ගොසිප්

වයස 20 යි : වත්කම ඩොලර් ලක්ෂ 9000යි
ඇමෙරිකානු නිරූපන ක්ෂේත්රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් විසි වෙනි විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට හිමිකම් කියන බව ෆෝබ්ස් සඟරාව පවසයි.
සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට පත්වීමේ මගට පියමනිමින් සිටින බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.
කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීය.
තමාගේම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය.
කයිලිගේ සොයොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350 කි.
ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 21 වෙනි වියට පා තබන්නීය.
"තම සොයොයුරිය කිම් කාඩේෂියන් ඇයගේ පසුපෙදෙසට කළ දේ කයිලි සිය දෙතොල්වලට කර තිබෙනවා," යනුවෙන් ඇයගේ වඩාත් ප්‍රසිද්ධ දෙතොල් උල් කිරීමේ ඉරියව්ව පිළිබඳ විස්තර කරමින් ෆෝබ්ස් සඟරාව පවසයි.
කෘතීම ක්‍රම භාවිත කරමින් පසුපෙදෙස කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කිම් කාඩේෂියන් ප්‍රසිද්ධියක් උසුලයි.
එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා ලබා ගන්නා එන්නත් නවතා දමන බව පසුගියදා නිවේදනය කළාය.
සිය ස්වාභාවික දෙතොල් තමන්ට "අනාරක්ෂිත බවක් ගෙන දෙන" නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනකදී පැවසුවාය.
පසුව ඇය 'කයිලි' වෙළෙඳනාමය යටතේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළාය. ඒ අතර කාන්තාවන්ගේ දෙතොල් විශාල ලෙස පෙන්වීම සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන බොහොමයක් දක්නට ලැබේ.
අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේය.
ඇයගේ රූපලාවණ්‍ය ආලේපනවලට ලොව පුරා අති විශාල ඉල්ලුමක් ඇත. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළ කර මොහොතකින් සියල්ල අලෙවි වේ.
කයිලිගේ රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි.
සඟරාවට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඩොලර් මිලියන 320ක් වේ. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වන ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සඟරාව පවසයි.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23 වන විට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර, ඔහුට වඩා අඩු වයසකදී කයිලි අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ.
'ස්නැප්චැට්' නිර්මාතෘ එවන් ස්පීජෙල් ද අවුරුදු 20 පසු කරනවාත් සමගම බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගත් නමුත්, ඔහු ඉලක්කය කරා ළඟා වූයේ කිනම් වසරකදී දැයි පැහැදිලි නැත.
"මගේ පිංතූරය ෆෝබ්ස් සඟරාවේ කවර පිටුවක පළ කරනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි," මිලියන 110ක අනුගාමිකයන් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ කයිලි එසේ සටහන් කර තිබූ අතර, ඇය ෆෝබ්ස් සඟරාවට සිය ස්තුතිය පිරිනමා තිබුණි.
(බීබීසී)

ස්ථාන මාරුව අවලංගු වූ බන්දු : දහම්ගේ මැච් එක බලන්න ඇවිත් !
දහම් සිරිසේන මහතා විසින් පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට ස්ථාන මාරුවක් ලබා පසුව එය අවලංගු වූ කර්නල් රත්නප්‍රිය බන්ධු පැමිණ සිටි බවට සමාජ ජාල වාර්තා පළවේ.
මෛත්‍රිපාල සිරිසේන අභියෝගතා සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලෙස නම් කර තිබු එම තරගාවලිය පසුගිය සෙනසුරාද පවත්වා ඇත.
යුද හමුදාවේ කර්නල් රත්නප්‍රිය බන්ධු මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ සිට අඹේපුස්සට මාරු කල අවස්ථාවේ විශ්වමඩු ප්‍රදේශයේ ජනතාව ඔහුව වැළදගෙන හඩා වැටුන අකාරය සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහකට ලක්විය.
පසුව ජනාධිපතිවරයා විසින් වහාම එම ස්ථාන මාරුව අවංගු කර කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා විශ්වමඩු ප්‍රදේශයේම සේවය සදහා යොදවන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දීම සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රශංසාවටද ලක්විය.

