තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

ලෙබනන් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ රඹුක්කන, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිලාගේ රේණුකා වනසිංහ නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය.

රේණුකා වනසිංහ මහත්මිය 2005 වසරේ ජනවාරි මස 08 වන දින ලෙබනනය බලා පිටත්ව ගොස් තිබෙන අතර මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම කාන්තාව පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසද එය  ඉල්ලා සිටියි.

තොරතුරු අවශ්‍ය කාන්තාවගේ ඡායාරූපය මේ සමග අමුණා තිබේ.

Lebanon

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න