අද (23) මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළුන් 30කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුව ඇත.
ඒ ඊයේ (22) වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබළෙකු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමත් සමග සිදුකළ පරීක්ෂණ වලදීය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් කොවිඩ් 19 වසංගතය මැඩීමට පත්කර ඇති ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ ඊයේ හමුවූ ආසාදිත සෙබළා සිටි භට නිවස්නයේ සියළු සෙබළුන් නිරෝධායනයට සහ කොවිඩ් 19 ආසාදිත බව පරීක්ෂා කරන PCR පරීක්ෂණය සඳහා යොමුකළ බවය.
ඒ PCR පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල අද ලැබුණු බවත් ඒ අනූව මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවස්නයේ සිටි සෙබළුන් 30ක් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවත් ඔහු පැවසීය.
ඉදිරියේ අවදානම් තත්වයක් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
මේ අතර කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වනුු ඇති බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.

මේ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ ගොස් ඇත.