FIFA කුසලානයේ ජපාන ප්‍රතිඵල කියූ බූවල්ලාට වුණදේ මෙන්න 

  FIFA කුසලානයේ ජපාන ප්‍රතිඵල කියූ බූවල්ලාට වුණදේ මෙන්න 

පාපන්දු ලෝක කුසලානයේ ජපානය සහභාගි වන තරග ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කර ප්‍රසිද්ධියට පත් බූවල්ලෙකු ඝාතනය කර සෂිම් නම් ආහාරය සාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොකීඩෝහි ඔබීරා හි හොකයිඩෝහි අල්ලාගත් දැවැන්ත පැසිෆික් මෙම බූවල්ලා “රේබීයෝ” යන නාමයෙන් හදුන්වා ඇති අතර ප්‍රාදේශීය ධීවරයෙක් වන ‘කිමියෝ අබේ’ රේබීයෝගේ හිමිකරුය.

ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආහාර සඳහා රේබීව විකිණීමෙන් වැඩි මුදලක් ලබා ගත හැකි බැවින් තම ජීවනෝපාය මාර්ගය බූවල්ලාගෙන් ලැබුණ කීර්තියට වඩා වැදගත් බවයි.

රේබීයෝ නම් වූ මොලුස්කාව, වීදුරු බඳුනක් තුළට දමා අනාවැකි පළකිරීම පිළිබද අත්හදා බැලීම් කිරීමෙන් පසු අධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කර ඇත.
 
ජපානය පාපන්දු කණ්ඩායම කොලොම්බියාව පරාජය කර ලැබු ජයග්‍රහණය මෙන්ම ජල තටාකයේ විවිධ ස්ථානවලට පිහිනීමෙන් ජපානය, සෙනෙගාලය සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන බවට ද අනාවැකි පළ කර තිබුණි.

රේබියෝ නම් බූවල්ලාට අනාවැකි පළ කිරීම සදහා ජල තටාකය තුළට ආහාර කට්ටල තුනක් දමා තිබුණි. 2010 වසරේ ජර්මනියේ සිටි “පොල්” නමැති බූවල්ලෙකු ද මෙවන් අධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කරමින් පාපන්දු තරග හයක් පිළිබද අනාවැකි පළ කර ප්‍රසිද්ධියට පත්ව ඇත.
 බිලේෂා පරණගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න