ලෝක ශූර ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ මහත්තයා - "කිලියන් එම්බාපේ"
මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සිටින ජනප්‍රියම ක්‍රීඩකයකු වන කිලියන් එම්බාපේ (Kylian Mbappe), තමන් ලෝක කුසලානයෙන් උපයා ගත් මුළු අදායම ආබාධ සහිත දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.
වයස අවුරුදු 19 ක් වන ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා වන මොහු මෙවර පාපන්දු ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරී පත් වීමෙන් ඩොලර් 22,300 ක් පමණ ලබා ඇති අතර ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමජිකයකුවීම හේතුවෙන් තවත් ඩොලර් 350,000 ක් ලබා තිබේ. මේ අයුරින් ඔහු විසින් ඉපයු එක්සත් ජනපද ඩොලර් 500,000 ක මුළු ආදායම මෙහිදී පිරිනමා ඇත.
යුරෝ මිලියන 180 ක (ඩොලර් මිලියන 159) ක් උපයන පාපන්දු ක්‍රීඩාවේ මිල අධිකම ක්‍රීඩකයා වන බ්‍රසීල ක්‍රීඩක නේමාර් JR ගෙන් පසුව පාපන්දු ක්‍රීඩාවේ දෙවැනි මිල අධිකම ක්‍රීඩකයා වන්නේ ද එම්බාප්පේ ය.

රම්බොට ලිංගික අපචාර චෝදනාවක් !
රම්බෝ චිත්‍රපට පෙළ හරහා ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් වෙත ලිංගික අපචාර චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පලවී ඇත.
ඊට අනුව සිල්වෙස්ටර් ස්ටැලෝන් ට එරෙහිව ලිංගික අපචාර චෝදනා නගමින් ශාන්ත මොනිකා පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එහෙත් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නොමැත.
මේ වන විට 71 වියේ පසුවන මෙම සුපිරි නළුවා තමන් සම්බන්ධව එල්ලවී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් වන අතර කෙසේ වුවත් පැමිණිල්ල ගැන එරට නඩු අධ්‍යයන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන්ය.

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ!
කලහකාරි ගම්වැසියන් පිරිසක් විසින් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගම්වැසියෙක් එම රක්ෂිත භුමියට ඇතුල් වී ඇති අවස්ථාවේ කිඹුල් ප්‍රහාරයකින් මිය ගොස් ඇත. ඒ හේතුවෙන් කෝප වූ ගම්වැසියන් අනෙක් කිඹුලන් මැරීමට යොමු වී තිබේ.
මේ ආකාරයට කිඹුලන් මැරීම වැළැක්වීමට නොහැකි වූ බව එරට පොලිසිය හා බලධාරීන් පවසන අතර ගම්වැසියන් බොහෝ දෙනෙක් මේවනවිට චෝදනාවට ලක් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කිඹුලා ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස ඉන්දුනීසියාවේ හඳුන්වන අතර කිඹුලා මැරීම අපරාධයක් ද වෙයි. ඒ අනුව එරට නීතියට අනුව එසේ කරන පුද්ගලයන් සඳහා දඩයකට හා සිරගත කිරීමටකට යටත් කළ හැකි වෙයි.
රක්ෂිතයට ඇතුල් වූ ගැමියා රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටින අතරතුරදී කිඹුලාගේ ප්‍රහාරයට ලක් වී ඇත.
ඉන්දුනීසියාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණ ආයතනයේ, බටහිර පැපුවාහි ප්‍රධානියා සඳහන් කරන්නේ වැඩ කරන කෙනෙකු හට උදව් ඉල්ලා කෑ ගසන හඬක් ඇසී ඇති අතර ඒ අවස්ථාවේදී ක්ෂණිකව ඒ දෙසට ගිය විට කිඹුලෙකු පුද්ගලයකුට පහර දෙන අයුරු දැක ඇති බවයි.
මේ අවස්ථාව දුටු ගැමියන් කෝප වී තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළු වී කිඹුල් ගොවිපලේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් 292ක් ඝාතනය කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගොවිපොළ සංරක්ෂණ අරමුණු ඇතිව පවත්වාගෙන යන ලද කිඹුලන් බෝකිරීමේ බලපත්‍ර සහිත මධ්‍යස්ථානයක් බවත් සඳහන් වෙයි.

