ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සමරිසි ප්‍රේමයේ අලුත්ම ඡායාරූප

ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සමරිසි ප්‍රේමයේ අලුත්ම ඡායාරූප

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සහ ඇගේ පෙම්වතිය වන ස්ටෙලා මැක්ස්වෙල්ගේ ප්‍රේමනීය ඉරියව් සහිත ජායාරූප පෙළක් නිකුත්ව තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රේම සම්බන්දතාවය ආරම්භ වී දැනට වසරකට ආසන්න කාලයක් ගතව අවසන්. පසුගියදා සිය යහළුවන් සමඟ ප්‍රංශ අවන්හලක උත්සවයක පැවති සහභාගී වෙමින් සිටි මේ යුවළ, සිප ගනිමින් ඉතා ප්‍රේමනීය ලෙස කාලය ගත කළ අයුරු මෙම ජායාරූපවල දැක්වේ.

The Twilight Saga චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වූ ක්‍රිස්ටීන් ස්ටුවර්ට් ඉතා කෙටි කලකින්ම හොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිළියක්. ඇය කෙරෙහි විශේෂ අවධානයක් ලැබුණු තවත් සිද්ධියක් වුණේ ඇය සහ ස්ටෙලා මැක්ස්වෙල් අතර ඇතිවූ සමරිසි පෙම් පහිලව්වයි.

ඔවුන්ගේ පෙම් පුවත පිළිබඳ පළමුවරට ලෝකයට අනාවරණය වූවේ 2017 වසරේදී, මිලාන් නගරයේ taxi රථයක් තුළ සිපගන්නා අයුරු දැක්වෙන ජායාරූප පෙළක් ප්‍රසිද්ධ වීමත් සමගයි.

නිරූපිකාවක් වන ස්ටෙලා Victoria's Secret නිරූපන ප්‍රසංග සඳහා සහභාගී වන ප්‍රකට ශිල්පිණියක්.

2017 වසරේ Harper's Bazaar නම් සඟරාව සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ක්‍රිස්ටීන් පවසා සිටියේ තමන් සමඟ ප්‍රේම සබඳතා ගොඩනගා ගත් සියලු දෙනාට තමන් ඉතා ගැඹුරින් ආදරය කළ බවයි.

The Twilight චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ රොබට් පැටින්සන් සමඟද ක්‍රිස්ටීන් ස්ටුවර්ට් පෙමින් වෙලී සිටි බවට මත පළවුණා.

kristean5

kristean6

kristean7

Kristen1

kristen2

kristen3

kristen4

kristen8

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න