"සිරිසේන" මනුෂ්‍යයෙක් බව ඔප්පු කරන්න : මේ ජනතාවගෙන් සමාව ගන්න'

 "සිරිසේන" මනුෂ්‍යයෙක් බව ඔප්පු කරන්න : මේ ජනතාවගෙන් සමාව ගන්න'

ජනාධිපති සිරිසේනගේ අතිශය නින්දා සහගත ‘සමනළ කතාව‘ට එරෙහිව සමරිසි ප්‍රජාව සහ ක්‍රියාධරයන් පෙළගැසී ඇත.

ජනාධිපති සිරිසේන විසින් පසුගිය නොවැම්බර් 5 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ‘සමනළ‘ යන යෙදුම භාවිතා කරමින් අපහාසාත්මක ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකළ හැසිරීම හෙළා දකිමින් සහ ඒ පිළිබඳ සිය ස්ථාවරය පළ කිරීම සඳහා සමරිසි ප්‍රජා සාමාජිකයන් සහ ක්‍රියාධරයන් විසින් ඊයේ (07) ලිපිටන් වට රවුමේ විරෝධයකට එක්ව සිටියේද ඒ අනුවය.

මේ රටේ පීඩිත ජනයා අතර සමරිසි ප්‍රජාව ප්‍රධාන වන බවත් ඔවුන්ගේ ජීවිත පවා බොහෝ තර්ජන මැද ගෙවන විට එම ප්‍රජාව සමච්චලයට ලක්කිරීම රාජ්‍ය නායකයා ලෙස නොකළ යුතු නින්දාසහගත ක්‍රියාවක් බවද විරෝධතාවට එක්වූ පිරිසේ අදහස විය.

එසේම මේ වන විට ලංකාවේ සමරිසි ප්‍රජාව සමස්ත ජන්දදායකයන් අතුරින් 6%ට ආසන්න ප්‍රමාණයක් නියෝජනය වන බවත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය හේතුවෙන් ඒ සියළු දෙනා පීඩක පාලකයාට එරෙහිව කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.

තවද කට වචනයකට හෝ වැරදීමෙන්, නොදන්නා කම නිසා මේ ආකාරයේ පහත් කතාවක් ජනාධිපතිවරයා වෙතින් ප්‍රකාශවී ඇති බැවින් මේ ප්‍රජාවගෙන් සමාව ගන්නට ජනාධිපති සිරිසේන කටයුතු කළයුතු  බවත් සිරිසේන ජනාධිපති මනුෂ්‍යයෙක්, මහත්මයෙක් බවට පිළිගැනීම ලබන්නේ එවිට බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

 

පහත දැක්වෙන්නේ ලිප්ටන් වටරවුමේ වට රවුමේ පැවති ඒ විරෝධයේ වැඩිදුරටත් දැක්වුණු අදහස් ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න