ගායන ශිල්පිනියක් සහ රූපලාවන්‍ය ශිල්පිනියක් රේගු අත්අඩංගුවට !
ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් හා රූපලාවන්‍ය ශිල්පිනියක් විදෙස්ගතව සිට ආපසු මෙරටට පැමිණෙන විට ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ ඔවුන් PowerBank වල සගවාගෙන නීති විරෝධී ලෙස රත්රන් ගෙනඒම නිසාය.
ගෙන ලද රත්රන් කිලෝ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක් පමණ වෙතැයි තක්සේරු කර ඇත.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයක මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

ජේම්ස් පැකර් ව්‍යාපාර අත්හරියි !
ඕස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් සිය ව්‍යාපාරවලින් මුළුමනින්ම ඉවත් වීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජේම්ස් පැකර් පසුගිය කාලය තුළ මුහුණ දුන් ගැටළු රාශියක් හේතුවෙන් දැඩි මානසික ආතතියකට පත්ව තිබීම හේතුවෙන් මෙසේ සියලු ආයතනවලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
ක්‍රවුන් රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ (board of casino operator Crowns Resorts) හිමිකරු වූ පැකර් ඒ අධිරාජ්‍යයෙන් ඉවත්වී දැනට මාස හතරක් පමණ ගතවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
කොන්සොලිඩේටඩ් පෝස් හෝල්ඩිංස් මණ්ඩලයේ 47%ක කොටස් හා එක්සත් ජනපද දේපල වෙබ් අඩවිය වන සිලෝව්, Zillow ආසියානු ඔන්ලයින් රැකියා වෙළඳපොල වන ෂාපින් Zhaopin, ඕස්ට්‍රේලියානු විලාසිතා කණ්ඩායමක් වන PrettyGirl හා විවිධාකාර වූ වත්කම් ද ඔහු සතුව ඇත.
කෙරී පැකර් නම් සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයා ද වන ජේම්ස් පැකර් 50 වන වියේ පසුවෙයි.

හැරී - මේගන් ආදර අන්දරය ගැන චිත්‍රපටයක් !
රාජකීය විවාහය සමඟින් නිර්මාණය කෙරුණු ටෙලි චිත්‍රපටය ගැන මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ඇත.
Harry & Meghan: A Royal Romance නම් වූ එය බංග්ලාදේශ ජාතික අධ්යක්ෂ මෙනාජ් හූදා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එහි ස්කොට්ලන්ත ජාතික නළු මුරේ ෆ්රේසර්, හැරි කුමරු ලෙසත් ජැමෙයිකානු සම්භවයක් සහිත අමෙරිකානු නිළි පරීසා ෆිට්ස් හෙන්ලේ මේගන් මාර්කල් ලෙසත් චරිත නිරූපණය කරනු ලැබේ.
පැය එකයි මිනිත්තු විසිපහක ධාවන කාලයකින් යුතු Harry & Meghan: A Royal Romance චිත්‍රපටය අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රූපවාහිනි නාලිකාවල විකාශය කර ඇත.
මෙහි දිවියෙන් සමුගෙන ගිය ඩයනා කුමරියගේ චරිතය නවසීලන්ත ජාතික නිළි බොනී සෝබර් විසින් ඉදිරිපත් කර ඇත.

