සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක් පරිත්‍යාග කරයි !

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක් පරිත්‍යාග කරයි !
කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ  අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු 'සමගි සහන අරමුදල"මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.
 
අදාල මුව ආවරණ තොගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීමේ අවස්‍ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර,හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,හිටපු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
 
අදාල මුව ආවරණ තොගය ලබා දුන්නේ කොරෝනා උවදුර තුරන් කිරීමට අති මහත් මෙහෙවරක් ඉටු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ ප්‍රයෝජනය සදහාය.

{gallery}samagi-fece{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න