ගම්පොළ උඩ පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කල් ඉකුත් වූ ද්‍රව්‍ය තිබෙනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශනයක් නිර්මාණය කිරීම සඳහා මහනුවර දිසාපතිවරයා ගේ නියමයෙන් පැමිණ, ආහාර ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ගිය අභ්‍යන්තර විගණන නිලධාරීහු එලෙස රැගෙන ගිය දෑ පසුගිය 10වන දා නැවත පැමිණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදුන්හ.
බලය අනිසි ලෙස භාවිත කළ දිසාපති
දිසාපති ගේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් මෙලෙස පැමිණ ඇත්තේ ඔවුන් ඊට පෙර නීති විරෝධී සහ ක්‍රම විරෝධී ලෙස මාණ්ඩලික නිලධාරීන් නොසිටියදී භාණ්ඩ ගණනය කිරීමක් හෝ තොග බඩු ලේඛනයක් ලබා ගැනීමකින් තොරව සහ තනතුරු හෝ මුද්‍රා නැතිව අත්සන් තුනක් පමණක් තබා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර තුනක් සීල් කර ඒවායේ යතුරු රැගෙන යෑම පිළිබඳ ඔවුන්ට එරෙහිව පැමිණිලි කර තිබියදී ය.
තමන් ගේ කාර්යාලයේ ආපදා සහන ලබාදීම් විගණනය කර දෙන ලෙස උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න විසින්ම කරන ලද ඉල්ලීම පරිදි ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් පැමිණ විගණයක් කරමින් සිටිය දී, ඔවුන් 4.00න් පසු කාර්යාලයෙන් පිටත්ව ගොස් නැවත පසුදින උදෑසන කාර්යාලයට පැමිණීමට පෙර දිසාපති ගේ අභ්‍යන්තර විගණන අංශයේ නිලධාරීන් පැමිණ මෙලෙස කාමර තුනක් වසා දමා යතුරු රැගෙන යෑම විශේෂය. තමන් ගේ විගණනයට බාධා කිරීම ගැන ජාතික විගණන කාර්යාලය හරි නම් දිසාපතිට සහ අභ්‍යන්තර විගණන නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු ය.
ආයතනයක කාමර සීල් කළ හැක්කේ නිසි බලය සහිත පුද්ගලයකු වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඉහළින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල තිබූ පමණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු දිස්ත්‍රික් ලේඛම් කාර්යාලවල උපකාර්යාල නොවේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ප්‍රාදේශීය ලේකම් වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වේ. එසේ තිබියදී නිසි බලයක් හෝ නැතිව ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ කාමර තුනක් මුද්‍රා කිරීමට දිසාපතිවරයා තමා යටතේ සිටින අභ්‍යන්තර විගණනයේ පිරිසක් එවීම ම ගැටලු සහගත ය.
අභ්‍යන්තර විගණනයේ පිරිස ගේ අනීතික ක්‍රියාව
නිසි බලය සහිත අයට වුවද ආයතනයක කාමර හිතුමතේ මුද්‍රා කළ නොහැකි ය. අදාළ ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් කැඳවා ඔවුන්ට කරුණු කියා දී අදාළ කාමරයේ තිබෙන භාණ්ඩ ගණනය කිරීමෙන් පසු අදාළ තොගබඩු ලේඛනයේ පිටපතක් සකස් කළ යුතුය. අනතුරුව මුද්‍රා තැබීම කළ යුත්තේ මුද්‍රා තබන ඛණ්ඩායමේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් යන දෙගොල්ලන් ගේ ම නියෝජනයක් සහිතව නම්, අත්සන සහ රබර් මුද්‍රා තැබිය යුතු ය. ඉන් පසු යතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොගබඩු ලේඛනයේ පිටපත සහිතව බාර දිය යුතුය. නැවත කාමරය විවෘත කරද්දී මුද්‍රා කඩා ඇත්දැයි පරීක්ෂා කර එහි අත්සන් තැබූ දෙපාර්ශ්වයේම අය ඉදිරිපිට දී විවෘත කළ යුතුය. දිසාපති ගේ නියමයෙන් පැමිණි අභ්‍යන්තර විගණනයේ පිරිස මේ ක්‍රමවේදය අනුගමනය කළේ නැත. ඔවුන් කළේ කාමරයේ තිබූ භාණ්ඩ කිහිපයක් ගෙන ඔවුන් ම කොළයක අත්සන් තුනක් ගසා දිසාපතිගේ නියමය පරිදි මුද්‍රා තබන බවට සටහනක් යොදා එය සෙලෝටේප්වලින් අලවා ගබඩා බාරකරු ළඟ තිබූ ෆයිල් කිහිපයක් එහි පිටපත්වත් ලබා නොදී රැගෙන යෑම පමණි. බරපතළ ම කාරණය වන්නේ කාමර තුනේ යතුරු ද ඔවුන් ම රැගෙන යෑම ය.
