අපි සූදානම් : ITN ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි කියයි !

අපි සූදානම් : ITN ක්‍රියාකාරී අධ්‍යක්ෂ විමල් කැටිපෙආරච්චි කියයි !

ITN පරිච්ඡේදය අවසන්ය.

මීට වසර තුනකට පෙර සුබ පැතූ - ඊයේ සහ අද දුරකථනයෙන් තොරතුරු විමසූ - අප කෙරෙහි බලාපොරොත්තු දල්වාගත් සියලු සහෝදරත්වයට ස්තූතියි. 

ධෛර්යවන්ත සභාපතිනිය තිලකා ජයසුන්දර මහත්මිය සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා නොමැතිව ``ඇවිත් වැඩකරන්නැ``යි අපට කෙරෙන නිවට යෝජනා සහමුළින්ම ප්‍රතික්ෂේප කරන්නෙමු. 

ඩීල් දැමීම අපගේ ක්‍රමය නොවේ.

ITN වගකීම් දරද්දී අපගේ ප්‍රමුඛ ප්‍රයත්නය වූයේ ම `සුදර්මන් කෙනෙක්` නොවී වැඩකරන්නේ කෙසේද යන්නය. එවන් අපි, ඒ මැරයන් සමග ම තත්පරයකටවත් හිටගන්නේ නැත.

`රටකට ඕනෑ අපමණ අගයක්` ගීතය ලියූවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන අභිලාෂයන් මත මිස, හුදු පුද්ගල ජයග්‍රහණයක් වෙනුවෙන් පමණක් ම නොවන බව මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ දැනගැනීම පිණිස මෙහි සටහන් කරමි. 

2015 බල හුවමාරුව සිදු නොවූයේ නම්, සින්දු ලිවීම පිළිබඳ අපට කෝචෝක් කරන ඇතැම් සහෝදර සහෝදරියන් පවා සොයාගෙන රාජපක්ෂ රෙජීමයේ මිලිටරි යන්ත්‍රය එන්නට ඉඩ තිබිණි. 

දේශපාලන තීන්දු තීරණ ගැන සත පහක පසුතැවිල්ලක් නැත.මාධ්‍ය කම්කරුවන්ට රස්සාවල් මහ දේවල් ද නොවේ.

මිත්‍යාවට සහ ජාතිවාදයට එරෙහිව අපට කළ හැකි දේ අපි කළෙමු.කෙසේවෙතත්,ITN පරිශ්‍රයේ දුරකථනවලින් අප අමතා නිසි පරිදි තර්ජනයක් කරගත නොහැකිව තෙපරබාන `මාරයා`* මෙපමණ ඉක්මනට අවදිවූයේත් මැර කණ්ඩායමක් ITN අත්පත් කරගෙන සිටින්නේත් ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

සුහද මිනිස්කම වෙනුවට නරුම ත්‍රාඩකම යළි ඒ බිල්ඩිමට අරක් ගෙන තිබේ.

අනෙක් අතට,ප්‍රජාතන්ත්‍රවාදය යනු ශුද්ධ වූ වචනයක් නොවෙතත් `අවකාශයන් හැකිලෙද්දී` වමටය දකුණටය කියා වර්ගීකරණයක් නැත. මක්නිසාද යත් සමාජය සංයුක්තය.මිනිස් නිදහස උදෙසා වූ සටන ඇත්තේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර අටවන ලද පුහුණු වහලුන් සහිත දීන කඳවුරක නොව ඉන් එළියේය.

හරි.

අපි සූදානම් !

*මාරයා ඇමතුම ගෙන තිබුණේ ප්‍රධාන විධායක නිලධාරිවරයාටය.

- විමල් කැටිපෙආරච්චි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න