Language Switcher

V2025

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් : මේ ඔබේ අවධානය පිණිසයි !

මෙවර උසස් පෙළ විභාගයේ බටහිර සංගීතයේ ප්‍රයෝගික පරීක්ෂණය සදහා අදාල අයදුම්පත විභාග දෙපාර්තමේන්තුව නියමිත පරිදි විදුහල්පතිතුමිය වෙත ඒවා ඇති නමුත් ඇගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් දැරියක් මුහුණදුන් බරපතළ දුෂ්කරතාවක් සම්බන්ධව අප වෙත ලියා දන්වා ඇත.

දසිත් මන්තිල ගුරුභවතා විසින් ලියා එවා තිබෙන එම අවනඩුව අප මෙසේ ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේ හේතු ඇතිවය.

පළමුවැන්න වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානයට මේ ලක්කිරීමය, දෙවැන්න නැවත තවත් දරුවෙකුට මෙවැනි අවනඩුවක් සිදුනොවන තැනට කටයුතු සිදුවිය යුතු බව අවධාරණය කරන්නටය.

පහත පළවන්නේ එම අවනඩුවය.

"ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ඉගෙනුම ලැබූ මාගේ පන්තියේ එක් ශිෂ්‍යයාවකට මෙවර උසස් පෙළ විභාගයේ බටහිර සංගීතයේ ප්‍රයෝගික පරීක්ෂණය සදහා අදාල අයදුම්පත විභාග දෙපාර්තමේන්තුව නියමිත පරිදි විදුහල්පතිතුමිය වෙත ඒවා ඇත. මෙම ශිෂ්‍යයාව දුරකතනයෙන් තම අයදුම් පත ලැබී ඇතිදැයි නිතරම විමසන ලදී. නමුත් විදුහලෙන් ලැබුන පිළිතුර අපට තවම මෙවන් දෙයක් නොලැබී ඇත යන්නය. ඛේදජනක සිදුවීමනම් බටහිර සංගීතය උගන්නවන ගුරුතුමියවත් මෙයට මැදිහත් වී පිළිතුරු නොදීමයි. මෙම ශිෂ්‍යයාව අමතර පන්ති යන ගුරුතුමිය දවසක් අසන ලද්දේ පුතේ ඔයාගේ අයදුම්පත අවේ නැද්ද අනෙක් ළමයි සියලු දෙනාටම අයදුම් පත් ලැබී ඇති නිසාය.

මේ සම්බන්ධයෙන් පාසැල කිසිදු දෙයක් නොකළේය. කලේ එකම දෙයකි එනම් අයදුම් පත කාර්යාලයේ ලාච්චුවේ තිබී සොයා ගැනීමයි. අයදුම් පත සොයා ගත්තත් ඉන් පලක් නැත මන්දයත් එය සොයා ගන්නා ලද්දේ විභාගය තිබී සති තුනක හතරක කාලයකින් පසුවය. මෙය දැනගැනීමෙන් පසු දරුවාට මෙය පිළිබද නොදන්නවා විදුහල්පතිතුමිය හා අදාල විෂය භාර ගුරුතුමිය සැලසුම් කරන ලද්දේ කුමක්ද කල හැකි බවයි.

මෙය විභාග දෙපාර්තමේන්තුව වෙත දැන්වූ විගස සහකාර විභාග කොමසාරිස්වරයාගේ තෘෂ්නිම්භුතව ප්‍රකාශ කල සිටියේ මෙය බරපතල වැරැද්දක් බවත් මට කිසිම දෙයක් කල නොහැකි බවත් වහාම විභාග කොමසාරිස්වරයා හමුවීමට පැමිණෙන්න ලෙසය. ඔහු මේසදහා වේලාවක්ද ලබා දුන්නේය. මින් පසුව විදුහල්පතිතුමියත් අදාල ගුරුතුමියත් මාව කැදවා ප්‍රකාශ කල සිටියේ සර් ගිහින් මේක කරනවද යන්නයි. මා ඉන් පසුව සම්පුර්ණ සිද්ධිය විමසා මොවුන්ගේ සැලසුම තේරුම්ගෙන මම වහාම මගේ මවට ඇමතුමක් ගත්තේය. මන්දයත් මගේ මව ගුරු වෘත්තියේ අවු:30ක පලපුරුදක් ඇති නිසාත් ඇයට හොද උපදෙසක් ලබා දිය හැකි නිසාත්ය. ගත් කටිම්ම ඇය ප්‍රකාශ කල සිටියේ වැරැද්දේ බරපතලකම හා වහාම විදුහල්පතිතුමිය මැදිහත් විය යුතු බවය.

පසුව මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය මා හිතවත් සුමුදු වලකුලුගේ මහතා ඇමතිමෙදිත් එතුමා ප්‍රකාශ කලේ මේ දෙයමය. මෙය මා විස්තරානුකුලව විදුහල්පතිතුමිය වෙත පැහැදිලි කළේය. නුමුත් ඇය කියා සිටියේ හෙට මට යන්න බැහැ මට ප්‍රාථමික අංශයේ පවැත්වෙන විවිධ ප්‍රසංගයේ පෙරහුරු බැලීමට ඇති බවය. මට එතකොට තේරුනේ දරුවාගේ විභාගයට මෙයාට කොහෙත්ම වැදගත් නොවන බවය. මෙම කපටි කන්‍යාසොහොයුරිය ඒ වෙනුවට බොරු ලියුමක් පිළියෙළ කර එනම මට හදිසි රාජකාරි කටයුත්තක් සදහා යාමට ඇති බැවින් මාගේ සමාව පිළිගන්නා ලෙසය. විභාග කොමසාරිස්තුමා හමුවීමට ගිය විට ඔහු දැඩි ලෙස ඔහුගේ විරුද්ධතාව ප්‍රකාශ කල ඕගොල්ලෝ ප්‍රින්සිපල්ට පන්දම් අල්ලනද ආවේ යනුවෙන් ඇසිය. මා ප්‍රකාශ කලේ දරුවාට සාධාරණයක් සදහා පමණක් බවත් මාගේ පන්තියේ ඇය ඉගෙනගන්නා බවත් විදුහල්පතිතුමියේ වගකීම් විරහිත බවට දරුවා පලි නොවන බවත්ය. දීර්ඝ කතා බහකින් පසුව දරුවා සදහා නැවත ප්‍රයෝගික පරීක්ෂණයක් ලබා ගැනීමට මට හැකි විය. මෙහි බරපතලකම නම් නැවත ප්‍රයෝගික පරීක්ෂණය සදහා කමිටුවක් හා නැවත අදාල ශ්‍රවන පරීක්ෂණ සැකසීමයි.

මෙම විදුහල්පති කන්‍යාසොහොයුරිය ළමයින්ට විශේෂ කොට සලකයි. මේ දරුවාටත් වුයේ එලෙසමයි. එනම් නිදර්ශනයක් ලෙස ඇයගේ ප්‍රියතම ළමයෙකුට හිරු ස්ටාර් තරග වටයට යාමට අවසර ලබා දුන්නේ පාසලේ සියලු නීතිරීති අමුඅමුවේ උල්ලංඝනය කරමිනි. නමුත් උසස් පෙළ නම් ජිවිතයේ කඩයිම් විභාගය අයට වැදගත් නැත. එපමණක් නොව බරපතල වැරද්දක් කල පසුව රජයේ කිසිම නීතියක් පිළිනොගත්තේය. මේ සදහා මා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලමි. ඉදිරියේදී අදාල සියලු නීති පියවර ගනු ලබයි. "