කැනඩාවත් කංසා නීතිගත කරයි !

කැනඩාවත් කංසා නීතිගත කරයි !

කැනඩාව තුළ කංසා  සම්පූර්ණයෙන් නීත්‍යනුකූල කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති අතර  ඒ අනුව හෙට (17) සිට  එරට තුළ මෙතෙක් බලපෑ සියලු තහනම් නිෂ්ප්‍රභ වී යන බව වාර්තා වෙයි.

ඒ අනුව කැනේඩියානු ෆෙඩරල් නීතිය සැකසෙන්නේ  වැඩිහිටියන්ට පමණක් බලපත්‍රලාභී නිෂ්පාදකයින්ගෙන් කංසා මිලට ගැනීමට හා පරිභෝජනයට හැකියාව ලැබෙන ආකාරයටය

කැනඩාව යනු  ලෝකයේ වැඩිම තරුණ ජනගහණයක් කංසා පරිභෝජනය  කරන රටක් ලෙස සැළකෙන අතර ජාවාරම් නැවැත්වීමටත් ඒ හරහා  ඇමරිකානු ඩොලර්  බිලියන 8.7  ක් පමණ ආදායමක් රජයට ලැබෙනු ඇති බව එරට බලධාරීන් විශ්වාසය පළකරන බවද වාර්තා වෙයි. 

කෙසේවෙතත් මෙම නිතිය විවිධ ප්‍රාන්ත වල වෙනස්කම් සහිතව බලාත්මක වනු ඇති බවත් ඒ අනුව  ඔන්ටේරියෝ ප්‍රාන්තයේ දුම්පානය කරන ඕනෑම තැනක  කංසා පානය කිරීම‍ට හැකිවුවත්  නිව් ලුන්ඩ්ස්වික්, නිව් ෆවුන්ලන්ඩ් හ‍ා ලැබ්‍රදෝර් ප්‍රාන්තයන්හි එලෙස සෑම දුම් පානය කරන ස්ථානයක කංසා පානය කළ නොහැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

canada legalizing weed oct 17 2018

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න