මෙම සිද්ධිය වන අවස්ථාවේදී මාණ්ඩලික නිලධාරීන් කිසිවකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නොසිටි අතර ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ මේ ගැන ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් කළා ය. අදාළ කාමර මුද්‍රා තැබූ තැන සීසීටීවී නොතිබුණු අතර ඔවුන් යතුරු පිටතට රැගෙන ගොස් තිබුණු නිසා රාත්‍රී කාලයේ ඔවුන්ට ම පැමිණ ඔවුන් විසින් ඇලවූ සෙලෝටේප් ගලවා පරණ බඩු හෝ වෙනයම් දෙයක් කාමරයට දමා නැවත ඔවුන් ම අත්සන් කළ කොළය අලවා පිටව යෑමේ හැකියාවක් තිබුණු බැවින් මෙය ඉතාම බරපතළ කාරණයක් විය.
ජාතික විගණන කාර්යාලය සම්බන්ධ නොවූ විරෝධී කටයුත්ත
ඉන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරණ බඩු තිබූ බවට ජනමාධ්‍ය හරහා සංවිධානාත්මක ප්‍රචාරයක් ගෙන ගියේය. කාමර සීල් කළ් ජාතික විගණන කාර්යාලය හා එක්ව බවට ද ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදී. එහෙත් ජාතික විගණන කාර්යාලය මෙම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ වී නොතිබිණි.
පසුව රාජ්‍ය පරිපාල අමාත්‍යංශයෙන් පිරිසක් ජනමාධ්‍ය සමග පැමිණ ඊට දින දෙකකට පමණ පෙර අභ්‍යන්තර විගණනයෙන් රැගෙන ගිය යතුරු බලහත්කාරයෙන් බාරදීමට උත්සාහ කළේ ය. ඉන් පසු මුද්‍රා තැබූ කාමර විවෘත කරන ලෙස දැනුම් දුන්නේ ය. මුද්‍රා තැබීම නීත්‍යනුකූලව සිදු කර නැති බැවින් සහ යතුර කාර්යාලයෙන් පිටතට ගෙන ගොස් තබා ගැනීම හේතුවෙන් කාමර විවෘත කරන ක්‍රියාවලියට සම්බන්ධ විය නොහැකි බව ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම් දුන් අතර ඔවුන් කරන ඔ්නෑම විමර්ශනයක් සිදු කර ගන්නා ලෙස ද දැනුම් දුන්නා ය.
ඔවුන් ජනමාධ්‍ය ඉදිරිපිට කාමර විවෘත කළ අතර ගුල්ලන් වැනි සතුන් සිටින හාල් කවරයක් ජනමාධ්‍ය වෙත පෙන්වා සිටියේය. එදින ගබඩා බාරකරු නොසිටි අතර එම ස්ථානයේ සිටි ග්‍රාම නිලධාරිවරයකුගෙන් මෙම භාණ්ඩ ලැබුණු ආකාරය ගැන විස්තර විමසා සිටි අතර ඔහු කියා සිටියේ තමා ඒ ගැන නොදන්නා බවයි. ඒ අනුව ජනමාධ්‍ය ඉදිරිපිටදී ම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹින් පැමිණ නිලධාරීන්යැයි කියන නිලධාරීන් ගේ ප්‍රධානියා පොලිසියට දැනුම් දුන්නේ ය. ඔවුන් විසින් ජනමාධ්‍ය වෙත මුදා හැරි ප්‍රාදේශීය ලේකම්වරිය ගේ හැසිරීම ආරම්භ වන්නේ ඉන් අනතුරුව ය.
