කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්නට ඉඩ දිය යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දැනට මහ බැංකුව විසින් ප්‍රකාශට පත් කර ඇති පියවර ප්‍රමාණවත් නොවන බව පවසන එජාප නායකයා, ඒ සඳහා වහාම ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත්, ඒ පියවර පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි.
ඔහු විසින් අද (05) සමාජ මාධ්‍යය වෙත මුදාහැර ඇති විශේෂ වීඩියෝවක එබව සඳහන් වේ.
''අද අප මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා බොහෝ දිනකින් මුලු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැනටමත් සමාජ දුරස්ථකරණය නිසා ආර්ථිකය දුවන්නේ අසීරුවෙන්, නිෂ්පාදනය, මිළදී ගැනීම, බෙදා හැරීම සියලු කටයුතු වලට මේ තත්වය බලපාලා තියෙනවා..'' යයි පවසන රනිල් වික්‍රමසිංහ, මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඊට ආදාල විසඳුම් කිහිපයක් ද රජය වෙත යෝජනා කර තිබේ.
ඔහු වැඩි දුරටත් මෙසේද පවසයි.
''අපි මේ පසුකරන්නේ තීරණාත්මක අවදියක්..''
''ලෝකය පුරා කොරෝනා වෛරසය පැති යන අවස්ථාවක අපි මේ පසුකරන්නේ තීරණාත්මක අවදියක්. මේ වගේ අවස්ථාවල අපි අදට වඩා හෙට ගැන සිතන්නට ඕනෑ. හෙට ගැන සිතා තීරණ ගන්න ඕනෑ. ඒ නිසා මම තවත් වැදගත් කරුණක් පිළිබඳ ඔබේත්, ආණ්ඩුවේත් අවධානය යොමු කරවන්න කැමතියි.
අද අප මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි. නමුත් මේ නිසා බොහෝ දිනකින් මුලු ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැනටමත් සමාජ දුරස්ථකරණය නිසා ආර්ථිකය දුවන්නේ අසීරුවෙන්, නිෂ්පාදනය, මිළදී ගැනීම, බෙදා හැරීම සියලු කටයුතු වලට මේ තත්වය බලපාලා තියෙනවා.
අපි අපේ රටේ තත්වය ගැන සිතමු. අප විදේශ විනිමය ප්‍රධාන වශයෙන් උපයන ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍රය දෙකම අඩපණ වෙලා. මේ නිසා අපේ විදේශ විනිමය සියයට පණහකින් පමණ පහල වැටෙනවා.
''අපි අපේ රටේ තත්වය ගැන සිතමු. අප විදේශ විනිමය ප්‍රධාන වශයෙන් උපයන ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍රය දෙකම අඩපණ වෙලා. මේ නිසා අපේ විදේශ විනිමය සියයට පණහකින් පමණ පහල වැටෙනවා. ආර්ථිකය කඩා වැටීම නිසා රජයේ බදු ආදායම් පහළ වැටෙනවා. මේ නිසා රජයේ ආදායම් සියයට පණහකින් පමණ පහත වැටෙන්න පුළුවන්.''
ආර්ථිකය කඩා වැටීම නිසා රජයේ බදු ආදායම් පහළ වැටෙනවා. මේ නිසා රජයේ ආදායම් සියයට පණහකින් පමණ පහත වැටෙන්න පුළුවන්.
අපේ විදේශ ණය බොහොමයක් පුද්ගලික බැඳුම්කර මගින් ලබා ගත් ඒවා, ඒවායින් සහනයක් ලබා ගත හැකි මාර්ග තියෙනවාද යන්න විශාල ප්‍රශ්නයක්. මුළු ලෝකයම මේ අර්බුද්යේ ගිලී ඇති නිසා විදේශ ආධාර ලබා ගැනීමත් ලේසි නෑ.
තවත් පැත්තකින් ජනතාවගේ ආදායම් පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. රජයේ හා සංස්ථා සේවකයින්ට, රජයේ විශ්‍රාමිකයන්ට හා සමෘද්ධි ලාභීන්ට වැටුප් හා දීමනා ලැබෙනවා.
මේ මාසයේ පඩි ගෙව්වත් ඉදිරියේදී ?
නමුත් පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සහ ආයතන විශාල අර්බුදයකට මුහුණ දෙමින් යනවා. සමහර ආයතනවලට පඩි ගෙවා ගන්න ක්‍රමයක් නෑ. මේ මාසයේ පඩි ගෙව්වත් ඉදිරියේදී පඩි ගෙවන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.
