ජේම්ස් පැකර් ව්‍යාපාර අත්හරියි !

ජේම්ස් පැකර් ව්‍යාපාර අත්හරියි !

ඕස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් සිය ව්‍යාපාරවලින් මුළුමනින්ම ඉවත් වීමට තීරණය කර තිබේ. 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජේම්ස්  පැකර් පසුගිය කාලය තුළ මුහුණ දුන් ගැටළු රාශියක් හේතුවෙන් දැඩි මානසික ආතතියකට පත්ව තිබීම හේතුවෙන් මෙසේ  සියලු ආයතනවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.  

ක්‍රවුන්  රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ (board of casino operator Crowns Resorts)  හිමිකරු වූ පැකර් ඒ  අධිරාජ්‍යයෙන් ඉවත්වී  දැනට මාස හතරක් පමණ ගතවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත. 

කොන්සොලිඩේටඩ් පෝස් හෝල්ඩිංස් මණ්ඩලයේ 47%ක කොටස් හා එක්සත් ජනපද දේපල වෙබ් අඩවිය වන සිලෝව්, Zillow ආසියානු ඔන්ලයින් රැකියා වෙළඳපොල වන ෂාපින් Zhaopin, ඕස්ට්‍රේලියානු විලාසිතා කණ්ඩායමක් වන PrettyGirl හා විවිධාකාර වූ වත්කම් ද ඔහු සතුව ඇත. 

කෙරී පැකර් නම් සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයා ද  වන ජේම්ස් පැකර් 50 වන වියේ පසුවෙයි.            

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න