ප්‍රාදේශීය ලේකම්වරිය තනතුරට නොගැළපෙන ලෙස හැසිරුණා ද...?
තමා යටතේ සිටින නිලධාරියකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ තැතට ඇය පැමිණ විරෝධය දැක්වූවාය. අත්අඩංගුවට ගන්නේ නම් ඔහු නොව තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඇය කීවාය. 2025 නොවැම්බර් 27 සිට 2026 පෙබරවාරි 23 තෙක් අඛණ්ඩව මාස තුනක් පැය 24ම ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව තබමින් දිවා රෑ වෙහෙසෙමින් වැඩ කළ තම නිලධාරීන් ඇගයීමට ලක්කරනවා වෙනුවට එලෙස අත්අඩංගුවට ගන්නැයි දැනුම්දීම ගැන ප්‍රාදේශීය ලේකම්වරිය ආවේගයෙන් ප්‍රතිචාර දැක්වීය. ඇය සතු භාණ්ඩ ලේකනය ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පැමිණි නිලධාරියා ඉල්ලා සිටි විට ඇය කීවේ ඊට පෙර කාමර සීල් තැබීමට පෙර ලබා ගත යුතු ලේඛනය ඉදිරිපත් කරන ලෙස ය. ප්‍රාදේශීය ලේකම්වරිය ආවේගශීලී සහ තනතුරට නොගැළපෙන කෙනකු බව පෙන්වීමට වීඩියෝපටයක් ෂෙයාර් කළේ මේ සන්දර්භය තුළ ය.
ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට
ඊට දින කිහිපයකට පසු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ලිපියක් නිකුත් කළ අතර එහි තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අර්ධ හානි සදහා ලබා දෙන ලක්ෂ 5 දීමනාව නිසි ලෙස ලබාදී නැති බවයි. එනම් අර්ධ හානි සඳහා නිවාස හිමියා තක්සේරුවක් අවශ්‍ය නැතැයි කියන්නේ නම් තක්සේරුවක් නැතිව කොටස් දෙකකට ලක්ෂ 5 දීමනාව ලබා දිය හැකි බව ආපදා සහන සේවා චක්‍රලේඛයේ සඳහන්වේ. අත්‍යවශ්‍ය සේවා කොමාසරිස් ගේ චෝදනාව වී තිබුණේ තස්සේරු නොකර දිය හැකි අයදුම්පත් පවා තස්සේරු කළ යුතු ගොඩට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දමා ඇති බවයි. කෙසේ වෙතත් අදාල චක්‍රලේඛයේ 11.6.4හි සහ තවත් තැන්වල ඊට අදාළ ව්‍යතිරේකී අවස්ථා පවතී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමීය කමිටු කටයුතු කර තිබුණේ එම නීතියට අනුකූලව බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාජ තොරතුරු ඇතැම් දේශපාලනඥයෝ ද විශ්වාස කළහ.
ඉන් දින කිහිපයකට පසු ප්‍රාදේශී ලේකම්වරිය විමර්ශනයකට යැයි කියමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට අනියුක්ත කළ අතර වැඩ ආවරණය කරන ප්‍රාදේශීය ලේකම් ලෙස මහනුවර ම ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස කටයුතු කරන කීර්ති වීරසිංහ පත්කරෙිණි.