මේ අතර එදිනෙදා වේල පිරිමසා ගන්නා අය, ස්වයං රැකියා කරන අය ඉතා දුක්ඛිත තත්වයකට පත්වී ඇති බව අප දන්නවා. කිසිදු පිළිසරණක් නැති අයට මාස දෙකක් සඳහා එක් මසකට රුපියල් 5000ක් ගෙවීමට රජය තීරණය කර තියෙනවා. කිසිදු දේශපාලන භේදයකින් තොරව සුදුස්සන්ට ඒ ගෙවීම කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
එවැනි පදනමක් දමා ගැනීමනේ පසුව මුදල් සංසරණය පිළිබඳ අලුත් සැලසුමක් සකස් කර ගැනීමට ආණ්ඩුවට පුළුවන්. එවැනි සැලසුමකදී අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණු කීපයක් මම පෙන්වා දෙන්න කැමතියි.
''පුද්ගලික ආයතන ආරක්ෂා කර ගැනීම වගකීමක්''
# දේශීය ආහාර නිෂ්පාදනය, විදේශයන්ගෙන් ගෙන්වන ආහාර හා ඖෂධ බාධාවකින් තොරව ගෙන්වා ගැනීම, ධීවර හා සත්ව නිෂ්පාදන සැපයුම සහ තේ කර්මාන්තය ඇතුළු අදාළ කර්මාන්ත පවත්වාගෙන යෑම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් මේ සියල්ල කළ යුත්තේ ඒ ක්ෂ්‍රේත්‍රයන්ට සම්බන්ධ සියළු දෙනාම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දෙමිනුයි.
# ඒ වගේම කඩා වැටී ඇති ඇඟළුම්, සංචාරක ආදී ක්ෂ්‍රේත්‍රයන්ට සම්බන්ධ ආයතන වගේම අනෙකුත් පුද්ගලික ආයතන මේ අර්බුදය අවසන් වන තෙක් ආරක්ෂා කර ගැනීමත් වගකීමක්. ඔවුන් මුහුණ දෙන ණය ගෙවීම වැනි ගැටළු ගැන අවධෘනය යොමු කර ඒවායින් ඔවුන් කෙටි කාලයකට නිදහස් කර සහන ලබා දීම වැදගත්.
# පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් සහන ලබා දීමේ වැඩ පිලිවෙලක් වෙනත් රටවල ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳවත් රජයේ අවධානය යොමු විය යුතුයි.
''බැංකු ක්ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් යොමුකල යුතුයි''
# අප අවධානය යොමු කළ යුතු අනෙක් ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ බැංකු ක්ෂේත්‍රයයි. මේ ක්ෂ්‍රේත්‍රය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් . බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යා යුතුයි. ඒවාට සම්බන්ධ සේවක සේවිකාවන් ආරක්ෂා කරගත යුතුයි.
ඒ නිසා වඩාත් පුළුල් හා විවෘත ඇසකින් මේ අර්බුදය දෙස බැලිය යුතු බවත්, අදට වඩා හෙට ගැන සිතිය යුතු බවත් මම වගකිවයුතු පාර්ශවයන්ට පෙන්වා දෙන්න කැමතියි.
ඒ නිසා ආර්ථිකය සම්බන්ධ යෝජනා කීපයක් මම ඔබ හමුවේ තබනවා.
ආර්ථිකය සම්බන්ධ යෝජනා කීපයක් :
1. ආණ්ඩුවට ලැබනේනේ සීමා සහිත ආදායම් නිසා කලින් සම්මත කළ අතුරු සම්මත ගිණුම මේ අර්බුදයට සෑහෙන්නේ නෑ. ඒ නිසා කාලයට ගැලපෙන පරිද්දෙන් අතුරු සම්මත ගිණුම සංශෝධනය කළ යුතු වෙනවා.
2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සැලසුම් අප්‍රේල් මාසයේ මැද දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙහිදී අපට උපරිම සහයෝගය ලබා ගත හැකි පසුබිමක් අප සකස් කර ගත යුතුයි.
3. පවත්නා තත්වයත්, ඉදිරියේ උදාවිය හැකි තත්වයත් සැලකිල්ලට ගෙන මා ඉහත පෙන්වා දුන් ක්ෂ්‍රේත්‍ර ආවරණය වන පරිදි පොදු ආර්ථික සැලැස්මක් සකස් කළ යුතුයි.
මා මේ කරුණු පෙන්වා දෙන්නේ දැනට මහ බැංකුව විසින් ප්‍රකාශට පත් කර ඇති පියවර ප්‍රමාණවත් නොවන නිසායි. ඒ නිසා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසත්, ඒ පියවර පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්නට ඉඩ දිය යුතු නැති බව මම අදාළ සියළු වගකිවයුතු පාර්ශවයන්ට කාරුණිකව පෙන්වා දෙන්නට කැමතියි.''

