පීඩාවටපත් ජනතාවට දෙන රු.5000නුත් ආණ්ඩුව ගසා කනවා - හිරන්‍යා හේරත්

 පීඩාවටපත් ජනතාවට දෙන රු.5000නුත් ආණ්ඩුව ගසා කනවා - හිරන්‍යා හේරත්

වසංගතයෙන්  පීඩාවට පත් ජනතාවට රජයෙන්  ලබාදෙන රුපියල් 5000 බෙදීමේදී අක්‍රමිකතා සිදුවන බවත් ඒ සමග ආණ්ඩුව විපක්ෂය නිහඬ කරන්නට ආණ්ඩු පාර්ශවය කටයුතු කරමින් සිටින බවත් නීතිඥ හිරන්‍යා හේරත් පවසයි.

ඇය මාධ්‍ය හමුවේ ඊයේ (24) මේ අදහස් දක්වා සිටියේ වලපනේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදීය.

මේ අතර ඊයේ  දිනයේ වලපනේ ප්‍රාදේශීය සභාව රැස් වූ අවස්ථාවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමක් පිලිබඳ ඇතිවූ විවාදයක් දුර දිග යෑමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තටිගේ විසින් විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් ව සභාවෙන් ඉවත් කිරීමට උත්සහ කල අවස්ථාවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සභාවෙන් පිටතට පැමිණියහ.

ඒ අවස්ථාවේ ප්‍රාදේශීය සභා භුමියේ රැඳී සිටි සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත්  සමඟ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ  වලපනේ තත්ත්වය සඳහන්  කිරීමට සුදානම් වීමත් සමග සභාවෙන් පිටතට පැමිණි සභාපති ආනන්ද හිත්තටිගේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත් මැතිනියට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරන්නට වූ අතර විපක්ෂයේ මන්ත්‍රී එස්. කරුපන් ට මරණ තර්ජනයක්ද සිදු කෙරුණ බව වාර්තා වෙයි.

සිද්ධියෙන් අනතුරුව වලපනේ පොලිසිය වෙත පැමිණි සමගි ජන බලවේගයේ වලපනේ ආසන සංවිධායිකා නිතිඥ හිරන්‍යා හේරත් ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් සටහන් කර ඇත.. 

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිතිඥ හිරන්‍යා හේරත්  කියා සිටියේ විපක්ෂය නිහඬ කරන්නට ආණ්ඩු පාර්ශවය කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම රු. 5000 බෙදා දීමේදීත් අක්‍රමිකතා සිදුවන බවත් මේ අවස්ථාවේ දේශපාලන තර්ක පසෙක තබා මහජනතාව වෙනුවෙන් සියලු දෙනා කටයුතු කලයුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න