පොලිස් ඇඳුම කොට වෙයි !
වැටී තිබෙන සංචාරක කර්මාන්තය නැංවීම සඳහා නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට එහි නගරාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා යෝජනා කර ඇත්තේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියක් ඇතුළත් කිරීමය.
නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ බ්‍රොම්මානා නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම යෝජනාව ගෙනා බවය.
නමුත් නගරාධිපතිවරයාගේ මේ යෝජනාවට එරට දැඩි විවේචනයක් ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිළේ සමලිංගික විවාහයක් !
නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකු වන amy satterthwaite සහ lea tahuhu සමලිංගික විවාහයක් සිදුකරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්තයේ සිදුව ඇති මේ විවාහය පසුගියදා ප්‍රසිද්ධ වුවත් වසරකට අධික කාලයක් තිස්සේ ඔවුන් එකට ජීවත්වූ බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා.
amy satterthwaite නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතු දක්ෂතම පිතිකාරිනියක් වන අතර lea tahuhu සැළකෙන්නේ එම කණ්ඩායම සතු දක්ෂතම වේග පන්දුයවන්නිය ලෙසය. ඇය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 125 ක වේගයකින් පන්දු යැවීමට සමත්.
එසේම අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ එකම කණ්ඩායමක සිටින එකම විවාපත් යුවල ලෙසද සැළකෙයි.

FIFA කුසලානයේ ජපාන ප්‍රතිඵල කියූ බූවල්ලාට වුණදේ මෙන්න
පාපන්දු ලෝක කුසලානයේ ජපානය සහභාගි වන තරග ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කර ප්‍රසිද්ධියට පත් බූවල්ලෙකු ඝාතනය කර සෂිම් නම් ආහාරය සාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හොකීඩෝහි ඔබීරා හි හොකයිඩෝහි අල්ලාගත් දැවැන්ත පැසිෆික් මෙම බූවල්ලා “රේබීයෝ” යන නාමයෙන් හදුන්වා ඇති අතර ප්‍රාදේශීය ධීවරයෙක් වන ‘කිමියෝ අබේ’ රේබීයෝගේ හිමිකරුය.
ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආහාර සඳහා රේබීව විකිණීමෙන් වැඩි මුදලක් ලබා ගත හැකි බැවින් තම ජීවනෝපාය මාර්ගය බූවල්ලාගෙන් ලැබුණ කීර්තියට වඩා වැදගත් බවයි.
රේබීයෝ නම් වූ මොලුස්කාව, වීදුරු බඳුනක් තුළට දමා අනාවැකි පළකිරීම පිළිබද අත්හදා බැලීම් කිරීමෙන් පසු අධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කර ඇත.
ජපානය පාපන්දු කණ්ඩායම කොලොම්බියාව පරාජය කර ලැබු ජයග්‍රහණය මෙන්ම ජල තටාකයේ විවිධ ස්ථානවලට පිහිනීමෙන් ජපානය, සෙනෙගාලය සමග පැවති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන බවට ද අනාවැකි පළ කර තිබුණි.
රේබියෝ නම් බූවල්ලාට අනාවැකි පළ කිරීම සදහා ජල තටාකය තුළට ආහාර කට්ටල තුනක් දමා තිබුණි. 2010 වසරේ ජර්මනියේ සිටි “පොල්” නමැති බූවල්ලෙකු ද මෙවන් අධ්‍යාත්මික බලයක් ඇතැයි විශ්වාස කරමින් පාපන්දු තරග හයක් පිළිබද අනාවැකි පළ කර ප්‍රසිද්ධියට පත්ව ඇත.
බිලේෂා පරණගේ

