යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත්ව ඇත.
ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් තුන්වැනි ස්ථානය දිනා ගත් පාරමී, එහි අවසන් තරග වටය ලෙස පැවති පැවති කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ තරගය 17 වැන්නා ලෙස අවසන් කරමින් මෙම පදක්කම තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදියර දෙකක් යටතේ තරග කළ යුතු අතර, තරග දෙකේදීම දක්වන දක්ෂතා අනුව පදක්කම් පිරිනැමීම සිදුකරයි
පාරමී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමිකරගෙන තිබීම සහ අවසන් තරග වටයේ පැවති තරගයේ දක්ෂතාද ගණනය කර ලෝකඩ පදක්කම පිරිණමා තිබේ.
2007 වසරේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙ ්දී සුසන්තිකා ජයසිංහ විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් පසුව මලල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වේ.
16 වියැති පාරමී වසන්තී මාරිස්ටෙලා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරන සිසුවියකි.

