මිනිසාමයි ලොව තිරිසන් වන්නේ!

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ!

කලහකාරි ගම්වැසියන් පිරිසක් විසින් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගම්වැසියෙක් එම රක්ෂිත භුමියට ඇතුල් වී ඇති අවස්ථාවේ කිඹුල් ප්‍රහාරයකින් මිය ගොස් ඇත. ඒ හේතුවෙන් කෝප වූ ගම්වැසියන් අනෙක් කිඹුලන් මැරීමට යොමු වී තිබේ.

මේ ආකාරයට කිඹුලන් මැරීම වැළැක්වීමට නොහැකි වූ බව එරට පොලිසිය හා බලධාරීන් පවසන අතර ගම්වැසියන් බොහෝ දෙනෙක් මේවනවිට චෝදනාවට ලක් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කිඹුලා ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස ඉන්දුනීසියාවේ හඳුන්වන අතර කිඹුලා මැරීම අපරාධයක්  ද වෙයි. ඒ අනුව එරට නීතියට අනුව  එසේ කරන පුද්ගලයන් සඳහා දඩයකට හා සිරගත කිරීමටකට යටත් කළ හැකි වෙයි.

රක්ෂිතයට ඇතුල් වූ ගැමියා රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටින අතරතුරදී කිඹුලාගේ ප්‍රහාරයට ලක් වී ඇත.

ඉන්දුනීසියාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණ ආයතනයේ, බටහිර පැපුවාහි ප්‍රධානියා සඳහන් කරන්නේ වැඩ කරන කෙනෙකු හට උදව් ඉල්ලා කෑ ගසන හඬක් ඇසී ඇති අතර ඒ අවස්ථාවේදී ක්ෂණිකව ඒ දෙසට ගිය විට කිඹුලෙකු පුද්ගලයකුට පහර දෙන අයුරු දැක ඇති බවයි.

මේ අවස්ථාව දුටු ගැමියන් කෝප වී තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළු වී කිඹුල් ගොවිපලේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් 292ක් ඝාතනය කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගොවිපොළ සංරක්ෂණ අරමුණු ඇතිව පවත්වාගෙන යන ලද කිඹුලන් බෝකිරීමේ බලපත්‍ර සහිත මධ්‍යස්ථානයක් බවත් සඳහන් වෙයි.

636673256356013435 CROC2AP Indonesia Crocodiles Slaughtered 101530347

download 18

httpwww.channelnewsasia.comimage1053441016x9991529ab6b31a27459740e1f1a33e5bb60d35hOindonesia crocodiles slaughtered

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න