වසරේ රාජකීය විවාහ මංගල්‍ය
ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් පැවති හැරී කුමරු සහ මේගන් මාකල් විවාහයෙන් පසුව වින්ඩ්සර් නගරය වටා සංචාරය කර ඇත.
මෙහිදී නව යුවල දැකගැනීම සඳහා 120,000 කට අධික පිරිසක් වින්ඩ්සර් නගරයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර පළමුව වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති විවාහ උත්සවයෙන් අනතුරුව නව යුවල මුලින්ම මාලිගය පරිශ්‍රයේ රැස්ව සිටි ආරාධිත සෙනග අතරින් 'ඇස්කොට් ලන්ඩෝ' වර්ගයේ අශ්ව කරත්තයක නැගී සංචාරය කර ඇත.
නව යුවල රැගත් අශ්ව කරත්ත පෙළ වින්ඩ්සර් නගරයේ සංචාරය කර තිබෙන්නේ ඉන් අනතුරුවය.
පහත පළවන්නේ එම විවාහයේ අවස්ථා කිහිපයකි.

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා මියයයි !
අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මියගොස් ඇත.
පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ඔහු මියයනවිට 89 වන වියේ පසුව තිබේ.
ජෝ ජැක්සන් ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනට් ජැක්සන්ගේද පියා වෙයි.
"ලොව පුරා ජනප්‍රිය වූ තරු බිහිකිරීමට තමන් වාසනාවන්ත වීම පිළිබඳව ආඩම්බර වන බව ඔහු මියයාමට පෙර සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

රාජකීය මංගල්‍ය සූදානම් : රසිකයින් මාලිගය වටා වාඩිලයි
බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය අද (19) බ්‍රිතාන්‍යයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදි පැවැත්වීමට නියමිතව ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේගන් මාකල්ගේ පියා විවාහයට සහභාගී නොවන බවද වාර්තා වෙයි.
මනාලියගේ පාර්ශවයෙන් ඇය දේවස්ථානය වෙත රැගෙන ඒම බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර හැරී කුමරුගේ වැඩිමහල් සොහොයුරු විලියම් කුමරුගේ තුන් හැවිරිදි දියණිය චාලට් කුමරිය මල් කුමරියක ලෙසත් ඇයගේ වැඩිමහල් සොහොයුරු සිව් හැවිරිදි ජෝර්ජ් කුමරු මල් කුමරෙකු ලෙසත් පෙනී සිටිමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත.
එසේම මෙම විවාහ උත්සවය සඳහා කිසිඳු දේශපාලනඥයකු ට ආරාධනා කර නොමැති බවත් වින්ඩ්සර් මාලිගයේ දී පැවැත්වෙන සාදය සඳහා ආරාධිතයින් 600 දෙනෙකු සදහා ආරධනා ලැබී තිබෙන බවද වාර්තා වන අතර සාමාන්‍ය ජනතාව අතුරින් 2000කට පමණ ද ඒ සඳහා අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙයි.
http://newstube.lk/gossip?start=126#sigProId921124ac19

Fill T ගේ "මල්ලී" බුකිය කළඹයි !
Fill T විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති "මල්ලී" නම් ගීත වීඩියෝව කෙරෙහි සමාජ ජාලාවන්හි දැඩි අවධානයක් යොමුව ඇත.
නිරුවත හා ලිංගිකත්වය ඉතා වැඩි වශයෙන් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝවට දැඩි විවේචන එල්ල වුවද දින දෙකක කාලය තුලදී ශ්‍රී ලංකාවේ
You tube අංක එකේ පිවිසුම් ඇති වීඩියෝව බවට පත්ව ඇත.
noize tv හරහා මෙම වීඩියෝව අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.
එම වීඩියෝව පහතින් :

