Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කොවිඩ් 19 ආසාදිතයින් 159 දක්වා ඉහළට !

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් අද (03) වන විට 159 දක්වා ඉහළ ගොස් ඇත.

මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිල වාර්තා තහවුරු කර සිටියි.

මෙරට මේ වන විට  සිදුව ඇති මරණ සංඛ්‍යාව 4  කි.

වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වන වන විට රට පුරා ඇඳිරි නීතිය පනවා ඇතත් එය උල්ලංඝනය කළ පුද්ගලයින් 11000ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ලෝකය සැලකීමේ දී කොවිඩ් 19  වෛරසය ආසාදනයවූවන් 1074290   වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 56987  කි. සුවවූ ප්‍රමාණය 226062ක් ලෙසත් වාර්තා වෙයි.