නාවික හමුදාවේ කීයකට කොවිඩ්ද ? කවුද ඇත්ත කියන්නේ ?

නාවික හමුදාවේ කීයකට කොවිඩ්ද ? කවුද ඇත්ත කියන්නේ ?
නාවික හමුදාවේ 35 කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රාජ්‍ය මාධ්‍යටත් වඩා ආණ්ඩු හිතවාදීව කටයුතු කරන දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පත වාර්තා කරයි.
 
ඒ අනුව මෙම ප්‍රමාණය මෙතෙක් රජය ප්‍රකාශයට පත්කළ ප්‍රමාණයට වඩා වැඩි ගණනක් වන අතර එය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාත්මකව දක්වන විට කිසියම් ගැටළුවක් ඇති බවක් පෙන්නුම් කරන බවට සාක්ෂියක් ලෙස ගන්නට සිදුවේ.
 
මේ සංඛ්‍යා දත්ත වෙනස් හෝ කිසියම් අතපසුවීමක් සිදුවුවානම් අරුණ වෙබ් අඩවිය හෝ එය නිවැරදි කල යුතු වුවත් එවැන්නක් සිදුව නැති අතර අදාළ පුවත වාර්තා කර ඇති මාධ්‍යවේදියාද එකළ යුද පුවත් වාර්තාකරණයේ නියුතු පළපුරුදු මාධ්‍යවේදියකු බවත් සඳහන් කළ යුතුය.
 
0002
 
කෙසේ වුවත් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ කොවිඩ් ආසාදිත නාවික හමුදා සෙබළුන් ප්‍රමාණය 30ක් ලෙසය.
 
කෙසේ වුවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් මේ දත්ත මීට වැඩි ප්‍රමාණයෙන් වාර්තා කර තිබෙනු දක්නට ලැබිණ.
 
ආරක්ෂක අංශ සේවයට ගත්තේ ආරක්‍ෂිත ඇඳුම්
 
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමේ සිද්ධියත් සමග පොලිසියේ හා හමුදා අංශ සාමාජිකයින් ආරක්ෂිත ඇදුම් නොදී සේවයට යෙදවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට බලවත් විරෝධයක් එල්ල වෙමින් තිබේ.

'ඇමරිකානු ඩොලර් මිලියන 23,000 ක් ලැබුනත් ආරක්ෂිත ඇදුම් නොදී රාජකාරි යොදවා ඇති නිලධාරින්ගේ ජීවිත අනතුරේ' යන ශීර්ෂයෙන් යුතුව lankadawasa.com වෙබ් අඩවියේ විශේෂ වාර්තාවක් ද පළකර ඇත.

කොරෝනා වසංගත තත්වය මර්ධනය කිරීම වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සුවිශාල කාර්ය භාරයක් ඉටුකරමින් සිටියි.

 මෙසේ අවදානම් සහගත රාජකාරියක නියුතුව සිටින ත්‍රීවිධ හමුදාවේ මෙන්ම ලංකා පොලිසියට ආරක්ෂිත ඇඳුම් කට්ටල (personal protection equipment ) සැපයීමට රජය වහාම කටයුතු කටයුතු කළ යුතුව තිබේ.

එසේ නොමැතිව රජය වෙතට මේ වනවිට ලැබී ඇති ඩොලර් මිලියන 23,000 ක පමණ විදේශ මුදල් සියල්ලම රට වෙනුවෙන් වැඩ කරගෙන යාම සඳහා යයි කියමින් බැසිල් රාජපක්ෂට පවරා තිබීම ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් බවද ඉහත වෙබ් අඩවියේ සඳහන් වේ.

 කොරෝනා විශේෂ රාජකාරි සාමාන්‍ය නිල ඇඳුමින් !

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත නාවික සෙබලූන්ට නව කොරෝනා ආසාධනය වී ඇත්තේ ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීම සඳහා වූ මෙහෙයුමේදීය.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරණු දැක් වූ යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ, "මෙම නාවික හමුදා භට පිරිස් පසුගිය දින කිහිපය පුරාවටම ජා - ඇල සුදුවැල්ල ප්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අය නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ රාජකාරීවල යෙදී සිට තිබුණා. එහිදී එහි සිටි ඇතැම් පිරිස් හඳුනා ගැනීම සඳහා ඔවුන් සමග ළඟින් ඇසුරු කරන්නට සිදු තිබීමත් ඇතැම් අය පැන යන්නට කටයුතු කිරීම තුළ ඔවුන් පාලනය කර ගැනීමටත් සිදුව තිබුණා. එහිදී මේ ආකාරයෙන් වෛරසය ආසාදනය වෙන්න ඇති යනුවෙනුයි දැනට සැක කරන." බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න