එළදෙනුන්ටත් තනපටක්
කිරි එළදෙනුන්ගේ තන බුරුල්ලේ හට ගන්නා දැඩි වේදනාකාරී තත්වය මග හැරීම සඳහා පැරණි කාන්තා තනපටයක් ඇන්දවූ අවස්ථාවක් පිළිබඳ ස්කොට්ලන්තයෙන් වාර්තා විය.
එළදෙනුන්ගේ තන බුරුල්ලේ හටගන්නා එම වේදනාකාරී තත්ත්වය 'මැක්ටිටීස්' ලෙස හැඳින්වේ.
තමන්ගේ එළදෙනක් එම තත්වයට පත්ව වේදනාවට ලක්වීමෙන් වලක්වා ගැනීම සඳහා ස්කොට්ලන්තයේ ජීවත් වන ගොවි යුවලකට අයත් මෙම අපූරු අදහස පහළ වී ඇත.
ගව පැටවා කිරි උරා බොන්නේ තන බුරුල්ලේ ඉදිරි කොටසින් නම් පසුපස කොටසට කිරි එකතු වීමෙන් එළදෙනට දැඩි වේදනාවක් ගෙන දෙයි.
කිරි උරා බොන කොටස හැර අනෙක් කොටස වැසෙන සේ තනපටයක් ඇන්දවීමෙන් තන බුරුල්ලට ඇති වන පීඩනය අවම කිරීම සඳහා මෙසේ තනපටක් භාවිත කළ හැක.
ගොවි යුවලගේ තවත් මිතුරු ගොවියකු වන ඩොනල්ඩ් රොස් මේ පිළිබඳ ඡායාරූප බෙදාහැර තිබේ.
"මම කැමතියි ගොවි ජනයා සමග අලුත් අදහස් හුවමාරු කරගන්න," රොස් පැවසීය.
"මෙම ක්රියාවේ පොඩි හාස්‍යඋත්පාදක ස්වරූපයක්ද දකින්න පුළුවන්."
"තනපටයක් ඇන්දවීමෙන් බලාපොරොත්තු වන්නේ එළදෙන සුව පහසුව සිටීමයි. තනපටයකට භාවිත කරන රෙදි ඉතා මෘදුයි. එයට රබර් පටියක් එක්කොට එළදෙනගේ බඳ වටා සවි කරනවා," යැයි රොස් තවදුරටත් පැවසුවේය.
"තන බුරුල්ලට ඇති පීඩනය අවම කරගන්න අතින් කිරි දොවන්න පුළුවන්. හැබැයි එයින් එළදෙන තවත් පීඩනයට පත් වෙලා කිරි දොවන්න පැමිණෙන පුද්ගලයාට පහර දී තුවාල කිරීමේ අවදානමත් තිබෙනවා."බීබීසී

රුසියා - සෞදි පාපන්දු තරගය අමතක කරවූ ඇය කවුද ?
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු තරඟය වූ සත්කාරක රුසියා - සෞදි අරාබිය අතර තරඟය ගෝල 5-0ක් ලෙස රුසියාව ජයගනිද්දී එහි සිටි ප්‍රේක්ෂිකාවක් වෙත ලෝකයේම ජයාරූප ශිල්පීන්ගේ අවධානය යොමුව ඇත.
ඒ රුසියාවේ ප්‍රකට නිරූපිකාවක් සේම නිල් චිත්‍රපට නිලියක් වන Natalya Nemchinova ය.
මේ ගැන අදහස් දක්වමින් ඇයව සිය කාචයේ සලකුණු කරගත් ජායාරූප ශිල්පීන් සඳහන් කර ඇත්තේ සෞදි තරුණියන් මුහුණ වසාගෙන තරගය නරඹන අවස්ථාවේ සරාගී ලෙස පැමිණි ඇය වෙත තම අවධානය යොමුවූ බවය.
http://newstube.lk/gossip?start=126#sigProIdae27f18d31

සෝනම්ගේ විවාහයේ ඇස ගිය තැන්
පසුගියදා විවාහවූ ජනප්‍රිය බොලිවුඩ් නිලි සෝනම් කපූර්ගේ විවාහ උත්සවයේ වැඩි දෙනෙකුගේ අවධානයට යොමුවූ අවස්ථා කිහිපයක්.
http://newstube.lk/gossip?start=126#sigProId139c6ae2cc
Page 8 of 11