වෛද්‍යවරුන් විශ්මයට පත් කළ සුවිශේෂී ගැහැණියක් !

වෛද්‍යවරුන් විශ්මයට පත් කළ සුවිශේෂී ගැහැණියක් !

ඇය සුවිශේෂී කාන්තාවකි. වයස අවුරුදු 65කි. දුර්ලභ ජාන විකෘති වීමක් සහිත ලොව හමුවන පුද්ගලයින් දෙදෙනාගෙන් ඇය ද කෙනෙකි.

ඇයට පිලිස්සුම් සහ කැපුම් වේදනා නොදැනීම ජෝ කැමරන් නම් ස්කොට්ලන්ත ජාතික කාන්තාවගේ විශේෂත්වයය.

ආහාර පිසින විට අත පිලිස්සුන ද ඇයට එය නොදැනේ.

ජෝ කැමරන්ට මේ තත්ත්වය පිළිබඳ දැනගැනීමට ලැබුණේ ඇය මුහුණ දුන් බරපතල ශල්‍යකර්මයකින් අනතුරුවය.

ඇයගේ එක් අතකට ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ වෛද්‍යවරු කැමරන්ට පවසා ඇත්තේ ශල්‍යකර්මයෙන් අනතුරුව දැඩි වේදනාවක් ඇති විය හැකි බවත් ඒ සඳහා වේදනා නාශක ලබා දෙන බවත්ය.

නමුත් තමාට වේදනානාශක අනවශ්‍ය බව ඇය වෛද්‍යවරුන්ට පවසා තිබිණ. වෛද්‍යවරුන් මුලින් එය විශ්වාස නොකළ ද ශල්‍යකර්මයෙන් අනතුරුව ඒ ආකාරයටම ඇයට වේදනාවක් නොදැනුන බැවින් වෛද්‍යවරු ද පුදුමයට පත්වූ බව කැමරන් පවසන්නීය.

ඉන්පසු ඇයව පරීක්ෂාවට ලක්කළ වෛද්‍ය දෙව්ජිත් ශ්‍රීවස්ටාවා ඇයගේ වේදනාව හා සම්බන්ධිත ජාන පරික්ෂාව සඳහා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් විශ්වවිද්‍යාල වෙත යොමුකර තිබේ.

පරීක්ෂණවලින් අනතුරුව කැමරන්ට වේදනාව දැනෙන්නේ අඩුවෙන් බව වෛද්‍යවරුන්ට තහවුරු විය.

2

"මට වේදනා නාශක අවශ්‍ය නැහැ කිව්වහම ඒ ගොල්ලෝ මුලින් හිනා වුණා," ඇය බීබීසී ස්කොට්ලන්ත සේවයට පැවසීය.

" ඒ වගේම වෛද්‍යවරු මගේ පෙර වෛද්‍ය වාර්තා පරීක්ෂා කළා. එවිට ඔවුන් තේරුම්ගත්තා මම කවදාවත් වේදනා නාශක අරගෙන නැහැ කියල" යනුවෙන් කැමරන් පවසන්නීය .

පසුව ඇය එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරු වෙත යොමු කරන ලද්දේ මේ පිළිබඳ තව තදුරටත් සොයා බැලීමටය.

"මම සතුටෙන් හිටපු කෙනෙක්. නමුත් මගේ වෙනසක් තියෙනවා කියල මට තේරුනේ නැහැ."

තමාට ප්‍රසව වේදනාව පවා නොදැනුන බව පවසන කැමරන් ඒක පුදුමයකට සහ විනෝදයට හේතුවක් වූ බව පැවසුවාය . කෙසේවෙතත් වේදනාවේ වැදගත්කමද කැමරන් අවදානයට ලක්කරන්නිය.

"වේදනාව තියෙන්නේ හේතුවක් නිසා. එමගින් ඔබට අනතුරු හඟවනවා. ඒ කියන්නේ යම් දෙයක් වීමට පෙර අනතුරු හැඟවීමක් තිබීම වැදගත්"

යම් තුවාලයක් වූ විට සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ඉක්මනින් ඇය සුව අතට හැරෙන බව වෛද්‍යවරු විශ්වාස කරති.

මෙවැනි ජාන සහිත පුද්ගලයින්ට ඉක්මනින් අමතකවීම් සිදුවන බවත් ඔවුන් චකිතයෙන් තොර පුද්ගලයින් බවත් වෛද්‍යවරුන් හඳුනා ගෙන තිබේ.

"සමහර අය මට අකමැති ඇති. ඒ මම සැමවිටම සතුටින් ඉන්න නිසාත් මට බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙන නිසාත්. නමුත් දැන් මට නිදහසට කාරණා තියනවා ඒ ගැන" යනුවෙන් ඇය පැවසීය.

3 1

කැමරන් වැනි තවත් පුද්ගලයින් ලොව සිටිය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි.

"අප මෙතෙක් කළ පරීක්ෂණ උපයෝගී කරගෙන නව ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කළ හැකියි කියල සිතනවා" යනුවෙන් වෛද්‍ය ශ්‍රීවස්ටාවා පැවසීය.

මෙම සොයාගැනීම මගින් ශල්‍යකර්මයකින් අනතුරුව දැනට ලබාදෙන වේදනා නාශක වෙනුවට නව වේදනා නාශක හඳුන්වාදීමට හැකියාව ලැබෙතැයි වෛද්‍යවරු අපේක්ෂා කරති.

එසේම වැඩි ඉක්මනින් තුවාල සුව කරගැනීමට අවශ්‍ය ඖෂධ සොයා ගැනීමට හැකි වෙතැයිද පර්යේෂකයෝ කල්පනා කරති.

එමගින් වසරකට ශල්‍යකර්ම සඳහා මුහුණ දෙන මිලියන 330ක් පමණ වන පිරිසකට සෙතක් වේ යැයි අපේක්ෂා කෙරේ.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න