පරණ බඩු යැයි කියමින් රැගෙන ගිය දෑ නැවත ගෙනැවිත්
කීර්ති වීරසිංහ 11වන දා දෙවැනි දිනටත් උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියේ ය. ඔහු පැමිණි පසු ඊට පෙර කාමර තුනක් වසා යතුරු සහ භාණ්ඩ කිහිපයක් රැගෙන ගිය මහනුවර දිසාපති ගේ අභ්‍යන්තර විගණනයේ නිලධාරීහු ද පැමිණියහ. ඔවුන් එලෙස පැමිණියේ ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඉල්ලා පොලිසියට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණිලි කර ඇති පසුබිමක ය. අභ්‍යන්තර විගණනයේ ප්‍රධාන නිලධාරීවරිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහි ව්‍යාජ කරුණු සහිත ලිපියක් ද ෆේස්බුක් එකේ බෙදා හැර තිබිණි. මෙවැනි තත්ත්වයක් තිබිය දී ඔවුන් පැමිණ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් සමග ගබඩා බාරකරු කැඳවීය. ගබඩා බාරකරු ඊයේ නිවාඩු පිට සිට ඇති අතර ඒ් වෙනුවට සමෘද්ධිවලට සම්බන්ධ නිලධාරිනියක ඉන් පසු කැඳවීය. එදා නිසි ක්‍රමවේදයකින් තොරව රැගෙන ගිය ෆයිල් කිහිපයක් නැවත බාර ගන්නා ලෙස ඇයට දැනුම් දුන් අතර තමා ගබඩාබාරකරු නොවන බැවින් ඇය එය ප්‍රතික්ෂේප කළාය. පසුව වැඩබලන ප්‍රාදේශීය ලේකම්ගේ බලවත් ඉල්ලීම මත අදාළ ෆයිල් බාර ගැනීමට ඇයට සිදුවිය. එපමණක් නොව පරණ බඩු යැයි කියමින් රැගෙන ගිය බව කියන දේවල් ද නැවත ගෙනැවිත් තිබිණි. ඒවා ද බලහත්කාරයෙන් බාරකෙරිණි. ඒවා නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදීමෙන් පසු අභ්‍යන්තර විගණනයේ පිරිස පිටව ගියහ.
පත් කළ ප්‍රාදේශීය ලේකම්වරයා ගේ භූමිකාව
එදා පරණ බඩු , කල් ඉකුත් වූ බඩු යැයි කියමින් නිසි ක්‍රමවේදයකින් තොරව ඒවා රැගෙන ගොස් මාධ්‍ය හරහා කල්ඉකුත් වූ ආහාර තිබුණු බවට ප්‍රචාරය කර ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කළ පසු නැවත ඒ්වා ගෙනැවිත් බාර දෙන්නේ කුමක් නිසා ද යන්න බරපතළ ගැටලුවකි. එසේම ඔවුන් ඒ්වා ගෙන ගියේ නිසි ලෙස මුද්‍රා තැබීමකින් තොරව නිසා 11වන දා ගෙනැවිත් තැබුවේ එදා ගෙනිච්ච දේවල්ම ද යන්න තවත් ගැටලුවකි. එසේ නැතිව ප්‍රාදේශීය ලේකම්වරිය අමාරුවේ දැමීම සඳහා වෙනමම දේවල් ගෙනත් තැබුවා ද යන්න ද දන්නේ ඔවුන්ම පමණි.
අභ්‍යන්තර විගණනයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කර තිබිය දී සහ විමර්ශනයක් ඉල්ලා තිබිය දී නැවත ඔවුන්ම පැමිණ මේ ආකාරයට හැසිරීම සුළුවෙන් තැකිය නොහැකි බරපතළ තත්ත්වයකි. මෙය දිසාපතිවරයා බලය අයුතු ලෙස භාවිත කරනවා කීමට හොඳම උදාහරණයකි. තමන්ගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් මෙලස රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම දූෂණ විරෝධී පනත යටතේ ද වරදකි. ගැටලුව වන්නේ මෙම නීති විරෝධී කටයුත්තට අලුතෙන් වැඩ අවාරණය කිරීමට පත් කළ ප්‍රාදේශීය ලේකම්වරයා සහයෝගය දැක්වූයේ කුමන පදනමකින්ද යන්නය.
තරිඳු ජයවර්ධන
මතු පළ වන්නේ මීට අදාළ මීඩියාඑල්කේ වීඩියෝව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
