෙකේදී ස්ජිත් ප්‍රේමදාස මහතා යම් යම් පසුබෑම්වලට මුහුණදුන්නා. එමනිසා, සාධාරණත්වය සහ වත්මන් විපක්ෂ වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ඔහු තරඟ කිරීමට සුදුසු යැයි පිළිගෙන තිබෙනවා,” පාර්ලිමේන්තු මන්ත්‍රී සේනසිංහ එහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මෙම ප්‍රකාශය කරනු ලබන්නේ ඉදිරි ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවධානය යොමුව ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පලවී ඇති පසුබිමක් තුළය.

මුලාශ්‍ර ලිපිය :

ජනාධිපති ධුරයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා සූදානම්


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න