වරායේ ගින්න නිවන්න : නාවුක හමුදා සහය 

වරායේ ගින්න නිවන්න : නාවුක හමුදා සහය 

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේදී (JCT) ඇලුමිනියම් ෆොස්ෆයිඩ් (Aluminium Phosphide)වර්ගයේ රසායනික ද්‍රව්‍ය පිරවූ බහාලුමක් පිපිරීමෙන් හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 23) සහාය දැක්වීය. 

ඇතිවු ගින්න සම්බන්ධයෙන් නාවික හමුදාවට තොරතුරු වාර්තා වූ සැනින් බටහිර නාවික විධානයට අයත් ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායම හා නාවික හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ඨික ඒකකයේ නාවිකයින් සහ වරාය ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම රසායනික ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

{gallery}port_colombo{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න